» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/06/2023 - ඉරිදා ලංකාදීප
මවුන්ට්බැටන් පිරිනැමූ චෝල යශ්ඨිය අලූත් පාර්ලිමේන්තුවට

අලූත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකරන ලද ඉන්දියාව පසුගිය සතියේ එහි කටයුතු නිල වශයෙන් ඇරඹීය. පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හා ඒ අවට තවමත් පවතින බි‍්‍රතාන්‍ය යටත් විජිත ලක්ෂණ ක‍්‍රමයෙන් ඉවත්කර සිය අනන්‍යතාව ගොඩනගන පුලූල් සැලැස්මක තවත් පියවරක් වශයෙන් මෙය නිරීක්ෂණය කළ හැකිය. පැරණි ගොඩනැගිල්ල 1927 දී එඞ්වින් හා හර්බට් යන බි‍්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකු ගේ නිර්මාණදායකත්වයෙනි ඉදිකර තිබුණි.

මෙම සියවස ඉන්දියාව අණසක පතුරවන මොහොතක් බවට පත් කරගෙන තිබේ. විශාල ජනගහනය, දැවැන්ත ආර්ථිකය, විශාලතම ආහාර නිෂ්පාදකයා පමණක් නොව ලෝකය පුරා විහිදී ඇති ඉන්දීය සම්භවයක් ඇති පිරිස ඉන්දියාවේ ශක්තිය විදහා දක්වන අංශ කිහිපයකි.

පැරණි යටත් විජිත සංකේත උදුරා දමමින් අද්විතීය ඉන්දියාවක් ගොඩනගන වෑයම තුළ පවතින අන්තර්ගතය අධ්‍යයනය කිරීම වැදගත්ය. අලූත් පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ප‍්‍රවේශ ස්ථානවල ඉන්දියාවේ ඓතිහාසික සිද්ධි දක්වයි. පාරිලිමේන්තුවේ ආසන අර්ධකවාකාරව ස්ථාපිතකර ඇත. රාජ්‍ය සභාව ජාතික පුශ්පය වන නෙළුම් මල ආකෘතියට සකස් කර ඇති අතර ලෝක් සභාව ජාතික පක්ෂියා වන මොනරා ආකෘතිවන සේ නිර්මාණය කර තිබේ. අලූතින් ඉදිකරන ලද ගොඩනැගිල්ල පැරණි පාර්ලිමේන්තුවට සාපේක්ෂව හතර ගුණයකින් විශාලය.

පාර්ලිමේන්තුව අවට ප‍්‍රදේශය ද නවීකරණයකට ලක් කෙරේ. ජනාධිපති මන්දිරය වන ‘‘රාශ්ඨපති භවන්’’ සිට ‘‘ඉන්දියන් ගේට්’’ දක්වා කිලෝ මීටර් තුනක දුරක් නවීන සංවර්ධන ව්‍යාපෘතියට අයත්ය. ඉදිකිරීම් 2026 වසර දක්වා සිදුකෙරෙනු ඇති බව දැක්වේ. සම්පූර්ණ ව්‍යාපෘතියට ඇස්තමේන්තු කළ මුදල ඉන්දියන් රුපියල් කෝටි විසි දහසකි. ඇමරිකානු ඩොලර් වලින් බිලියන දෙකක් පමණ විය හැකි බව දළ වශයෙන් දැක්වේ. මෙම සැලසුම් සමග නවදිලිල්යේ ඇති පෞරාණිකභාවය අහිමිවන අතර බවට ප‍්‍රශ්නයක් ඇතිවිය. පැරණි රාමුවේ ජීවත්වීමට කැමැති විද්වත් වෘත්තිකයන් හැටදෙනෙකු වෙනස්කම් අනුමත නොකරන බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිඛිත සංදේශයකින් දැනුම් දුන්නේය. ආණ්ඩුවට විරුද්ධව පාර්ශව ගණනාවක් අධිකරණයට ද පැමිණිලි කළේය. කෙසේ වෙතත් ඉන්දීය ශේෂ්ඨාධිකරණය මෙම සංවර්ධන කටයුත්ත අතහැර දැමිය නොහැකි බවට තීන්දු කළේය.

අලූත් පාර්ලිමේන්තුව මෙතෙක් භාවිතා කළ සෙංකෝලය ඉවත්කර ඇති අතර අලූතින් සෙංගෝලය හ`දුන්වා දී තිබේ. සෙංකෝලය අධිරාජ්‍යවාදී පාලනයේ සංකේතයකි. සෙංගෝලය ඉන්දියාවේ චෝල අධිරාජ්‍ය කාලයේ දී අලූත් පාලකයෙකුට බලය පැවැරෙන විට පිරිනමන ලද සංකේතයකි. රන් කැටයම් කළ යශ්ඨියක් වන අතර අලූත් පාර්ලිමේන්තුව එය භාවිතා කිරීම අරඹා ඇත. බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර මවුන්ට්බැටන් සාමිවරයා ඉන්දියාවට නිදහස පිරිනැමීම සංකේතවත් කරමින් මෙම ඉන්දියාවේ පැරණි කෞතුක භාණ්ඩයක් වූ එය ආපසු භාර දෙන ලදී. යශ්ඨිය භාරගත් පළමු අගමැති ජවහලාල් නේරුහ් මහතා ඉන්දීය කෞතුකාගාරට භාර දී ආරක්ෂා කර තිබුණි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවට අනන්‍ය සංස්කෘතික සංකේතය වශයෙන් තෝරා ගන්නේ එම යශ්ඨියයි.

පාර්ලිමේන්තුව විවෘත කිරීමට තෝරාගත් දිනයය ද, අධිරාජ්‍යවාදීන්ගේ ප‍්‍රතික්ෂේප කිරීමට ලක් වූ ධමෝදා සවර්ත‍්‍රා ගේ ජන්ම දිනයයි. ඉන්දියාවේ නිදහස් අරගලය තුළ සවර්ත‍්‍රා වෙනස් මතයක් දරන ලද චරිතයකි. ජීවිත කාලයෙන් වැඩි කොටසක් අධිරාජ්‍යවාදීන්ගේ ගැහැට මැද හිරබත්කමින් සිටි හෙතෙම, සටන්කර බි‍්‍රතාන්‍යයන් පලවා හැරීමෙකින් හැර නිදහස ලබාගත නොහැකි බවට විශ්වාසය පසුවිය. ගාන්ධි ඇතුළු පිරිස අවිහිංසා මාර්ගය තෝරාගන්නා විට ධමෝදා සවර්ත‍්‍රා අනෙක් අන්තය තෝරාගෙන සිටියේය. සවර්ත‍්‍රා ගේ ජන්ම දිනයේ පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් යටපත් වූ හැ`ගීම් මතු පිටට ගෙන තිබේ. මෙතෙක් කොන්කර දමා තිබුණ චරිත මතුකරන ප‍්‍රවණතාවයක් වත්මන් ඉන්දියාවේ ඇත. සර්ධාර පතෙල් පිළිරුව, ගුජරාට් හි නර්මදා නදිය අසබඩ ලෝකයේ උසම ප‍්‍රතිමාව වශයෙන් ඉදිකළ මෝදි අගමැතිවරයා ඉන්දියා ගේට් හි තිබුණ සෙබල සංකේතය ඉවත්කර සුභාෂ් චන්ද්‍රභෝෂ් ප‍්‍රතිමාවක් ස්ථාපිත කළේය. ඔහු ධමෝදා සවර්ත‍්‍රා ගේ අනුගාමිකයෙකු සේ සැලකේ. දෙවැනි ලෝක යුද්ධය අවස්ථාවේ දී ජපානය හා එකතු වී අධිරාජ්‍යවාදීන් පරාජය කර නිදහස දිනාගත යුතු බව සුභාෂ් චන්ද්‍රභෝෂ් ගේ මතය වී තිබුණි. අධිරාජ්‍යවාදී ග‍්‍රහණයට හසුවී තිබුණ රටවල් බි‍්‍රතාන්‍ය හා එකතු වී සිටි අතර ඉන්දියාව සටන් කළ යුතු අධිරාජ්‍යයාට එරෙහිව බවට කළ එම අදහස හේතුවෙන් සුභාෂ් ඇතුළු මතධාරීහු, අවිහිංසංවාදී නිදහස් ව්‍යාපාරයේත්, බි‍්‍රතාන්‍යයේත් ද්‍රෝහියෙකු සේ සැලකිණ. ඉන්දියාවේ සිදුවන අලූත් පරිවර්තනය තුළ යටගියාව අලූතින් චිත‍්‍රණයවන අතර, රදල පැලැන්තියේ හා නිදහස් ව්‍යාපාරයේ නොසැලකීමට ලක් වූ චරිත ඉදිරියට ගනිමින් සිටී. පාර්ලිමේන්තුව ඉදිකිරීම, එහි සංකේත, ඉන්දියාවේ චින්තනය හසුරුවන ආකාරය අනුව මෙම කරුණු පැහැදිලිවේ.

ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපතිධුරයට පත් වූ පසු දැනට ඇති අලූත් පාර්ලිමේන්තුව ජපානයේ ආධාර ඇතිව ඉදිකරන ලද අතර ප‍්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජෙෆ්රි බාවා මහතා ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනගන්නට උත්සාහ කළේය. එහෙත් අධිරාජ්‍යවාදීන්ගේ ග‍්‍රහණයෙන් ගැලවෙන්නට අදටත් හැකියාවක් ලැබී නැත. ශ‍්‍රී ලංකාවේ නිදහස් සටන තුළ සර්වත‍්‍රා, පටෙල්, හෝ සුභාෂ් වැනි චරිත හමු නොවේ. අදටත් පරිපාලන, අධ්‍යාපන හෝ යුක්තිය පසි`දලීමේ කටයුතුවලට පවා රාමුව බි‍්‍රතාන්‍ය ලක්ෂණ බව පෙන්වා දිය යුතුව ඇත. ශ‍්‍රී ලංකාවේ අලූත් පරපුර අනන්‍යතාවයකට බලකරමින් සිටී. පවතින මතවාද තුළ එය හ`දුනාගත හැකිය. ජාතික, ආගමික හා සමාජ නායකයෝ නොයෙක් තර්ක ඉදිරිපත් කරති. නමුත් සමාජයට කාවදින අර්ථවත් සංස්කෘතික හා සමාජ ව්‍යාපාරයක් ගොඩනගාගන්නට අසමත්ව සිටී.