11/03/2024 - ලංකාදීප
රට වෙනුවෙන් කැපවන තරුණන්ට අනිවාර්යය හමුදා පුහුණුවක්
 

මෑත කාලීන සංකීර්ණ අර්බුද නිරාකරණය අරමුණු කරගෙන රටත්, ජන සමාජයත් අලූත් ව්‍යුහයකින් ගොඩනගන්නට සිදුවී තිබේ. වාද බේධ වලින් හා ගැටුම් වලින් බහුල සමාජය එකමුතු කිරීම, මෙහි දී ඉතාම වැදගත් අවශ්‍යතාවයකි.පසුගියය කාලය තුළ හටගත් සිද්ධි මෙකී කාර්යය කොපමණ දුෂ්කර ද යන්න දක්වයි. ආගමික, සමාජ හා දේශපාලන නායකත්ව තුළ පවතින ව්‍යාකූලභාවය රට ඉදිරියට ගෙන යන තීරණගැනීම තවත් දුෂ්කර තැනකට පත්කර තිබේ. පුරවැසියන් වශයෙන් අප සියළු දෙනා තුළ පවතින පරස්පරතා මෙම මොහොතේ දී අවධානයට ගත යුතුය. අවශ්‍යතා සම්පූර්ණ නොවන ආර්ථිකය හේතුකොටගෙන තරුණ පෙළ අතරින් බහුතරයක්, වෙනත් රටකට පිටත්වීම එකම අධිශ්ඨානය කරගෙන ඇති පසුබිම තුළ ¥රදර්ශිව තීරණ ගත යුතුය.

අද මුහුණ පා ඇති තත්ත්වය හා සමාන සංකීර්ණ ගැටළු නොයෙක් රටවල්වල උද්ගතව තිබුණි. සමාජ ප‍්‍රශ්න හා ආර්ථික බංකොලොත්භාවය මහත් ව්‍යසන ඇති කළේය. අර්බුද පාලනය කර ජනතාව තුළ බලාපොරොත්තු නංවන පියවර ස`දහා නිසි ක‍්‍රමවේද අත්හදා බලා ඇත. සමාජ එක`ගතාවය ඇති කරගැනීම මුල් කොට තැකීය. එය උදෙසා සැලසුම් ක‍්‍රියාවට නංවා තිබේ. කැපවීම ඇති කරන ආකල්ප වැඩිදියුණු කිරීම ස`දහා ක‍්‍රියාකර ඇත. එහි ප‍්‍රතිඵල හේතුකොටගෙන ව්‍යාකූලත්වයට පත්ව තිබුණ රටවල් නැවත ගොඩනැගී තිබේ. සමාජ සමානාත්මතාව, ධෛර්යය හා ආත්ම ශක්තිය ඇති කර යතාර්ථයට මුහුණදීම අරමුණු කොටගෙන තරුණන් ගේ සිට ජාතික සේවය වැඩසටහන හ`දුන්වා දී ඇත. මෙය ආරක්ෂක හමුදාවට ලැබෙන පුහුණුව හා සමානය. ජාතික පුනර්ජීවණයක් උදෙසා කැපවන පරපුරක් ගොඩනගන්නට මෙවැනි පුහුණුවක් මැනැවින් උපයෝගී කරගත හැකිවේ.

ජීවිතය වි`දින්නට හැකි රටක් ස`දහා සැලැස්මක්

අද කරන කැපවීම මතු පරම්පරාව ස`දහා යහපත් රටක් ගොඩනගනු ඇත. ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙකු වූ ජෝන් ඇඩම්ස් මහතා ිමම යුද්ධය හා දේශපාලන හදාරා ඇත. ඒ මගේ දරුවන්ට ආර්ථිකය හා වෙළඳාම ඉගෙන ගැනීම උදෙසාය. ඔවුන් ගේ දරුවන්ට කාව්‍ය හා සංගීතය හදාරන්නට එයින් හැකි වනු ඇත.’’ යනුවෙන් කියා සිටියේය. දරුවන්ගේ අනාගතය ගොඩනගන්නට අද අප වෙහෙසවිය යුතුය. කැපවීම හා අලූතින් ගන්නා තීරණ සමග උත්සාහවන්තවීම අවශ්‍යය. සියළු දෙනා එකමුතුව තීරණ ගත යුතුවේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අපගේ දරුවන් ජීවිතය වි`දින පරම්පරාවක් බවට පත්වනු ඇත. රට ගැන කැක්කුමක් තිබිම රට ගොඩනගන සැලැස්මක් තුළ අනිවාර්ය සාධකයකි. සමාජ විනය අවශ්‍යමවේ. නීති පැනවීමෙන් පමණක් සමාජය පරිවර්තනයක් කළ නොහැක.

අධ්‍යාපනය අවසන් කරන තරුණන්ගේ සිට අනිවාර්ය පුහුණු වැඩසටහනක් ආරම්භ කළහොත් දශක දෙක තුනකින් රටට දැයට යහපත් පුරවැසියන් බිහිකරගත හැකිවේ. අපරාධ අඩු, විනය ගරුක සමාජයක් නිර්මාණය කරගතහැකිවේ. දුෂ්කරතා වි`දින ජන කොටස අතට සහනාධාර ලබාදීම ආර්ථික වර්ධනය ඇතිවන තෙක් වූ තාවකාලික පියවරක් පමණකි. නිසි පුහුණුවක් දී රටක් ගොඩනගන කර්තව්‍යයක් තුළ එයට වඩා පුලූල් රාමුවක් සැකසේ. එය ස`දහා භාවිතා කළ හැකි ක‍්‍රමවේදයක් ලෙස හමුදා පුහුණුව හා සමාන සේවයකට ඇතුළුවීම අනිවාර්ය කළ හැක.

ආපසු හැරී බලන විට දැකගත හැකි ම`ගුහැරුණු තැන්

නිදහස ලබා ගත කර ඇති කාලය වසර හැත්තෑ හයකි. මෙම කාලය තුළ පැවැති ආණ්ඩු අඛණ්ඩව සම්පාදනය කරන ලද නිදහස් අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා රට ඉහළට ගෙනැවිත් තිබේ. ලෝකයේ ඕනෑම රටක් ඉදිරියේ කටයුතු කළ හැකි දක්ෂ මානව සම්පතක් අපට ඇත. ඇතැම් රටවලට සාපේක්ෂව පුරවැසියන්ගේ නිරෝගීභාවය ද රටට මහත් වාසියකි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් කළ ආයෝජනයෙහි ප‍්‍රතිඵල වේ. මේ හා සමානව ජාතික උන්නතිය ඇතිකරන පියවරක් ස``දහා ද ආයෝජනය කිරීම සුදුසුය.

ආරක්ෂාව තිබිය දී සේනාව සීමා කිරීම

ත‍්‍රස්තවාදය පරාජය කර අවුරුදු පහලොවකි. එයට බලපෑ සාධක සොයා පීඩනය තුරන් නොකළහොත් ඉදිරියේ දී නැවතත් එවැනි තත්ත්ව ඇති විය හැකිය. ආර්ථික ප‍්‍රශ්න හා ව්‍යාකූලතා ඉදිරියේ වෙනත් නීති විරෝධී අංශ ද වහා පැතිරෙම්න් පවතී. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැසිරෙන තැනක් බව ලැබෙන වාර්තා දක්වයි. මිනිස් ජාවාරම් ද බහුලව වාර්තාවේ. සයිබර් අපරාධ, කලූ සල්ලි සිද්ධි වාර්තා වෙමින් තිබේ. ජාත්‍යන්තර භූ දේශපාලනයෙන් ද පරෙස්සම්වීමට අවශ්‍යය. කාලගුණ හා හදිසි විපත් ද මේ අතරට එකතු කළ හැකිය. මෙම සියළු පැති සියුම්ව හ`දුනා ගන්නා අතර පාලනය කිරීමට විශාල ආරක්ෂක සේනාංක අවශ්‍ය වේ. දැනට සිටින හමුදා හා පොලිස් නිලධාරීන් ගේ පිරිවැය ද රටට ඔරොත්තු දෙන්නේ නැත. දක්ෂ, සීමිත පිරිසකගෙන් සමන්විත හා රටට නඩත්තු කළ හැකි වෘත්තීය ආරක්ෂක සේවයක් සුදුසුය. එයට ඉතා නවීන ජාතික ආරක්ෂක උපාය මාර්ගයකින් ආවරණය කිරිම අවශ්‍යය. ආර්ථිකය ගොඩනගන ජාතික සැලැස්මක වැදගත්කමටත් වඩා ජාතික ආරක්ෂක සැලැස්මක අවශ්‍යතාව පවතී. මෙම ජාතික ආරක්ෂක උපාය තුළ සියළු පුරවැසියන් අරමුණ වෙනුවෙන් සූදානම් කළ යුතුය.නිසි පුහුණුවක් සහිත ඉතා අවධානයකින් පසුවන පිරිසක් බවට පත් කළ යුතුය. එමගින් මුලින් දැක්වූ තත්ත්ව පාලනය කළ හැකිවේ.

ත‍්‍රිවිධ හමුදාව හා පොලිසියට තීරණාත්මක කාර්ය භාරයක් පැවැරිය හැකි නමුත් ආරක්ෂාව ස`දහා විශාල සේනාවක් හා අධික ධනයක් වැය කළ නොහැක. ආර්ථික දුෂ්කරතා සහිත රටකට පහසු කාර්යයක් නොවේ. ඇතැම් දියුණු රටවල ආර්ථිකයේ ප‍්‍රතිශතයක් වශයෙන් ආරක්ෂාවට වැය කරන ධනය හා ආසන්න ප‍්‍රමාණයක් දැනටමත් වැය කිරීමට සිදුවී තිබේ. ජනතාවගෙන් අය කරන බදු ආරක්ෂාව ස`දහා වැය කරන අතර සංවර්ධන තීන්දුගැනීම පහසු නැත. දරුවන්ගේ අනාගතය උදෙසා තීන්දු ගැනීමේ දී සමාජය තුළ එකමුතුභාවය අඩුය. ආරක්ෂාව, නඩත්තුව හා සංවර්ධනය සමබරව කරගෙන යන්නට උත්සාහ කළ ආණ්ඩු විශාල වශයෙන් දේශීය හා විදේශීය ණය ලබාගෙන අර්බුදකාරී තැනකට පසුවේ. මේවා මෙරට නායකයන් වටහා ගත යුතුය. ආගමික, දේශපාලන හා සමාජ නායකයන් රට දැනට පත්ව ඇති තැන හා එයට බලපෑ හේතු නිරවුල්ව තේරුම්ගත යුතුවේ. දේශපාලනයට හෝ වෙනත් රටකට දොස් පැවැරීමෙන් පමණක් තත්ත්වය නිවැරදි නොවේ.

එක පංතියක් නිර්මාණය කරන අනිවාර්ය යුද පුහුණුව

සිංගප්පූරුවේ දියුණුව අපට නිතර ආදර්ශයක් වශයෙන් කියැවේ. තුන්වැනි ලෝකයෙන් ඉදිරියට යන රටක් නිර්මාණය කළ ලී ක්වාන් යූ මහතා තරුණන්ට යුද පුහුණුව අනිවාර්ය කළේය. එය ව්‍යාකූලතා තුරන් කර, විධිමත් ඉලක්කයකට රට සූදානම් කරන පදනමක් විය. රටවල් අසූ ගණනක් තරුණ, තරුණියන්ට අධ්‍යාපනය ලැබීමෙන් පසු හමුදා පුහුණුව හා සමාන ජාතික සේවා ක‍්‍රමවේදයකට ඇතුලත්වීම අනිවාර්ය කර ඇත. නෝර්වේ, තුර්කිය, බ‍්‍රසීලය, දකුණු කොරියාව, ස්විට්සරලන්තය, ඊශ‍්‍රායලය එයින් කිහිපයකි. අධ්‍යාපනයෙන් පසු රැුකියාවක් ස`දහා ප‍්‍රවේශවීමට කලින් අවුරුදු 18-36 අතර වයස කාලයේ දී මෙම පුහුණුව සැපයේ. මෙහි දී තමන් ජීවත්වන පරිසරයෙන් බැහැරවන තරුණන් නිශ්චිත කාලයක් නිසි කාලසටහනකට අනුව වැඩ කරන්නට ඉගෙනගනී. පොත පත පමණක් නොව රට ගැනත්, අනාගතය ගැනත් අවබෝධයක් ලබන සැසිවලට සහභාගීවේ. විවිධ පැලැන්තිවල හා එකිනෙකට වෙනස් ප‍්‍රදේශවල ජීවත්වන පිරිසක් එකම තැනකට ගෙන අතර ඔවුන් ගතකරන කාලය තුළ විෂමතා අවබෝධ කරගනී. මෙහි දී දුප්පත් පොහොසත්, බලයක් ඇති දෙමාපියන්ගේ දරුවන් යන පසුබිම ඉවත් කෙරේ. පුහුණු කාලය තුළ එකම ඇ`දුමක්, එකම ආහාර හා එකම ක‍්‍රමයකට හැසිරීමෙන් පොදු ප‍්‍රශ්න හා ඒවා නිරාකරණයට ගත යුතු මග අපම සොයාගත යුතු බව අවබෝධ කරගනී. සමබර ආකල්ප සහිත සමාජයක් එයින් ගොඩනැගේ. රට වෙනුවෙන් කැපවන බවට ජාතික හැඟිමක් ඇති කෙරේ. තරුණන් තුළ අලූත් අදහස් ජනිත කරන අතර ආරක්ෂක හා හදිසි ආපදා අවස්ථාවලට මුහුණදීමට අවශ්‍ය මුලික පුහුණුව සැපැයිය හැකිවේ.

සිංගප්පූරුවේ පුහුණු කාලය වසර දෙකකි. ශ‍්‍රී ලංකාවට ගැලපෙන පරිදි තීරණය විය හැකි අතර දීමනාවක් ද ගෙවිය යුතුවේ. වසර පනහක් දක්වා වරින් වර කෙටි පුහුණු කාලසීමා තිබිය යුතුවේ. සමාජ පෙලැන්තිය අනුව හෝ ධනය හෝ බලය ඇති තරම අනුව පුහුණුවට එන පිරිසට වරප‍්‍රසාද තිබිය යුතු නැත. වෛද්‍ය නිර්දේශ හැර අනෙක් කිසිම හේතුවක් පුහුුණුවන් ගැලවෙන්නට නිදහසට කරුණක් නොවේ. සමානාත්මතාවය හා සියලූම දෙනාට ඇත්තේ එකම අවස්ථාව බව සමාජයකට ඒත්තු යන්නේ මෙවැනි ව්‍යායාම හරහාය.

අනිවාර්ය ජාතික සේවය ස`දහා පිරිවැය

ආරක්ෂක අංශවල නිරත වෘත්තිය පිරිස සීමාසහිත කරන හා එයින් වියදම පාලනයකරන අතර ජාතික සේවයට කැපවූ ජන සමූහයක් ගොඩනගන පසු දැනට රට තුළ පවතින ව්‍යාකුලතා පරිවර්තනයකට ලක් වනු ඇත. අපරාධ මර්දනය සමාජයෙන් ඇරඹේ. විනාශකාරී සිද්ධි පාලනයට සියළුදෙනා එකතුවේ. එය ආරක්ෂක අංශවල කාර්යයක් යැයි පැත්තකට වෙන්නේ නැත. ගංවතුරක්, ස්වභාවික විපත් අවස්ථාවක් හමුවේ සියළු දෙනා වැඩට බැස එයින් මුදවාගන්නට පසුබිමක් හැදේ. මෙම සහභාගීත්වය යුද මානසිකත්වය පාලනය කරනු ඇත. ආයුධ සහිතව පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නොගැලපේ. රෝහලේ වර්ජනය හමුවේ ආරක්ෂක අංශ යෙදවීම සුදුසුම ක‍්‍රියාමර්ගය නොවේ. සුළු ආපදාවක දී පවා ආයුධගත් පිරිස් ඉදිරිපත්වීම සමාජයකට සුදුසු නැත.

යුද්ධයකට හමුදාව අවශ්‍ය නමුත් සමාජ පැවැත්මට හමුදා සහාය අනවශ්‍යය. ආරක්ෂාව ස`දහා විශාල භට පිරිස් නඩත්තු කරන රටවල් යුද්ධවලින් පසු විසුරුවා හැර සමාජයට වගකීම් පවරයි. ඇෆ්ගන්, ඉරාන යුද්ධවලින් පසු කොටසක් මුදා හරින්නට ඇමරිකාව තීරණය කළේය. හමුදා නිලධාරීන්ට කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ ඉහළ නිලතලවලට ඇතුළුවීමට ඉඩ දෙන ලද අතර ඒවායේ රාජකාරි කරන අතරවාරයේ තවත් ඉහළට ඉගෙනගැනීමට ශිෂ්‍යත්ව පිරිනැමීය. ශ‍්‍රී ලංකාවට ද තරුණන් අනිවාර්ය යුද පුහුණුව ලබාදෙන අතර ආරක්ෂක අංශවල සේවය අඩුකර විශ‍්‍රාම යන පිරිස ගෞරවයෙන් සමාජයට ඇතුළුකරන ක‍්‍රමවේද සකස් විය යුතුය. පුහුණු පිරිස නීති විරෝධී සිද්ධවලට සම්බන්ධවීම එයින් වැලකේ. ආරක්ෂක අංශවලට පහසුකම් සපයන අතර අනිවාර්ය පුහුණුව සඳහා කරන ආයෝජනය යෝජනා කිරීම කුඩා ආර්ථිකයක් ඇති රටකට පහසු නැත. සමාජය තුළ දක්නට ලැබෙන බෙදීම් හා රට ගැන කැක්කුමක අඩුවීම හා ජන සමාජයේ ඇති ඇතැම් දුබලතා දකින විට මෙවැනි ක‍්‍රමවේදවලට කරන ආයෝජනය අපතේ යා නොහැකිය.

පුහුණුවකින් ආකල්ප වෙනස් කළ යුතු තවත් පැති

අනිවාර්ය යුද පුහුණු ක‍්‍රමවේදය, ජන සමාජය් තවත් ප‍්‍රශ්නවලට උත්තර සපයනු ඇත. නොසැලකිල්ල, නොරුස්නාභාවය ඉවත් කළ හැක. තරුණන් ඉල්ලන පිලිගැනීම ඇති කළ හැකිවේ. එය තරුණ අසහන කොමිසමෙන් හෙළි වූ වැදගත් කරුණකි. අධිරාජ්‍යවාදීහු ටයි පටි පළඳින සමාජයට ගරු කරන්නට පොළඹවන ලද අතර ආරක්ෂාව, සේවය හා කැපවීම වැනි ගුණාංග සහිත අංශ පහත්කොට සැලකීය. සම්ප‍්‍රදායිකව පවතින එවැනි දුබලතා තවදුරටත් ආරක්ෂා කරමින් රටකට ඉදිරියට යා නොහැක. ශ‍්‍රී ලංකාව දැනට මුහුණ පා ඇති අර්බුදය අලූතින් සිතන්නට අවස්ථාවකි. පැරණි සම්ප‍්‍රදායික සමාජ වැරදි ජාත්‍යන්තරයේ හෝ මෙරට අතීත සම්ප‍්‍රදාය අනුව යමින් නිවැරදි කර ගත යුතු මොහොතකි. රට වෙනුවෙන් කැපවන, ජාතිකාභිමානයෙන් යුතු උසස් දර්ශනයක් සකසා ගැනීම අවශ්‍යතාවබව අවධාරණය කළ යුතුව තිබේ. යුතුකම, වගකීම හා කැපවීම අරමුණු කරගත් ප‍්‍රතිපත්ති ස`දහා සමාජයම සූදානම් කළ යුතුය. නැවතත් නැගී සිටින පියවරක් වශයෙන් අලූත් ව්‍යුහයක් ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි? වගකීම අපට ලබාගන්නා සමාජයක් නිර්මාණය කරගන්නට අනිවාර්ය යුද පුහුණුව හා එයින් ජාතික සේවයකට සූදානම් පරපුරක් බිහිකරගැනීම ගැන අවධානය යොමු නොකරන් හේතුව කුමක්ද? මෙම ලිපිය ගැන ඔබගේ අදහස ැප්සක?පසකසබා්ගදරට

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.