» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/09/2015 - ඉරිදා ලංකාදීප
ජනතා ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කරන මාධ්‍ය භාවිතාවක්

රටේ නායකයන්ට ජනතා ප‍්‍රශ්න ගැන අවබෝධයක් තිබේද? එය වටහා ගන්නට යම් අවකාශයක් නිර්මාණය කිරීම වැදගත්ය. අද වන විට ජනමතය ඉතාම සංකීර්ණ එකකි. සම්ප‍්‍රදායික මාධ්‍යයේ සිට පුද්ගල මාධ්‍ය භාවිතාවක් දක්වා එය වර්ධනය වී තිබේ. සමාජ මාධ්‍ය මගින් තොරතුරු විහිදෙන ආකාරය එකිනෙකට වෙනස්ය. මේවායෙන් අති විශාල තොරතුරු ප‍්‍රමාණයක් පැතිරෙයි. රටක අවධානයට තොරතුරු ඉදිරිපත් කිරීම පුවත්පතකින් සිදුවෙයි. කර්තෘවරයෙකුගේ පාලනය තුළ සිදුවන්නකි. මෙම තොරතුරු ඉදිරිපත් කරන්නේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන්ය. ජන මතයක් වශයෙන්ය. ජනතාවගෙන් නැගෙන අදහස් ගැන පාලකයන් අවධානය යොමු කිරීම යුක්ති සහගත කාර්යයකි. එකී කාර්යභාරය ඉටුකරන්නට රාජ්‍ය නායකයන් සූදානම් බව ජනතාව වටහා ගන්නේ කෙසේද? පාලකයන් සහ ජනතාව අතර සෘජු සන්නිවේදනයක් අවශ්‍යය.

ජනතාව ආමන්ත‍්‍රණය කිරීමට පාලකයන් නැඹුරුවීම අලූත්ම සංකල්පයක් නොවේ. ජාතිය අමතන අවස්ථා විශේෂිත. නමුත් නිතිපතා නිශ්චිත අවස්ථාවක කෙටියෙන් අදහස් දක්වමින් ජනතාවට කතාකරන මාධ්‍ය භාවිතාවක් මගින් අලූත් අර්ථ සමාජයට තහවුරු කරන්නට අවස්ථාවක් ලැබේ. එයින් ඇති කරන යහපත බලවත් එකකි. එයින් සමාජ සම්මතයන්ට ලැබෙන පිටිවහල සාකච්ඡාකරන්නට අවශ්‍යය.

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සෑම සෙනසුරාදා දිනකම පෙරවරුවේ ඇමරිකානු පුරවැසියන්ට කතා කරයි. මුල් කාලයේ දී එය කරන්නේ ගුවන් විදුලියෙන්ය. සමාන්තර විකාශයක් ලෙස රූපවාහිනිය එය ඉදිරිපත් කරන නමුත් එතැන දී කරන්නේ පින්තූරයක් සහිතව හ`ඩ පටය පමණකි. නමුත් දැන් වන විට එය යූ ටියුබ් ක්ලිප් හැටියට ජාත්‍යන්තරව නිකුත්වන ප‍්‍රකාශයක් දක්වා වර්ධනය වී තිබේ. ඕනෑම කෙනෙකුට එයට සවන් දී ඇමරිකානු නායකයාගේ අදහස් හා ආකල්ප සරලව දැනගත හැකිය.

ඇමරිකානු නායකයා පුරවැසියන් ඇමතීම වත්මන් ජනාධිපති බැරක් ඔබාමා ගේ සැලසුමක් නොවේ. එයට කලින් සිටි නායකයන් දක්වා එය අතීතයට විහිදෙයි. ඇමරිකාවේ තිස් දෙවැනි ජනාධිපති ෆැන්ක්ලින්ට් රූසවෙල්ට් එහි නිර්මාතෘවරයාය. එවකට තිබූ පහසුකම් අනුව රූස්වෙල්ට් ගේ හ`ඩ ගුවන් විදුලියෙන් විකාශය වෙයි. ජනාධිපතිවරයා එය ඉදිරිපත් කළේ fireside chats හැටියටය. සීතල කාලයේ දී පවුලේ අය ගිනි මැලයක් සකස්කර එළිමහනට පැමිණ ගිණි තපින්නේ අධික ශීතලෙන් ගැලවෙන්නටය. මෙම ශීතල දුරු කරන ගිනිමැලය වටා සිටින පවුලේ අය එදිනෙදා දේ කතා කරයි.

ගුවන් විදුලියෙන් ජනතාව එදිනෙදා කතා කරන දේ අතරට එන්නට රූසවෙල්ට් ජනාධිපතිවරයා පදනමක් සකස්කර ගනී. එය ගිණි මැලය වටා කරන කතාබහකි. එය ජනතාව අතරට මතයක් ගෙන යන්නට මග පාදාගත් කදිම අවස්ථාවකි. විශාල ආර්ථික අර්බුදයක් එවකට ඇමරිකාව තුළ පැවැති අතර බැංකු පද්ධතිය පවා බලවත් ගැටලූ මතුවී තිබිණ. රූසවෙල්ට් කළේ යථා ස්වභාවය කෙටියෙන් රටවැසියන්ට කියාදීමයි. එවැනි ඇ`ගවීමකින් පසු තද තීන්දු ගෙන රට තුළ යම් පරිවර්තනයක් කරන්නට ඔහුට හැකියාව ලැබුණි. එයින් පසු බලයට පත් වූ සියලූම ඇමරිකානු නායකයෝ එය සම්ප‍්‍රදායක් බවට පත් කරගත්හ. ජිමී කාටර් ජනාධිපතිවරයා සාමාන්‍ය ඇ`දුමෙන් සැරසුන පින්තූරයක් සමග කතා කරමින් රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයෙන් තවත් පහලට බැස සාමාන්‍ය ජනතාවට සමීපවන්නට සමත්විය.

මේ ආකාරයටම යම් උත්සාහයක් ගත් අවස්ථාවක් ආසියාවට ද තිබේ. ඉන්දියාවේ අගමැතිවරයෙකුව සිටි ජවහල්ලාල් නේරු තමන්ම විවේචකයා වශයෙන් කටයුතු කළ ආකාරය ඉතිහාසයේ ස`දහන්ය. නේරු පාලනය තමන්ගේ සංකල්ප සම්බන්ධයෙන් සමාජයේ සංවාදය ප‍්‍රමාණවත් නැති බව පෙනෙන විට සාධාරණ විවේචන හා විකල්ප අදහස් වෙනුවෙන් ඔහු වෙනත් නමකින් පුවත්පත්වලට ලිපි ලිය පළකළේය. එය තමන්ගේම පාලනය සාධාරණ තැනකට ගෙන යන්නට ගත් උපාය මාර්ගයකි. එය පුලූල් දක්මක් ඇතිව සමාජය තුළ අලූත් අදහස් ඇති කරන්නට ගත් පියවරක් වහයෙන් සැලකේ.

මෙවැනි සිදුවීම් වලින් පෙන්වන ආකාරයට රාජ්‍ය නායකයන් ජනතාව හමුවට පැමිණ ආමන්ත‍්‍රණය කිරීමේ වැදගත්කම කුමක්ද? නායකයා ජනතාව සමග බද්ධවීමයි. එදිනෙදා ජීවිතයේ දී පුරවැසියන්ට තමන්ගේ නායකයාගේ හිතෛශී බව වටහා ගැනීමට එයින් ඉඩ ලැබේ. ජනතාව පෙලන ප‍්‍රධාන ගැටලූ ගැන නායකයෙකු වශයෙන් සංවේදී බව කියන්නට මෙවැනි පියවර ඉතා වැදගත් මෙහෙවරක් කරයි. එය පුවත්පත් නිවේදන හෝ විශේෂ ප‍්‍රකාශ වශයෙන් ජනතාවට කරුණු ඉදිරිපත් කරනවාට වඩා වෙනස් ආකාරයක එකකි.

අලූත් යුගයකට ඇතුලූ වන මෙරට දේශපාලනයට අලූත් සම්ප‍්‍රදාය ඇතිකරන්නට හැකියාවක් තිබේ. නායකයා ජනතාවගේ ගුරුවරයෙකි. ඔහුට දර්ශනයක් තිබේ. ප‍්‍රශ්න දෙස බලන ආකාරය වෙනස්ය. ඔහුගේ දර්ශනය රට වැසියන්ට ඒත්තු ගන්වන්නට අවශ්‍යය. තමන් ගමන් කරන මාර්ගය ජනතාවට ඒත්තු ගන්වා ඒ ගැන විශ්වාසයක් ඇති කර ගැනීම නායකයෙකුට වැදගත්ය. රටවැසියන් එක`ග කරගෙන ඔවුන් සමග ගමනක් යන්නට නම් ඒ ආකාරයේ මාධ්‍ය භාවිතාවක් ඉතාම වැදගත්ය.

අද රට මුහුණ දී ඇත්තේ බැරූරුම් අවස්ථාවකටය. සංහිදියාව ඇතිකරන්නට පියවර ගතයුතුව තිබේ. යුද කාල පරිච්ෙඡ්දයකට පසු බලයට පත් අලූත් පාලනයක් වශයෙන් ජාතීන් අතර එකමුතු බව ඇති කරන්නට ගත යුතු පියවර සුළු පටු එකක් නොවේ. උතුර සහ දකුණ අතර සම්මුතියක් ඇතිකර එක අනන්‍යතාවයක් ඇති කරන්නට අලූත් තින්දු කරා යා යුතුය. සංහි`දියාව තරමටම ආර්ථිකය ද බලවත් එකකි. මැදි ආදායම් රටක් හැටියට නැගී ඇති ශ‍්‍රී ලංකාව එයින් ඉදිරියට ගෙන යන කාර්ය භාරය පහසු නැත. ජනතාව බලාපොරොත්තු රැසක සිටී. සහන අපේක්ෂා කරයි. සැහැල්ලූ සැපවත් ජීවිතයක් ඉක්මනින් බිහිවනු ඇතියි සිතා සිටියි. මේ පැති දෙක අතරට ජාත්‍යන්තර පීඩනය ද එකතු වී තිබේ. මානව හිමිකම් සම්බන්ධ ගැටලූව බලවත් එකකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ ශ‍්‍රී ලංකාව එකිනෙකට වෙනස් කාරණා රැසක් සහිත විස`දුම් ඉදිරිපත් කර තිබේ. ඒවා සාර්ථක ලෙස ඉදිරියට ගෙනයාම වෙනුවෙන් රටට විශාල කැපවීමක් කරන්නට සිදුවනු නිසැකය.

මෙවැනි පසුබිමක් තුළ ජනාධිපතිවරයාට සතිපතා තමන්ගේ ගමන ගැන ජනතාවට කියන්නට යමක් තිබේ. දේශපාලන රැස්වීමකදී හෝ පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීම වැදගත් නොවේ යැයි අදහස් කරන්නේ නැත. නමුත් ජනතාවට කෙලින්ම කතාකරන අභ්‍යන්තරය අනාවරණය කර ජන සංවාදයක් ඇති කරන අලූත් ක‍්‍රියා පටිපාටියක් කරා ගමන් කිරීම වැදගත්ය. එහි ලා ඇමරිකානු නායකයාගේ සති අන්තයේ සනින්වේදනය යම් ආකාරයක පූර්වාදර්ශයක් කරගත හැකිය. ඇමරිකාවේ අතීතයේ පැවැති සීතල දුරු කරන ගිනිමැලය ඉදිරිපිට සාකච්ඡා කිරීමේ ක‍්‍රමය දැන් භාවිතාවේ නැතත් ඒ ඇසුරෙන් පැන නැගුණ නායකයා ජනතාවට සෘජු පණිවුඩයක්නිකුත් කිරීමේ අරමුණ බැහැර වී නැත. ශ‍්‍රී ලංකාවට අවශ්‍ය රාජ්‍ය නායකයා තීන්දු ගන්නා ආකාරය සමාජයට ඒත්තු ගන්වන එකකි. ගැටලූවක් මතුවූ විට එය පැහැදිලි කරන භාවිතාවකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.