» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/05/2021 - ඉරිදා ලංකාදීප
බටහිර බෙංගාලය සමග ඇත ඓතිහාසික බැඳීම

වැඩිම ජනගහනයක් සහිත ඉන්දියාවේ ප්‍රාන්ත අතර හතරවැනි තැන බටහිර බෙංගාලයට හිමිවෙයි. එහි ජනගහනය මිලියන අනූවකට මදක් වැඩි බව දැක්වෙයි. සෑහෙන සමාජ ආර්ථික වටපිටාවක් සහිත ප්‍රාන්තයකි බටහිර බෙගාලය ශ්‍ර ලාංකිකයන්ට වැදගත් ස්ථානයකි . විජය කුමාරයා ගේ පැමිණීම අලුත් යුගයක් ආරම්භ වුන ස්ථානයකි. තපසසු භල්ලුක වෙළඳ දෙබෑයෝ මෙම දූපත වානිජ කේන්ද්‍රස්ථානයක්බව පෙන්වා දෙයි. අශෝක රජු කාලිංග යුද්ධ යේදී යතාර්ඛථය අවබෝධ කරගෙන ධර්මය දෙසට නැඹුරුවෙයි. මෙම සිද්ධි වලට බටහිර බෙංගාලය සමග සම්බන්ධය. එහි අභ්‍යන්තරය අවබෝධ කරගැනීම හා අනාගත යේ යොමුවිය යුතු පැති සලකා බැලීම වැදගත්.

බටහිර බෙංගාල ප්‍රාන්තය බංගලා දේශය, නේපාලය හා භූතානය යන රටවල් තුනකට මායිම් වී තිබේ. අතීතයේ ඉන්දියාව පාලනය කළ වංග, මෞයුරන්, ගුප්ත වැනි යුග වලට බෙංගාලය සමග සම්බන්ධයක් තිබේ. බටහිර බෙංගාලයේ ප්‍රධාන නගරය කොල්කටාව යි. 2001 වසර තෙක් එය හැඳින්වෙන්නේ කල්කටාව වශයෙනි. නැගෙනහිර ඉන්දියාවේ වානිජ, කර්මාන්ත හා සන්නිවේදන කේන්ද්‍රය වශයෙන් සැලකෙන කොල්කටාව ප්‍රධාන වරාය මෙහෙයුම් මධ්‍යස්ථානයකි. ඓතිහාසික සහ ගෘහ නිර්මාණ පසුබිම අනුව ඉන්දියාවේ සංස්කෘතික නගරය වශයෙන ද හැඳින්වෙයි. ඉන්දියාවේ ජාතික කෞතුකාගාරය සහ ජාතික පුස්තකාලය ස්ථාපිත කර අත්තේ අගනුවර වන නව දිල්ලි නගරයේ නොව කොල්කටා නගරයේ ය. එය මෙම ප්‍රාන්තය සතු වැදගත් කම අනාවරණය කරයි.

ඉන්දියන් උප මහා ද ්වීපයට බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු ප්‍රවේශවෙන්නේ වෙළඳ සමාගමක් වශයෙනි. නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම ඉන්දියාවේ ස්ථාන දෙතුන් පොලක කාර්යය කරගෙන යන නමුත් අවසානයේ දී මූලස්ථානය පිහිටවා ගන්නේ කොල්කටාවේය. එම සමාගම පසුව ඉන්දියාවත්එ යින් ඉනික්බිති ලංකාවත් යටත්කරගන්නට සමත්විය. නිදහස් සටන සඳහා පිඹුරුපත්සැකසෙන අතර බෙංගාලි ප්‍රදේශය තුළ අධිරාජ්‍යවාදී විරෝධතා ඇවිලෙයි.

එහි අනතුර දකින අතරතුර ඉන්දියාව පාලනය කරන අලුත්ආ කෘතියක පහසුව තකා දිල්ලිය ප්‍රධාන පරිපාලන නගරය බවට පත් කර ගත්තෙ ය. බෙංගලි ආශිතව විසූ බුද්ධි මණ්ඩල හා කලා සාහිත්‍ය අංශවල ප්‍රධානීන්ගේ වියත් දායකත්වය ඉන්දීය නිදහස් සටනේ දී කැපී පෙනෙන සාධකයකි. 1947 දී බෙංගාල් ලියැවිල්ලට එහි ව්‍යවස්ථාපිත මණ්ඩලය හා මහජන නියෝජිතයන් ඡන්දය ප්‍රකාශ කළ අතර එය බටහිර හා නැගෙනහිර වශයෙන ් කොටස් දෙකට බෙදෙන්නට හේතුවිය. මුස්ලිම් බහුතරයක් සිටි ප්‍රදේශ වෙන්වී පකිස ්තානය නිර්මාණය වූ අතර පසුව විශාල ගැටුමකට පසු පකිස්තානයෙන් වෙන්ව කොටස අද බංගලා දෙ ්ශය යනුවෙන් හැඳින්වෙයි.

බටහිර බෙංගාලය ලංකාවේ සමාජ, සංස්කෘතික හා ආගමික සබඳතාවලට මුල් වී ත ිබේ. මෙම වෙසක ් මාසයේ දී අලුත්මානයක ින් බටහිර බෙංගාලය දෙස බැලීමට එය සාධකයක් බව සඳහන් කළ ය ුතුය.

විජය කුමාරයා ඇතුළු පිරිවර තම්මැන්නාවෙන් ගොඩබසින ලද බව ඉතිහාසය දක්වයි. ඉන්දියාවෙන ් පැමිණ ලංකාව වාසස්ථානය සඳහා තෝරාගත ් පළමු පිරිස වශයෙන් සඳහන් කළ හැකිය. ඔඩිස්සාවේ සිට එම පිරිස පැමිණ ඇත. එය එවකට බෙංගාලයේ කොටසක ි. බ ුදු රජාණන් වහන්සේ ගේ කේශ ධාතු රැඟත් තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් එන්නෙ ් ඉන්දියාවේ පැරණි කාලිංග ප්‍රදේශයෙන ්ය. වෙළඳාමට පැමිණි මෙම වෙළඳුන් ගෙන ආ කෙ ්හ ධාතු නිධන් කොට ගිරිහඬ ු සෑය ඉදිකර ඇත. දන්තධාතුව වැඩමවන දන්ත හා හේමමාලා කුමර කුමරියන් ගමන අරඹන්නෙ ් කාල ිංග රටින්ය. එම ස්ථානය අද ඔඩිස්සා ප්‍රදෙ ්ශයයි. ඉත ිහාසය ගවේශණය කරන පිරිස පෙන්වා දී ඇත ි පරිදි බටහිර බෙංගාල සහ ඔඩිස්සා ප්‍රදෙ ්ශ සමග ලංකාවේ බැඳීම අවම වශයෙන් සහශ්‍රක තුනක් දක්වා ඈතට විහි දී යයි. බි්‍රතාන්‍ය ජාත ිකයන් ඉන්දියාව යටත ් කරගත ් පසු එහි බටහිර අධ්‍යාපන ක්‍රම ස්ථාපිත කරන පියවරගනී.

කල්කටාවේ සහ බොම්බායේ විශ්ව විද්‍යාල පිහිට ුවන අතර එය විශාල බලපෑමක් ඇති කරනත ීරණයක් බව පෙනේ. බෙංගාල යේ සිටි විද ්වත්හු පෙරදිග දර්ශනය නොනැසෙන පරිදි අධ්‍යාපනය කරගෙන යන පියවර ගත ්හ. ස්වදෙ ්ශීක කෘත්‍ය අමතක නොකළහ. වැර වෑයමෙන් එයට අවස්ථාව ගත ්හ.

රබීන්ද්‍රනාත් තාගෝර් මැති තුමා පවත්වාගෙන ග ිය ශාන්ති නිකේතනය එයින් එක තැනකි. නිදහස ලබන කාලවකවාන ුවේ දී පමණක නොව එයින පසු කාලයේ පවා ලාංකිකයෝ එහ ි අධ්‍යාපනය ලබා ඇත. කලාව සහ සාහිත්‍ය හදාරන ලදහ. සංගීතය හා නර්තන අංග පුහුණු වී විශිෂ්ඨ දස්කම් පෙන ්නුම් කළහ. එයින් රටට විශාල පිටිවහලක් ලැබී ත ිබේ. රබීන්ද්‍රනාත් තාගෝර් තුමන් අවස්ත තුනක දී ලංකාවට පැමිණ ත ිබේ. 1922 වසරේ පළමු වතාවට පැමිණි ඇත. කොළඹ, ගාල්ල, මහනුවර හා යාපනය ප්‍රදේශවල සංචාරය කර ත ිබේ. ආනන්ද, මහින්ද, ටිනිටි සහ යාපනය මධ්‍ය විද්‍යාලයෙහි දෙ ්ශන පවත්වා ත ිබේ.

2022 වසරේ දී තාගෝර් ශ්‍ර ලංකා සම්බන්ධතාවයට ද සිය වසරක් සම්පර්ණවීම විශේෂත ්වයකි. අනගාරික ධර්මපාල තුමන් ගෙ ් සේවය ද මෙහි දී සිහිපත් කල යුතුය . පරම විඥානාර්ථ සමාගම පිහිටුවා ගත ් එතුමා ඔල්කොට් තුමන් ඇතුළු එතෙර මෙතෙර ලැදියාවක් ඇත ි පිරිස් සමග එකත ුවී බෞද්ධ ප්‍රබෝධයක් ඇත ි කරනු සඳහා ක්‍රියා කළේය. එතුමෝ පළම ුවෙන් කල්කටාවට ගොස් ඇත ි අතර එහි අන්‍යාගමිකයන් සතුව ත ිබ ුණ ගෞතම බුදුන්වහන්සෙ ් ගේ ජීවිතයට සම්බන්ධ ස්ථාන එක ින ්එක නිරාකරණය කර උරුමට තහවුරු කරගෙන ත ිබේ. වාරානාසි, කුෂිනගර්, ලුම්බිණි ඇතුළු තැන් වල අතීතයේ බෞද්ධ උරුමය නැවත ප්‍රත ිශ්ඨාපනයට පියවර ගෙන ඇත.

ඉන්දියාව සමග සම්බන්ධතා පවත්වන සෑම අවස්ථාවක දීම පැරණි යටගියාව අමතක කරන අතර මෑත කාලයේ ස්ථාන වලට අවධානය යොම කෙරේ. නවදිල්ලය හෝ තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ ඉතාම ප්‍රමුඛ අවධානයට ලක් විය යුතු තැන් නොවේ. ඒවා රාජ්‍යතාන්ත්‍රික විය හැකිය. දේශපාලන රාමුව අනුව නවදිල්ල යේ පරිපාලනය හෝ තමිල්නාඩවේ දෙමළ ජනතාවගේ හඬ විශාල බලපෑමක් කරන හේතුවක් විය හැකිය. මෙම ස්ථාන දෙක ගැන පුලුල් අවධානයක් දක්වන අප සියළු දෙනාටම අවශ්‍යයෙන්ම තිබිය යුතු සම්බන්ධතා මග හැරී තිබේ. විජයාගමනය දෙරට අතර ජන පර්යටනයේ සංධිස්ථානයක. තපස්සු සහ භල්ලුක වෙළඳ දෙබෑයන්ගෙ කාර්යය අමතක කළ හැකිද? බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටිය දී පිරිනමන ලද කේශ ධාතු සහිත ස්ථානය අපගේ ගෞරවයට ලක්වෙන්නේ නැත. දියවඩන නිලමේ තනතුරක් කෘතීමව බිහි කර දළදා මාලිගාවේ පැවත්ම ඔවුන්ට රිසි පරිදි සකස් කරන්නේ අධිරා්‍යවාදී පාලකයන්ය. විශාල අවධානයක් දළදා මාලිගවට ලැබී තිබේ.

කේශ ධාතු නිධන් කර ඇතිි ස්ථානය ගැන බෞද්ධ ජනතාවගේ අවධානය අඩුවන හේතුව කුමක්ද? වෙළඳ දෙබෑයන් පැමිණි ගමන් මග ඔවුන් විසු බෙංගාලය ගැන උනන්දුවක් ඇති වෙන්නට පුලුවන්කමක් නැත. අනෙක්හි අතට සාහිත්‍ය ප්‍රබෝධය ඇති කරන ලද ශාන්ති නිකේතනය අමතක කළ හැකිද? එහි අධ්‍යාපනය හදාරා ශ්‍රි ලංකාවේ සාහිත්‍ය ප්‍රබෝධය ඇති කරන ලද විශිෂ්ඨයන් දෙස මෙහි දී ආපසු හැරී බැලීම අවශ්‍යය.

මෙම වෙසක් සමයේ ආකල්ප වෙනස් කරන පිළිවෙතකට යා හැකිය. ජාතික හා ආගමික උරුමය ලැබූ තැන් ගැන අවධානය යොමු කළ හැකිය. සමාජ සංස්කෘතික පැවැත්මට බලපෑමක් කළ සුවිශේෂ ස්ථාන ගණනාවක් ඉන්දියාවේ තිබේ. එහෙත ඒවා නවදිල්ලි හෝ තමිල්නාඩු වෙන් බැහැරය. මෙම අනන්‍යතා සහිත ස්ථාන වලට වැඩි අවධානයක් යොමු කළ හොත් යහපත් ආර්ථික අවකාශයක් නිර්මාණය වෙයි. වසංගත තත්ත්වය සමග ඉන්දියාව ඉතාම බරපතල පීඩාවකට පත්ව සිටී. ජන ජීවිතය අකර්මණය වී තිබේ. මුළු ලෝකයේම තත්ත්වය යහපත්වන සේ ප්‍රාර්ථනා කරමින් සෙත් පැතීම බෞද්ධ අපගේ යුතුකමකි. රතන සූත්‍ර දේශනාව සඡ්ඡායනා කිරීම ඉතාම සුදුසු බවට මහා සංඝරත්නය අනුහාසනා කර ඇත. බුදු රජාණන් වහන්සේ ගේ ඉපැදීම, බුදුවීම හා පිරිනිවණ මෙනෙහි කර කටයුතු කරන ලාංකේය බොදුනුවන් මෙම වෙසක් මාසයේ දී අධිශ්ඨානශීලීව ක්‍රියා කිරීම වැදගත්ය