මිලින්ද ප‍්‍රශ්න. කොම් කෘතියක් වශයෙන් නිකුත් වෙයි
 
මිලින්ද ප‍්‍රශ්න. කොම් කෘතියක් වශයෙන් නිකුත් වෙයි

ලංකාදීප පුවත්පතේ සතිපතා පළ කරන මිලින්ද ප‍්‍රශ්න . කොම් තීරු ලිපිය කෘතියක් වශයෙන් නිකුත් වීය.

මිලින්ද මොරගොඩ මහතා 2012 වසරේ සිට විවිධ මාතෘකා ඔස්සේ ලියන ලද තිරු ලිපි වලින් සියයක් මෙම කෘතිය සදහා තෝරා ගෙන ඇති අතර ජ්‍යෙෂ්ධ් මාධ්‍යවේදී දිවයින ආරම්භක කර්තෘ එඞ්මන්ඞ් රණසිංහ මහතා සමග නිහාල් වික‍්‍රම එදිරිසූරිය මෙම විචාරය පවත්වයි. තීරු ලිපියක් වශයෙන් පුවත් පතට ලියන අතර ඒ වෙනුවෙන් milindaprashna.wordpress.com යන බ්ලොග් අඩවිය පවත්වාගෙන යමින් ලිපිය සංවාදයට ලක් කිරීම මෙහි විශේෂත්වයක් විය. සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනු නායක සාහිත්‍ය චක‍්‍රවර්තී නියංගොඩ විජිත අනුනායක හිමි, අමරපුර ධර්ම රක්ෂිත නිකායේ මහා නායක තිරිකුණාමලයේ ආනන්ද හිමි සමග රාවය ආරම්භක කර්තෘ වික්ටර් අයිවන්, නේෂන් පුවත් පතේ හිටපු කර්තෘ තීරු ලිපි රචක මාලින්ද සෙනවිරත්න සහ ඬේලි මිරර් නියෝජ්‍ය කර්තෘ එම්. එස්. එම්. අයුබ් යන මහත්වරු මෙහි දී අදහස් දක්වනු ඇත.

මිලින්ද මොරගොඩ මහතාගේ පුවත් පත් ලිපි ආශ‍්‍රයෙන් පළ කරන පස් වැනි කෘතිය වශයෙන් මිලින්ද ප‍්‍රශ්න.කොම් ස`දහන් වන අතර මෙයට කලින් පෙරවදනක් (2001) සතියේ සිතුවිල්ල (2005) කැඩපත (200 සහ ඉරිදා ලංකාදීප - දියත පළ කරන ලද අභියෝග ජයගත් ලෝක නායකයෝ ලිපි පෙල දෙමල භාෂාවෙන් (2009) -මුද්‍රණයෙන් නිකුත් විය. හෙතෙම 1999 සිට සිංහල සහ දෙමල භාෂා වලින් තීරු ලිපි පළ කරන අතර ඉකුත් දහ සය වසර තුළ ආර්ථික විග‍්‍රහය, සතියේ සිතිවිල්ල, අභියෝග ජයගත් ලෝක නායකයෝ, කැඩපත සහ හැරවුම් ලක්ෂ්‍යය යන තීරු ලිපි පළ කර ඇති අතර අද වන විට මිලින්ද ප‍්‍රශ්න.කොම්, මට පෙනෙන මාධ්‍ය භූමිකාව සහ ජන තාන්ත‍්‍රිකත්වය යන තීරු ලිපි ඉරිදා ලංකාදීප, ලංකාදීප සහ දේශය යන පුවත්පත් වලට සතිපතා සම්පාදනය කරමින් සිටී. ගොඩගේ ප‍්‍රකාශනයක් වන මෙම කෘතියෙහි ඇතුලත් සියලූ තීරු ලිපි මිලින්ද ප‍්‍රශ්න බ්ලොග් හෝ මිලින්ද මොරගොඩ වෙබ් අඩවියෙන් සිංහලෙන් කියැවිය හැකිය.