09/07/2023 - දේශය
නවදිල්ලි විවේකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
 
නවදිල්ලි විවේකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

නවදිල්ලියේ පිහිටි බෞද්ධ වන්දනාකරුවන් සදහා වූ විවේකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පසුගියදා එහි ප්‍රගතිය නිරීක්ෂණය කළේය. මහ කොමසාන්ස්වරයා ඇතුළු පිරිස තාක්ෂණික නිලධාරීන්. සමඟ අලුත්වැඩියා කටයුතු ගැන විමසන අන්දම ඡායාරුපයේ දැක්වේ.

ඉන්දියාවේ පුජනීය සිද්ධස්ථාන වැඳපුදා ගැනීම සඳහා ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙනත් රට වල වන්දනාකරුවන් විශාල පිරිසකට වඩා හොඳ සේවාවක් ලබාදීම සඳහා ගොඩනැගිලි පය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවය අනුව මෙහි ඉදිකිරීම් අරඹා ඇති අතර මහ කොමසාරිස්වරයා නවීකරණ කටයුතු වල යෙදී සිටින තාක්ෂණික නිලධාරීන්ට, බැතිමතුන්ට උපරිම පහසුකම් හා ආරක්ෂාව සැලසිය හැකි පරිදි ප්‍රමිතිය නැංවීමට උපදෙස් දුන්නේය. ඉදිකිරීම් සඳහා වැය වන මුදල් සම්පූර්ණයෙන්ම විවේකාගාරයෙන් ලැබුණු ආදායමෙන් ආවරණය වන අතර ශ්‍රී ලංකාවේ මුදල් වැය නොකෙරේ.

නවදිල්ලි ප්‍රධාන දුම්රිය ස්ථානයට ඉතා ආසන්නව පිහිටා ඇති මෙම විහාරය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යටතේ පාලනය වන අතර අලුත්වැඩියා කටයුතු වලට පසු ඉතාම අඩු මුදලකින් වන්දනාවේ පැමිණන බැතිමතුන්ට නවාතැන් සහ ආහාර පහසුව ලබාගත හැකිවේ.

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.