06/02/2024 - දිනමිණ
අපට අහිමිවී ගිය උරුමයන් පදනම් කර ගත් අලුත් යුගයක් ඇති කළ යුතුයි -සබරගමු සරසවියේ කුලපති, මහාචාර්ය කුඹුරුගමුවේ වපිර නාහිමි
 
අපට අහිමිවී ගිය උරුමයන් පදනම් කර ගත් අලුත් යුගයක් ඇති කළ යුතුයි -සබරගමු සරසවියේ කුලපති, මහාචාර්ය කුඹුරුගමුවේ වපිර නාහිමි

අප සමඟ නිදහස ලැබූ අනෙකුත් ආසියාතික රටවල් අද මහා බලවතුන් බවට පත්ව සිටින බවත්, අපේ රට තවමත් උන් හිටි තැනම පසු- වන බවත්, අපට අහිමි වී ගිය පැරණි උරුමය මත පදනම් කරගෙන අලුත් යුගයක් ඇති කර ගත යුතු බවත් සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය කුඹුරුගමුවේ විපිර නාහිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවැසුවේ හැත්තෑහය වැනි නිදහස් දින සමරුව වෙනුවෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් විහාරස්ථානයේදී පැවති ශ්‍රීමත් ඩී. බී. ජයතිලක සමරු උත්සවය අමතමිනි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් විහාරස්ථානය සහ උරුමයක උල්පත ' පදනම් මේ උත්සවය සංවිධාන කර තිබුණි.

නෙළුවා කන්දේ ඥාණානන්ද හිමි, රාජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි, උරුමයක උපත පදනමේ නිර්මාතෘ සහ ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහත්වරුන් ඇතුළු ජයති. ලක මහතාගේ පවුලේ ඥාතීහු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ කුඹුරුගමුවේ. වජිර නා හිමියෝ මෙලෙස ද පැවසූහ. "යටත් රාජ්‍යයන් වෙත ස්වාධීනත්වය දීමටබ්‍රිතාන්‍ය පාලකයන් තීරණය කළා. අපේ රට වෙනුවෙන් එම වගකීම භාරගැනීමට සිටි එකම සුදුස්සා ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතායි. ඒත් ඔහුට මේ වගකීම පැවරීමට බ්‍රිතානය පාල- කයන් මැළි වුණා. එයට එකම හේතුව ජයතිලක මහතා තුළ පැවති සිංහල බෞද්ධකමත්, ජාති- කත්වය සහ අදින භාවයත්. මෙවන් පුද්ගලය- කුට බලය පැවරීමෙන් තම ආධිපත්‍ය තවදුරටත් අපේ රටේ පවත්වාගෙන යෑමට බාධාවක් වන බව සනිටුහන් කළ බ්‍රිතාන්‍ය පාලකයන් එකල මෙරට විසූ අවශේෂ පාලකයන් හා කුමන්ත්‍රණය කොට එම බාධාවට පිළියමක් වශයෙන් ඩී. ඩී. ජයතිලක මහතා ඉන්දියාවේ මහකොටසාට- ස්වරයා වශයෙන් පත්කර යැවීමට විධිවිධාන සැලසුවා.

ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා අනවශ්‍ය අර්බුද ඇති කිරීමට කැමැත්තක් නොදැක්වු සාමකාමී පාලකයකු නිසා විවාදයකින් තොරව අකමැත්තෙන් වුවත් එම තනතුර රට වෙනුවෙන් භාරගෙන ඉන්දියාවට යෑමට තීරණය කළා. අපේ රටට ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කිරි මට බාධකයක් සේ සැලකූ ගැටලුව මේ අන්දමින් විසඳීම නිසා තමන්ට අවශ්‍ය පරිද්දී යම් යම් බලතල තමන් වෙත රඳවාගෙන නාමික නිදහසක් අපේ රටට ප්‍රදානය කළා. නිදහස ලැබුවා යැයි උදම් ඇනු මෙරට ආණ්ඩුකාරවරයා බ්‍රිතා න්‍යයේ. රටේ පිහිටි සියලුම ආර්ථික මර්මස්ථාන ඔවුන් සතුයි. භාෂාව අධ්‍යාපනය ඔවුන්ගේ නිදහස නිසා ජනතාවට දැනුණු කිසිවක් නෑ. මේ නිසා භික්ෂුන් වහන්සේ ද නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් දිගින් දිගටම උද්ඝෝෂණ පැවැත් වූ අතර, දේශප්‍රේම් ජන කොටසක් ද පුර්ණ නිදහස වෙනුවෙන් තම ව්‍යායාමය අත් නොහැරම පවත්වාගෙන ගියා."

ලක්ෂ්මන් පියසේන මහතා -

"ශ්‍රීමත් ඩී. බී. ජයතිලක චරිතාපදානය වීමර්ශන ග්‍රන්ථයක් වශයෙන් පළ කරන්නට එව කට ඉන්දියාවේ සිටි ශ්‍රී ලංකා මහ කොම්සාරිස් මිලින්ද මොරගොඩ මහතා යෝජනා කළා. මේ කෘතිය සම්පාදනයේදී කිසිම බලපෑමක් නොකර නිදහස දුන්නා රටට, සාහිත්‍යයට සහ ආර්ථිකයකට අවශ්‍ය වගකීමක් සහිත නිදහස එයින් අඟවනවා. "උරුමයක උල්පත පදනමේ ලේකම් ආර්. ඒ. ඩී. සිරිසේන මහතා ද මෙහිදී අදහස් දැක්වීය.