10/12/2023 - ඉරිදා ලංකාදීප
ශාසනික මෙහෙය පිණිස මිලින්දට තවත් තනතුරක්
 
ශාසනික මෙහෙය පිණිස මිලින්දට තවත් තනතුරක්

මහා විහාර වංශික, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍ර ධම්ම මහා සංස සභාව, සිය ව්‍යාප්තිය හා අභිවෘද්ධිය අරමුණු කරගෙන ස්ථාපිත කරන, ගිහි පැවිදි විද්වත් සාමාජිකයන්ගෙන් සමන්විත සංරක්ෂණ සභාවේ අභිනව සභාපති ධූරයට මිලින්ද මොරගොඩ මහතා තෝරා පත්කර ගෙන ඇති අතර ආචාර්ය ධම්මාලංකාර මහානායක හිමිපාණන් ප්‍රධාන සංඝ සභාව කෝට්ටේ රාජ මහා විහාර උපෝසථාගාරයේ දී සන්නස් පත්‍රය පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. සංඝ සභාව නියෝජනය කරන ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ හිමිපාණන් වහන්සේලා හතලිස් හත් නමක් සභා සැසි වාරයට වැඩම කර සිටියහ.

බෙන්කර ශ්‍රී අත්ථදස්සී, මලිගස්පේ ධර්මකීර්ති, පානදුරේ සුමංගල, පැපිලියානේ සීලවංස සහ වලානේ සිද්ධාර්ථ යන මහා නායක හිමිපාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් 1855 වසරේ දීකැළණි ගංගා තිරයේ දී උපසම්පදා මහෝත්සවය පවත්වා අනතුරුව සංඝ සභාව පළමු වරට ස්ථාපිත කරන ලද බව ඉතිහාසය අනාවරණය කරයි. බෙන්තර විහාර පාර්ශවය, කෝට්ටේ රජමහා විහාර පාර්ශවය, රත්මලාන විහාර පාර්ශවය, අරුක්ගොඩ විහාර පාර්ශවය, ගල්ගොඩ විහාර පාර්ශවය හා දක්ෂිණ විහාර පාර්ශවය යන සංඝ සභාවට අයත් පාර්ශව නියෝජනය කරන විහාරස්ථාන හත්සියයක් පමණ පවතින අතර සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා මහත් සේවාවක නිරතය.