» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/06/2015 - ඉරිදා ලංකාදීප
කාටුන් කලාව ප‍්‍රහසනයක් නොව චිත්‍යාභ්‍යන්තර විවේචනයක් කරගැනීම

තමන් තුළ ඇති භාව ප‍්‍රකාශනය කොතැනක හෝ කුරුටු ගා පළ කිරීම මනුෂ්‍ය ස්වභාවයයි. ආදි මානවයන් ගල් ලෙන් තුළ ඇ`ද සටහන් කරන රූප සටහනකින් කියැවෙන අර්ථය වර්තමාන විද්‍යාඥයෝ විශ්ලේෂණය කරමින් සිටිති. භාෂා ව්‍යවහාරයකින් හෝ ලිඛිත සන්නිවේදනයකින් කළ නොහැකි පුලූල් අර්ථනිරූපනයක් කටු සටහනකින් කරන්නට හැකියාව ලැබී ඇති අතර එය අතීතය අධ්‍යයනය කරන බලවත් සාධක සපයා තිබේ.

ඉතිහාසයක් ඇති කාටුන් ශිල්පයෙන් ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන ස්වභාවය ස`දහා ලැබී ඇති විනිශ්චය කුමක්ද? පොදු මහජනතාව කාටුන් ශිල්පියෙකු ඉදිරිපත් කරන නිර්මාණයකින් ඇති කරන පෙළඹුම කෙරෙහි දක්වන ආකල්පය කෙබ`දු එකක්ද? ජනතාව දැනුවත්කර සහ සම්බන්ධතාවය ගොඩනගන්නට නූතන මාධ්‍ය භාවිතාව තුළ කාටුන් ශිල්පය ඉටුකරන මෙහෙවර තුලනාත්මකව අගය කරන තත්ත්වයක පවතින්නේ යැයි තහවුරු කරන්නට හැකිද? එය පවතින තත්ත්වයෙන් ඔබ්බට විකාශය කරන්නට අවශ්‍ය සංවාදයක් පවතීද?

වර්තමානයේ මාධ්‍ය භූමිකාව තුළ කාටුන් කලාවට සුවිශේෂී තැනක් හිමිය. එය හුදෙක් සෘජුව ප‍්‍රකාශ කළ නොහැකි යම් කාරණා සන්නිවේදනයේ දී බලවත් ආකාරයකින් උපයෝගී වෙයි. ක්ෂණික අවධානයට ලක්වෙයි. කාටුන් නිර්මාණයක වක්‍රෝත්තිය බහුලය. උපහාසය සහ නිර්දය විවේචනය ගැබ්ව තිබේ. චරිත අනුමාන කරන්නට උපයෝගී කරගන්නට පාඨකයන්ට ඉඩ දෙන අතර සෘජු සංකේත උපයෝගී කර ගනී. සාමාන්‍යයෙන් මාධ්‍ය මගින් ඉදිරිපත් කරන ලිපියක හෝ නිර්මාණයක එක විෂයයක් සම්බන්ධයෙන් විවිධ පැතිවලින් කරුණු දක්වයි. පාඨකයාට පැති දක්වන අතර ඔහු තමන්ට එයින් ලැබෙන තොරතුරු මත ස්ථාවරයකට ප‍්‍රවේශ වෙයි. කාටුන් නිර්මාණ, ප‍්‍රශ්නයක අවධාරණය කරන්නේ එක පැත්තක් පමණකි. බොහෝ දුරට ශිල්පියා තමන් අත්වි`දින සාමාන්‍ය ජනතාව අපේක්ෂා කරන තොරතුර සිය නිර්මාණයෙන් විග‍්‍රහ කරන බව නිරීක්ෂණය කළ හැකිය.

දහ අට වැනි සියවසේ දී පමණ පුවත් පත් වල කාටුන් පළ කිරීම ඇරඹෙන්නේය. දහ නමවැනි සියවන වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අයිතිවාසිකම් පුලූල්වීමට සමාන්තරව කාටුන් ශිල්පය දේශපාලන විවේචනයට ද නැඹුරු වෙයි. දේශපානඥයන්ගේ තීන්දු, ප‍්‍රකාශ සහ හැසිරීම විවේචනය කිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ආරක්ෂාවන බවක් ද සමාජය තුළ තහවුරුවන්නේය.

පුවත්පත, ස`ගරාව වැනි මුද්‍රිත මාධ්‍ය තුළ යම් පණිවුඩයක් සමාජයට නිකුත් කරන කාටුන් ශිල්පය සමත් වී තිබේ. ශ‍්‍රී ලංකාවේ කාටුන් ශිල්පය මුද්‍රිත මාධ්‍යයේ භාවිතාවන්නේ ඉංග‍්‍රීසි පුවත්පත් ඔස්සේය. විදේශ ආභාෂය ඇතිව අලූත් විශේෂාංග මෙරට ඉංග‍්‍රීසි පුවත් පත් වල පළ වන විට එහි පරිවර්තනයක් නොඑසේනම් පසු කාලීනව අනන්‍ය අනුවර්තනයක් ලෙස සිංහල පාඨකයන්ට ද කාටුන් නිර්මාණ ඉදිරිපත් කර තිබේ. මුලින් එය ඉදිරිපත්වන්නේ සමාජ විවේචනයක් වශයෙන්ය. නමුත් දැන් එය දේශපාලනය නිර්දය ආකාරයට විවේචනය කරන දැඩි උපහාසාත්මක කාටුන් වශයෙන් පුවත්පත් වළ පළවෙයි. සෑම පුවත්පතකම කර්තෘවරයා සිය කතු වැකියෙන් සමාජයට යමක් දන්වන්නට දරන උත්සාහයම ඒ හා සමානව හෝ එයටත් වැඩි වශයෙන් සරලව එහෙත් සමාජය තුළ මතයක් ඇති කළ හැකි බලවත් ආකාරයකට කාටුන් චිත‍්‍ර මගින් නිරූපනයක් ඉදිරිපත් කරයි. කොලාට්, යූනුස්, විජේසෝම යනාදී වශයෙන් ශ‍්‍රී ලංකාවේ කාටුන් ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට දක්ෂ සහ නිර්මාණාත්මක මෙහෙවරක් කරන ලද ශිල්පීන් මුල් කාලයේ දී මුණ ගැසෙයි. මහන්සියෙන් නිර්මාණ කර ඒවා පළ කරගැනීමට වෙහෙස වූ මුල් අවධියට වඩා අද වන විට පරිවර්තනයක් සිදුව තිබේ. පොදු ජනතාව කාටුන් වලින් කියැවෙන පණිවුඩයට කැමැත්ත දක්වන හෙයින් එය පුවත් පතක ජනප‍්‍රිය අංශයකි.

මෙයින් දශක හත අටකට කලින් පුවත් පත තුළ කාටුන් භාවිතාව බහුලව සිදුවන්නේ නැත. ඒ කාලය තුළ මාධ්‍ය නිදහසක් තිබූ වගක් එයින් නොකියැවෙයි. ජාත්‍යන්තර මාධ්‍ය දර්ශක අනුව ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පවතින්නේ උසස් තැනක නොවේ. මාධ්‍ය නිදහස තුළින් යමක් ප‍්‍රකාශ කරන්නට බාධා ඇති නමුත් කාටුන් ශිල්පීන් එම බාධා මැඩ ගනිමින් අනියමාර්ථයෙන් සමාජයට දෙන පණිවුඩ හෙයින් ඒවා ඉතාමත් නිර්මාණාත්මක සහ විවේචනාත්මක වී තිබේ. මෙරට මාධ්‍ය නිදහස සම්බන්ධව පවතින දර්ශක කියන්නේ 2002 කාලයේ දී ශ‍්‍රී ලංකාව රටවල් 180 ක් අතර 51 වැනි ස්ථානයේ පසුවූ බවය. 2014 වන විට එය 165 වැනි තැන දක්වා පසුබැසීමකට ලක්ව තිබේ. මෙම පිරිහීමට හේතුව ප‍්‍රකාශනයට ඇති බාධා සම්බන්ධව කරන යම් ආකාරයක ගණන් ගැනීමය.

කාලයකට කලින් කාටුන් ශිල්පීන්ට මාධ්‍ය තුළ වැඩි පිළිගැනීමක් තිබුණේ නැත. පුවත්පතක අත්‍යවශ්‍ය අංගයක් ලෙස එකතු කර ගෙන නොතිබිණ. මාධ්‍ය තුළ වාරණය ප‍්‍රමුඛ තැනෙකට පැමිණෙන විට කාටුන් ශිල්පීන්ගේ නිර්මාණයක ව්‍යංගාර්ථය ඉතාමත් ප‍්‍රයෝජනවත් තත්ත්වයකට පත්වෙයි. අනියමාර්ථයෙන් කරුණු දක්වන්නට සහ උපහාසය තුළින් යමක් අ`ගවන්නටත් කාටුන් නිර්මාණය සමත්වන විට බලධාරීන්ට එයට පිටුපා සිටින්නට හැකියාවක් ලැබෙන්නේ නැත.

අද වන විට රූපවාහිනිය සහ අන්තර්ජාලය සන්නිවේදන මාධ්‍යයේ බලවත්ම ප‍්‍රවාහය වී තිබේ. ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ද එය එසේමය. පුවත් පතක කාටුන් නිර්මාණයකට වඩා රූපවාහිනී හෝ අන්තර් ජාලයේ මාධ්‍ය තුළ කාටුන් මගින් නරඹන්නන්ට විනෝදය සහ අවබෝධය අප‍්‍රමාණව සකස් කරදෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මහජනතාවගේ බුද්ධිය ජනනය කරන සහ විචාර ශක්තිය දියුණු කර අලූත් ආකාරයකට සිතන්නට මෙරට රූපවාහිනී නාලිකා වල සහ අන්තර් ජාල කාටුන් නිර්මාණ වල අන්තර්ගතය සකස් වී තිබේ යැයි එකහෙලා ප‍්‍රකාශ කළ නොහැකිය. නමුත් මෙම අංශ තුළට කාටුන් කලාව අන්තර්ගත වීමත් සමග එය සෙසු වැඩසටහන් අභිබවා විශේෂ අවධානයට ලක්ව තිබේ.

රූපවාහිනිය සහ අන්තර් ජාලය තුළ කාටුන් නිර්මාණ වෙනුවෙන් ඇති ජනප‍්‍රියතාවය පදනම් කරගෙන ඒවා සිංහල භාෂාවෙන් හ`ඩකවා ඉදිරිපත් කරන බව පැහැදිලිව පෙනේ. ඒ සමග හ`ඩකැවීමේ ශිල්පීන් ද බිහිවී ඇත. කාටුන් ශෛලියට අනුගතව උච්චාරණය කරන හැ`ගීම් දනවන ආකාරයට ක‍්‍රියා කරන කාටුන් චරිත විශේෂයෙන් දරුවන් අතර ජනප‍්‍රියත්වයට පත්ව ඇත. එය ශ‍්‍රි ලංකාවේ පමණක් නොව ලොව පුරා දැකගත හැකි තත්ත්වයකි. නමුත් ශ‍්‍රී ලංකාව තුළ හ`ඩකවා විදේශීය කාටුන් ඉදිරිපත් කරනවා වෙනුවට දේශීය කාටුන් වැඩසටහන් නිෂ්පාදනය කරන්නට පියවර ගැනීම ඉතාම වැදගත්ය. රට තුළ අනන්‍යතාවයක් ඇති කාටුන් වැඩසටහන් නිෂ්පාදනය කරන්නට අවස්ථා කිහිපයක දී උත්සාහ කළ බව ද ස`දහන් කළ යුතු අතර එහි වියදම සහ ඉදිරිපත් කරන වෙළ`ද පොල කුඩා එකක් වීම පදනම් කරගෙන එහි ව්‍යාප්තියක් සිදුනොවූ බව අවබෝධ කරගත හැකිය. නමුත් ශ‍්‍රී ලංකාවේ පුවත් පත් පවා මුල් කාලයේ දී ඉංග‍්‍රීසි කාටුන් චිත‍්‍ර සිංහලට පරිවර්තනය කරන ලද අතර පසුව සිංහල දෙමල සහ ඉංග‍්‍රීසි භාෂා වලින් පාඨකයන් අනුව කාටුන් චිත‍්‍ර කලාවක් නිර්මාණය විය. අද වන විට ඉංග‍්‍රීසි කාටුන් අභිබවා සිංහල සහ දෙමල කාටුන් ශිල්පීන් නිර්මාණාත්මක සහ එහි අන්තර්ගත පණිවුඩය සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින බව අවිවාදිතය.

ජනතා ආකර්ශනය ඇතිකරගන්නා කාටුන් නිර්මාණ පුවත් පත තුළ පමණක් නොව රූපවාහිනිය, අන්තර් ජාලය සහ ඒ හරහා ජනතාවට පණිවුඩයක් දෙන අංගයක් ලෙස පෝෂණය වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කාටුන් නිර්මාණ ශිල්පීන්ට හො`ද අවස්ථා බිහිවී තිබේ. විශේෂයෙන් ඉන්දියානු ශිල්පීන් ජාත්‍යන්තරයට සම්බන්ධ වී ඇත. සේවා අංශයක් වශයෙන් ඉන්දියානු ශිල්පීන් ඇමරිකාව, ජපානය සහ වෙනත් යුරෝපීය රටවලට නිර්මාණ කරමින් සිටී. එයට ඉවහල් වී ඇත්තේ තාක්ෂණයයි. ජනතාවට දෙන පණිවුඩ, වෙළ`ද දැන්වීම් සහ වෙනත් නිර්මාණ වෙනුවෙන් කාටුන් ශිල්පීන්ගේ දක්ෂතා උපයෝගී කරගැනීමේ අවස්ථා ශ‍්‍රී ලංකාවට ද දිනාගත හැකි වෙළ`ද පොල කොටසක් බව අපගේ දක්ෂ ශිල්පීන් දෙස බලන විට පෙනේ.

කාටුන් ශිල්පය හුදෙක් උපහාසාත්මක එසේ නැතිනම් රස වි`ද එය තුළින් වින්දනයක් ලැබීමට සීමා නොවේ. තම චිත්තාභන්තරයේ ඇති විවේචනය මෙම කාටුන් නිර්මාණ සමග මතවාදී ලෙස ඉදිරියට පැමිණෙයි. දේශපාලනයේ දී විශේෂයෙන් සහ පරිසර, කාන්තා, දරුවන්, මාර්ග නීති වැනි නොයෙක් අංශ වල කාටුන් නිර්මාණ ඉදිරිපත් කරන පණිවුඩය ඉතාමත් ආකර්ශණීය සහ බලවත් එකක් බවට පත්වෙයි. දේශපාලනයේ දී මැති ඇමැතිවරුන් සහ නිලධාරීගේ අත්තනෝමතික ක‍්‍රියාකාරීත්වය සහ අධිකාරී බලය සම්බන්ධයෙන් ඇතිකරන මතය ඔස්සේ එහි බලඅධිකාරීය පාලනය කර ජන සම්මතවාදය තහවුරු කරන්නට කාටුන් කලාවෙන් ලබා දෙන පිටිවහල ඉතාමත් වැදගත් එකක් සේ සැලකිය යුතුය. සමාජය තුළින් පෝෂණය වී නවීන තාක්ෂණය සමග සම්බන්ධ වී ඇති මෙරට කාටුන් ශිල්පීන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් සමාජයේ ඇති පිළිගැනීම යුක්ති සහගත එකකි. ජනතාව සහ ශිල්පීන් අතර සංවාදය ද, නිදහසේ නිර්මාණ කිරීමට ඇති අවකාශය සම්බන්ධව විද්වත් කතිකාව ද ක්ෂේත‍්‍රය තුළ වැදගත් පරිවර්තනයක් කරන්නට උපකාරී වන බව මෙහිලා ස`දහන් කළ යුතුව තිබේ. එමෙන්ම අලූත් වෙළ`ද පොල ඔස්සේ ජාත්‍යන්තරයට යොමු විය හැකි ආකාරය පරෙස්සමෙන් අධ්‍යයනය කළ යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.