| 08/02/2012 |
- ලංකාදීප |
| යාපනයට මහල් 14 ක සුපිරි හෝටලයක් - ආයෝජනය රුපියල් මිලියන 700 ක් |
යාපනයේ අලුතින් ඉදිකරනු ලබන ජෙට්වින්ග් යාල් හෝටලය සදහා මුල්ගල තැබීම... පසුගියදා (03) සිදුකෙරිණ... හෝටලය ජෙට්වින්ග් සමුහ ව්‍යාපාරයේ සහ මර්කන්ටයිල් මර්චන්ට් බැංකු සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ඉදිකෙරේ...
 |
| |
| |
| 08/02/2012 |
- ලංකාදීප |
විපත් ගෙන එන නුපුරුදු ආහාර පුරුදු - මිලින්ද මොරගොඩ www.milindaprashna.wordpress.com |
…විපතට මුල රටට ආවේනික ආහාර පුරුදු හා සංස්කෘතික ලක්ෂණ අමතක කිරීමය. විවිධ යුගවල දී ආක‍්‍රමණිකයන්ගේ ආහාර වලට නැඹුරු විය. දැන් ජාත්‍යන්තරයට විවෘත හෙයින් තවත් නොයෙක් ආහාර මෙහි බහුලය. කාර්ය බහුල සමාජය සොයන්නේ ඉක්මනයි. තමන් ම පිලිවෙලකට නිපදවා, එයින් කොටසක් තම ආහාර ලෙස ගත් යුගය අවසන්ය. එදා ආහාරයට තිබුණේ…
 |
| |
| |
| 05/02/2012 |
- ඉරිදා ලංකාදීප |
| බන්ධනාගාරයේ සිදුවීම ඉදිරියේ සමාජයට පැවරෙන වගකීම - මිලින්ද මොරගොඩ |
බන්ධනාගාරය වැරදිකරුවන්ටය. වරදක් සිදුවී ඇති බව ඔප්පුකරන තෙක් සැකකරුවෝද රක්ෂිත බන්ධනාගාර ගත කරති. එසේ කරන්නේ සැකකරු නිදහසේ සිටීමෙන් යුක්තිය පසිදලීමේ දී බාධා වෙතැයි යන අදහසින්ය. රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙන සැකකරුවන්ට මෙන්ම දඬුවම් විඳින්නන්ට ද ඇත්තේ එක හා සමාන පරිසරයකි…
 |
| |
| |
| 02/02/2012 |
- ලංකාදීප |
බන්ධනාගාරයේ අන්ධකාරය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.wordpress.com |
බන්ධනාගාරය සමාජයේ කැඩපතකි. එයින් පෙනෙන්නේ අපේ පිළිබිඹුවයි. බන්ධනාගාර ගතව සිටින්නේ ජනසමාජයේ එක් කොටසකි. ආගම දහම ගැන ගැඹුරු වැටහීමක් මිනිසුන් වෙසෙන රටක බන්ධනාගාර කුමටද? එය අවාසනාවකි. එයට වඩා අවාසනාව එහි බන්ධනාගාර ගත වූවන්ගේ විලාසයයි. පසුගියදා පුපුරා ගියේ එහි අභ්‍යන්තරය විය නොහැකිද?...
 |
| |
| |
| 01/02/2012 |
- ලංකාදීප |
| වැල්ලවත්තේ පොදු වෙළද පොළ ජනපති අතින් විවෘත වෙයි |
කොළඹ,වැල්ලවත්තේ ඉදිකළ නව පොදුවෙළද සංකීර්ණය... ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ විවෘත කළේය... කොළඹ මහනගර සභාවේ විපක්ෂනායක මිලින්ද මොරගොඩ මහත්වරුද පසෙකින් සිටිති.
 |
| |
| |
| 29/01/2012 |
- ඉරිදා ලංකාදීප |
| අලූත් අලූත් දේ නොතනා දැයේ නැගීමක් අපේක්ෂා කළ නොහැකිය - මිලින්ද මොරගොඩ |
ආණ්ඩු පත්කරන්නේ මහජනතාවයි. මහජන නියෝජිතයෝ මහජනතාව වෙනුවෙන් රට පාලනය කරති. වැඩිදෙනාගේ කැමැත්තටය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය එයයි. තමන් පත් කළ මහජන නියෝජිතයන් තමන්ට අවනතවනු දැකීම මහජනතාවගේ අභිලාශයයි. තම සියලූ උවමනා එපාකම් මැති ඇමතිවරුන් හරහා ඉටුකරගන්නට කැමති කොටසක් සමාජයේ සිටිති. ඔවුහු පාක්ෂිකයෝය. පාක්ෂිකයෝ දේශපාලනඥයන්ට සමීපය…
 |
| |
| |
| 25/01/2012 |
- ලංකාදීප |
| වන්දි ගෙවන්නේ මහජනතාවයි - මිලින්ද මොරගොඩ |
රජයට අයත් ආයතන වැඩි වැටුප් ඉල්ලයි. ආණ්ඩුව ඉල්ලීමට අවනත වී තිබේ. නමුත් ඉල්ලන තරමට ම නොවේ. වැඩකරන ජනතාවට එය ප‍්‍රමාණවත් නැත. තම සේවය පරදුවට තබමින් තර්ජනය කරයි. විරෝධතා, වැඩ වර්ජන රටට හුරු පුරුදුය. ආණ්ඩුවත්, ඉල්ලීම් ඉදිරිපත් කරන්නන් අතර වාද විවාද ගැටුම් ඇතිවෙයි. සේවා බිඳ වැටේ. අපහසුතාවයට පත්වන්නේ මහජනතාවයි…
 |
| |
| |
| 18/01/2012 |
- ලංකාදීප |
| අධ්‍යාපනය හා දේශපාලනය - මිලින්ද මොරගොඩ |
ජාත්‍යන්තර සමාජය ගත කරන්නෙ පරිවර්තන යුගයක. මේ යුගයේ මෙවලම දැනුම. තොරතුරු ගැන දැනුම අවබෝධය නැතිනම් පැවැත්මක් නැහැ. දැනුම සොයා ගෙන යන්නේ ඇත්තේ තරගයක්. බුද්ධිමත්ව දැනුම ආයෝජනය කරන රටවල් දිනනවා. පුද්ගලයෝ ජය ගන්නවා…
 |
| |
| |
| 15/01/2012 |
- ඉරිදා ලංකාදීප |
| ගොවිපොලේ පෙරැළියකට මග සදන සුපිරි පලතුරු - මිලින්ද මොරගොඩ |
වසරක් උදාවීම අලූත් ආකල්ප වලට අවස්ථාවක්. කාලය සමග මුහුණ දෙන්නට සිදුව ඇති අභියෝග ගැන ජාත්‍යන්තර සමාජය අවධානයෙන්. කාලය වෙනස් වන නමුත් උත්තර දෙන්න සිදුවන ප‍්‍රශ්න එදාට වඩා සංකීර්ණයි. පසුගිය කාල පරිච්ඡ්දයෙන් එකතු වූ ගැටලූ වර්තමානයටත් පොදුයි. ජනගහනය වැඩිවෙනවා. ආහාර සැපයිය යුතුයි…
 |
| |
| |
| 11/01/2012 |
- ලංකාදීප |
| දේශපාලනය සහ ප‍්‍රචණ්ඩත්වය - මිලින්ද මොරගොඩ |
කහ ඉර තියෙන්නෙ පාර මාරුවෙන්න. ඒක නීතියක්. නීතිය කැඩුවොත් දඩ. පාරෙ කෙළ ගහන්නත් තහනම් කරන්න යනවා. අධික ශබ්ධයෙන් හෝන් ගහන රියැදුරන්ටත් දඬුවම් කරන්න සූදානම. ඇයි මේ? රට යහපත් තැනක් කරන්න. අනුන්ට කරදරයක් නැති සමාජයක් හදන්න. මහජනතාව පමණක්?...
 |
| |
| |