11/11/2023  
මිලින්ද මොරගොඩ මාතර සංවාද ශීලී හමුවක්
 
කරදුවේ ජිනරතන හිමිපාණන් වහන්සේට මොරගොඩ මහතා ප්‍රකාශයට පත් කළ කෘතිය පිළිගැන්වීම
 
මාතර මහා මන්තින්ද පුරාණ විහාරයේ නායක තිස්සමහාරාමේ ඉන්දානන්ද හිමියන් මුණ ගැසීම
 
මිලින්ද මොරගොඩ මාතර සංවාද ශීලී හමුවක්
 
ලක්ෂ්මන් යාපා පදනම වැඩසටහන සංවිධානයකර තිබූ සංවාද ශීලී හමුව

ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් සේවය කර නැවත කොළඹට පැමිණ සිටින මිලින්ද මොරගොඩ මහතා වත්මන් තත්ත්වය සාකච්ඡා කරන සංවාදශීලී වැඩසටහනකට පසුගියදා සහභාගි විය. මාතර පැවති මෙම වැඩසටහනට විද්වත් වෘත්තිකයන් කණ්ඩායමක් සහභාගි වී සිටියහ.

ලක්ෂ්මන් යාපා පදනම වැඩසටහන සංවිධානය කර තිබුනි. ආර්ථික අර්බුදයෙන් මිදී සංවර්ධනය කරා යන ගමනේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සහභාගි වූ පිරිස් මෙහිදි අදහස් දැක්වූහ.

මාතර මහා මන්තින්ද පුරාණ විහාරයේ නායක තිස්සමහාරාමේ ඉන්දානන්ද හිමියන් ද මුණ ගැසුණු මිලින්ද මොරගොඩ මහතා සිය රාජකාරි කාලවකවානුවේ කටයුතු පැහැදිලි කළේය.

දහවෙනි සියවසට අයත් මාතර තෙලිජ්ජවිල කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ ඉපැරණි බිතුසිතුවම් ප්‍රතිස්ථාපනය කරන කටයුතු ද මොරගොඩ මහතා නිරීක්ෂණය කළේය. කරදුවේ ජිනරතන හිමිපාණන් වහන්සේ ද මෙහි දී මුණ ගැසුණු අතර මොරගොඩ මහතා ප්‍රකාශයට පත් කළ කෘති මෙහි දී හිමිපාණන්ට පිරිනැමීය.

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.