11/12/2023 - ලංකාදීප
දියුණු ආර්ථිකයකට ප්‍රවේශයක්

ශ‍්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික පරිවර්තනයක් සදහා නවෝත්පාදන සැලැස්මකට යා යුතුය. මෑත කාලය තුළ මුහුණ දුන් අභියෝග හේතු කොටගෙන පොදු ජනතාව අතරින් බහුතර කොටසක් සංකීර්ණ ගැටළුවලින් පීඩාවිදිමින් සිටී. වහාම වෙනස්කම් ඇතිකරන අතර ජන ජීවිතය සතුටුදායක තැනකට පත්කරන අපේක්ෂාවකින් පසුවේ. දැනට අනුගමනය කරන ප‍්‍රතිපත්ති අනුව ශ‍්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම වර්ධනය සියයට තුනක් බව දැක්වේ. සියයට හය ඉක්මවන ආර්ථික වර්ධනයකට පියවර ගැනීමෙන් හැර පවතින අර්බුදකාරී තත්ත්වයට වෙනත් විසදුම් නැත. වරින්වර කරන බදු සංශෝධනවලින් එම වර්ධනය ලබාගත නොහැක. විවෘත ආර්ථික ක්‍‍්‍රමය හදුන්වාදීමෙන් සහ මහවැලි ව්‍යාපාරය වැනි දැවැන්ත සංවර්ධන යෝජනා ක‍්‍රම හේතු කොටගෙන වෙනස්කම් ඇති වූ ශ‍්‍රී ලංකාවේ පැවැත්ම අලූත්ම මුහුණුවරකින් හා මහා පියවරකින් ඉදිරියට යොමු කළ යුතුය.

මහවැලි යෝජනා ක‍්‍රමය කඩිනම් කිරීම ගැන ඇතැම් පාර්ශව වලට වෙනස් මත ඇත. සමාජ හා පරිසර හානියක් සිදු වූ බව හුවා දක්වයි. විවෘත ආර්ථික ක්‍‍්‍රමය ගැන ද විවේචන පවතී. ආර්ථිකයේ බලපෑම සමග සමාජ ක්‍‍්‍රමය වෙනස්කරන නරක පැති එකතු වූ බවට ද අදහස් තිබේ. යහපත හා අයහපත සසදාබලා වඩාත් ගැලපෙන අංග හදුනාගැනීමේ වගකීමක් අප සියළු දෙනාට ඇත. විවේචන කරමින් සමාජ ප‍්‍රගමනය අවහිරකිරීම වෙනුවට අවබෝධයක් සහිතව, පුලූල් තීරණ ගැනීමෙන් අනාගතය සුබවාදී පැත්තකට හැරවිය හැකිය. බදු බර පටවන අතර මහජනතාව පෙලා ආණ්ඩුවේ ආදායම උපයා ගැනීම වෙනුවට ආර්ථිකය නංවන මහා සැලැස්මක් ගැන අවධානය යොමු කළ යුතු බව විශේෂයෙන් සදහන් කළ යුතුව තිබේ. අලූත් ආර්ථික සැලැස්මකට ඇතුළුවුවහොත් බදු අඩු කළහැකි වනු ඇත.

වහාම අයිතිකර ගත හැකි අවස්ථා අත්නොහැරීම

කුඩා ආර්ථිකයක් සහිත ශ‍්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට හැරවීමේ දී, නවීන ආර්ථික ක‍්‍රමෝපායයන්ට ගැලපෙන තීරණ ගැනීමට සිදුවේ. තේ, රබර් හා පොල් වැනි කෘෂිකාර්මික අපනයන ඔස්සේ ගමන් කළ හැකි සීමිත ගමන ගැන අවබෝධයක් අපට ඇත. ඇගළුම් කර්මාන්තයෙන් හෝ විදේශ රටවලට ලාංකේය ශ‍්‍රමිකයන් සැපයීමෙන් පමණක් රට දියුණු කළනොහැකි බව තහවුරු වී තිබේ. මුලික අවශ්‍යතා සපුරාගැනීම සදහා විදේශ විනිමය උත්පාදනය තීරණාත්මකය. රැකියා උත්පාදනය, ජාතික ආදායම වැඩිකරගැනීම ඉදිරියේ අලූත් උපාය මාර්ග අනුගමනය කළ යුතුවේ. පවතින පරස්පරතා තුරන් කර දියුණුව සදහා වෑයම් කළ යුතු අතර එහි දී, විකල්ප සැලසුම් සම්බන්ධයෙන් තිබිය යුතු කැපවීම ගැන සමාජයක් වශයෙන් තීන්දුගත යුතුව තිබේ.

දැනට පවතින තත්ත්වයෙන් තවදුරටත් සිටින හා වෙනස්කම්වලට අවතීර්ණවුවහොත් පවතින සමාජ රාමුව වෙනස්වන බවට භීතියක් ඇති කරගතහොත් ¥පතක, කුඩා ආර්ථිකයක තව දුරටත් පැවැතිය හැකිය. ආර්ථිකය ස්ථාවර වන ශ‍්‍රී ලංකාව සැලකිය යුතු දියුණුවක් රහිතව මධ්‍යම පාන්තිකයන්ට ඉහිලිය නොහැක.

සංකීර්ණතා සහිතව පවතින්නට ඉඩ තිබේ. ලෝකයේ අනෙක් රටවල් දියුණුවන සහ එම රටවලට සංක‍්‍රමණයවීම සදහා අපගේ දරුවන් දක්වන ඇල්ම එසේ ම පවතිනු ඇත. අපගේ යුතුකම හා වගකීම එය නොවේ. දරුවන්ට සැනසිල්ලේ ජීවත්විය හැකි, යහපත් රටක් ගොඩනගන වගකීමෙන් අපට බැහැර විය නොහැක. ජාත්‍යන්තරයේ ඇති අලූත් ආර්ථික බලවේග අතරින් රටට හා සංස්කෘතියට ගැලපෙන, අනන්‍යතාව ආරක්ෂා කරන මහා ව්‍යාපෘති සලකා තීරණ ගැනීම අවශ්‍යය. ඉතිහාසයට අනුව ලෝකයේ නොයෙක් රටවල් සමග ගනුදෙනු කරන අතර අනත්‍යතාව හා සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කරගන්නට ලාකේය සමාජය සමත්ව තිබේ.

කේන්දා‍්‍රස්ථානයක තත්ත්වයෙන් ප‍්‍රයෝජන ගැනීම

ඉන්දියන් සාගරයේ ශ‍්‍රී ලංකාව පිහිටා ඇති ස්ථානය කේන්ද‍්‍රීය වැදගත්කමක් සහිතය. අතීත සිද්ධි සලකාබලන පසු අධිරාජ්‍යවාදීන් මෙම පිහිටීමෙන් වාසි අත්පත් කරගත් බව පැහැදිලිය. කෘෂිකාර්මික අපනයන බෝගවලට තිබුණ අවස්ථා වෙනුවට යටිතල පහසුකම් තුළින් ප‍්‍රයෝජනගත හැකිවේ. වරාය, ගුවන් තොටුපොල, බලශක්ති සම්පාදනය වැනි අංශවල ප‍්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් ශ‍්‍රී ලංකාවට අනාගතයක් තිබේ. දකුණු ආසියාවේ ප‍්‍රධාන මෙහෙයුම් ඒකකය බවට පත්කරන්නට අවස්ථාවක් තිබේ. නෙදර්ලන්තය යුරෝපයට සැපයුම් දොරටුවක් වූ අතර හොංකොං චීනයට ප‍්‍රවේශය වී ඇත. ඒ හා සමානව ඉන්දියාව හා එයින් ඔබ්බට ඇති රටවලට සේවා සැපැයිය හැකි වනු ඇත.

කොළඹ වරාය මෙහෙයුම් මෙහි දී වැදගත්ය. දැනටත් වරාය භාවිතා කිරීමේ දී සියයට හැත්තෑවක් ඉන්දියාවට සේවා සපයයි. දකුණු ආසියාවේ වැදගත් තැනක් බවට දියුණු කළ හැක. මෙහි එක පර්යන්තයක් සදහා ආයෝජනය කළ අදානි සමාගමට ඇමරිකාවේ ප‍්‍රධාන බැංකුවක මුල්‍ය සහායලැබී ඇති අතර ජාත්‍යන්තර පිිලිගැනීම සම්බන්ධ සාක්ෂියකි. ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය දුර්වල නමුත් අනාගතයේ දී ඇතිවිය හැකි පසුබිම සලකා බලා ඇත. ප‍්‍රවාහන භාණ්ඩ කොළඹට ගෙනැවිත් එතැන් සිට කුඩා නැව්වලින් කලාපයේ යාබද වරාය වෙත යොමු කරනු ඇත. මෙම අවස්ථාව අහිමිවීමට කලින් දියුණු කර තාක්ෂණය හා බහුවිධ ප‍්‍රවාහන කම ඇතුලත් කළහොත් ප‍්‍රයෝජනවත්වේ. විශේෂයෙන් ගොඩබිම මාර්ගයක් ඉදිකළහොත් වරායෙන් පැටවෙන කන්ටේනර් පැය කිහිපයකින් දුම්රිය මාර්ග ඔස්සේ ඉන්දියාව, නේපාලය හා භූතානය වෙත ප‍්‍රවාහනය කළ හැකි වනු ඇත. එයින් මැද පෙරදිග හා යුරෝපය දක්වා විහිදේ. මේවා මහා සැලසුම් වන අතර දුම්රිය මාර්ග තැනීම, විදුලිය දුම්රිය යෙදවීම හා අදාල ආයෝජනවලට ජාත්‍යන්තර සහාය ලබාගත හැකිවේ. සැපයුම් අංශ පිරිවැය අඩු අංශ ගැන විමර්ෂණය කරන අතර ශ‍්‍රී ලංකාව අවස්ථාව විවෘත කළහොත් ආයෝජන දිනාගත හැක. මෙම පරිසරය වෙනස් කරන රාමුව තුළ දේශීය කර්මාන්ත හා කොන්ත‍්‍රාත්වලට ද අලූත් ව්‍යාපාරික පරිසරයක් සැකසෙනු ඇත.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර සමීපතම ස්ථානයෙන් පාලමක් ඉදිකළහොත් එය අනාගතයේ දී යුරෝපය දක්වා විහිදෙන යටිතල පහසුකම් සංවර්ධන සැලැස්මට ද ඇතුලත් කළ හැක. ඉන්දියාවේ මනිපූර් ප‍්‍රාන්තයේ සිට මියන්මාරය හරහා තායිලන්තය දක්වා ඉදිකරන අලූත් අධිවේගී මාර්ගයෙක් ඉදිවෙමින් පවතින අතර ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු වසරකට ඇමරිකානු ඩොලර් බිලියන හැත්තෑවක් බැගින් රටවල් වල ආර්ථිකය ප‍්‍රසාරණයවනු ඇතැයි සැලකේ. මේවා ශ‍්‍රී ලංකාව දක්වා යා කළ හැක. ලෝකයේ මෙවැනි දොරටු නිර්මාණය වී ඇත. බි‍්‍රතාන්‍යයේ සිට යුරෝපය දක්වා මුහුද පත්ලෙන් සකස්කළ උමං මාර්ගය මෙයට සමාන අවස්ථාවකි.

විදුලිය බලශක්තිය සංවර්ධනයට තවත් පියවරක

බලශක්ති අවශ්‍යතාව තවත් පැත්තකි. ශ‍්‍රී ලංකාවේ පිහිටීම අනුව සූර්ය තාප, සුළං බලාගාර හා හරිත හයිඩ‍්‍රජන් වැනි ප‍්‍රභව මගින් විදුලිය උත්පාදනයට වහාම අවස්ථාව ඇත. රටට අවශ්‍ය විදුලිය ප‍්‍රමාණය මෙන් හය ගුණයක් නිපදවිය හැකි බව දැක්වේ. විදුලිය ද සන්නිවේදන තාක්ෂණය හා සමානව ජාලගත වන ප‍්‍රවණතාවයක පසුවේ. ඔස්ටේ‍්‍රලියාවේ නිපදවන විදුලිය සිංගප්පූරුවට සපයන රුහැන් පද්ධතියක් දැනට ඉදිවෙමින් පවතී. ඉන්දියාව සිය අතිරේක විදුලිය නේපාලය, බංගලාදේශය හා මැලේසියාවට අලෙවි කරයි. මේ අතර සවුදි අරාබියට හා ඊශ‍්‍රායලය සමග විදුලිය සම්බන්ධ කිරීමට ඉන්දියාව අලූත් ගිවිසුමක් අත්සන් කර තිබේ. හුදෙක් ඉන්දියාව සමග සම්බන්ධ වන ආකල්පයට වඩා පරිනත පුලූල් දර්ශනයක් රටට අවශ්‍යය. ජාත්‍යන්තරයේ පැතිරෙන ජාලගත විදුලිය ව්‍යුහයට සම්බන්ධ විය හැකි පරිදි සංවර්ධනය කළහොත් ශ‍්‍රී ලංකාවේ විදුලිය සිංගප්පූරුව, දකුණු ආසියාව හා මැදපෙරදිග රටවල් දක්වා සම්පේ‍්‍රශණය කළ හැක. මෙම සම්බන්ධය සමග විදුලිය විකුණා විනිමය ඉපැයීම ඉක්මවා ගිය ව්‍යුහයක් නිර්මාණය වේ. මැද පෙරදිග රටවලට ගොස් දුක්විදින ජන කොටස්වලට ඒවා අත්හැරිය හැකි වනු ඇති අතර රට තළ ඇතිවන ශ‍්‍රම ඉල්ලූම සැපයීම සදහා අධ්‍යාපන ක්‍‍්‍රමවේද පවා වෙනස් කරන්නට සිදුවන බව සදහන් කළ යුතුය.

මහවැලි සංවර්ධන සැලැස්ම සමග ද, අතිරික්ත විදුලිය ප‍්‍රමාණයක් ගැන ප‍්‍රකාශ වූ නමුත් ශ‍්‍රී ලංකාවේ විදුලිය අවශ්‍යතා සමග විදුලිය ඉල්ලූම ඉහළ ගියේය. විදුලිය උත්පාදනය වැය කරන පිරිවැය අද වන විට ඉහළ මටට්මක පවතී. පුනර්ජණනීය විදුලිය උත්පාදන ක්‍‍්‍රම ඔස්සේ ඒකක පිරිවැය විශාල වශයෙන් අඩු කළ හැක. මෙම සංවර්ධන සංකල්පයෙහි අවසාන ප‍්‍රතිපලය රටට අවශ්‍ය විනිමය උපයන මාර්ගයක් බවට විදුලිය බලය පත්වන අතර පාරිභෝගිකයන්ට අඩු මිලට විදුලියූ ලැබීමය.

ඛනිජ තෙල් සැපයුමට ද නල මාර්ගයක්

ශ‍්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළ`දාම එහි වාසි ගැන දන්නා සීමිත පිරිසකට වාසි සපයයි. මාසයකට අවශ්‍ය ඉන්ධන නැව් පහක් හෝ හයක් ගෙන්වනවිට එම ව්‍යාපාරයෙන් අතර මැද යැපෙන කන්ඩායම් අද පවතින ඉන්ධන මිලට වගකිව යුතුය. ඉන්ධන පරිභෝජනය කරන ලෝකයේ විශාල රටක් බවට ඉන්දියාව පත්ව ඇත. සවුදි අරාබියේ ඇරැුුම්කෝ සමාගම තෙල් ගබඩා කිරීම ස`දහා ලෝකයේ තුන්වැනි විශාලතම මධ්‍යස්ථානය ඉදිකරන්නට සූදානම්වේ. එයට අමතරව රාජස්ථාන් ප‍්‍රාන්තයේ අලූත් තෙල් පිරිපහදුවක් ඉදිකරන අතර මෙම දැවැන්ත ව්‍යාපෘතිය ග‍්‍රීසා පිරමීඩය මෙන් හය ගුණයකි. ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ශ‍්‍රී ලංකාවට විශාල නමුත් ඉන්දියාවේ තෙල් අවශ්‍යතා ඉදිරියේ සුළු කොටසක් බව මෙයින් පෙනෙනු ඇත.

ඉන්දියාවට අවශ්‍ය තෙල් සැපයීම ස`දහා සවුදි අරාබිය, ඉරානය හා රුසියාව ඉදිරිපත්ව සිටී. තොගමිල දී ගැනීමේ දී අඩු මිල ගණන්වලට සපයන ගිවිසුම් අත්සන් කර තිබේ. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර තෙල්නල මාර්ගයක් ඉදිකරන හා එය ත‍්‍රිකුණාමලය ටැංකි හරහා සම්බන්ධවුවහොත් විශාල ආර්ථික වාසියක් ලැබේ. පුලූල් ජාත්‍යන්තර සම්බන්ධතා හා අර්ථික ප‍්‍රතිපත්ති කෙරෙහි විශ්වාසයක් ගොඩනැගීමෙන් පසු මේවායේ වාසි සාමාන්‍ය ජනතාවට අත්පත් කරගත හැකිවේ.

මානව සම්පත හොද ශක්තියක් බවට හැරවීම

මානව සම්පත ශ‍්‍රී ලංකාවේ ඉහළම වත්කම බවට පත්කරගත හැක. ලක්ෂ විස්සක පමණ පිරිසක් වෙවත් රටවල සේවය කරමින් සිටිති. රට තුළ අවස්ථා රහිත හෙයින් වෙනත් රටක සේවය කරන්නට සිදුවී තිබේ. මහා ව්‍යාපෘති ඇරඹුවහොත් ශ‍්‍රමයට ඉල්ලූමක් ඇතිවේ. වරාය, බලශක්තිය හා ඉන්ධන හා සමානව ගුවන් කේන්ද‍්‍රස්ථානයකට ද කොළඹ පිහිටීම සුදුසුය. දැනටමත් ඔස්ටේ‍්‍රලියාව, බි‍්‍රතාන්‍ය දක්වා යන ඉන්දීය මගීහු කොළඹට පැමිණ වෙනත් ගුවන් යානාවලට එකතුවේ. ගුවන් තොටුපොල නවීකරණය හා තාක්ෂණයෙන් බලගැන්වීම සමග වෙනස්කම් ඇති කළ හැක. ඉන්දියාව අලූතින් ගුවන් තොටුපොල සියයක් සංවර්ධනය කරන අතර ඉන්දීය රජයට අයත්ව තිබුණ එයාර් ඉන්දියා සමාගම පුද්ගලීකරණය කිරීමත් සමග මගී ප‍්‍රවාහන ධාරිතාව වර්ධනය වී ඇත. එයාර් ඉන්දියා සමාගම අලූත් ගුවන් යානා හත්සිය පනහක් ඇනවුම් කිරීමත් ඉන්දියාවේ තවත් පුද්ගලික ගුවන් සේවාවක් වන ඉන්ඩිගෝ සමාගම අලූත් යානා පන්සියයක් ඇනවුම් කිරීමත් සමග කලාපයේ ගුවන් ගමන් දියුණුවිය හැකි තරම දැක්වේ.

කටුනායක හා මත්තල යන ජාත්‍යන්තර ගුවන් තොටුපොල ඉන්දියානු සේවා ජාලයට ඇතුළු කළහොත් රටට සංචාරකයන් ගෙන්වා ගැනීමට හා අන්තර් ජාතික මගී හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත් කළ හැක. දැනටත් රටට එන සංචාරකයන් අතරින් සියයට විසිපහක් ඉන්දියානුවන්ය. තාක්ෂණය දියුණුව සමග සමහර රටවල ගුවන් තොටුපොල හා සේවා සමාගම් වීසා පරීක්ෂා කිරීමේ හා මගීන් ගේ ආගමන විගමන කටයුතු හැසිරවීම ද පිටතට භාර දී ඇත. ගුවන් යානයට ඇතුළුවන විට ලැබෙන අනුමැතියෙන් පසු මගීන්ට යානයෙන් බැස කෙලින්ම රටකට ඇතුළුවිය හැකි ආකාරයට ක්‍‍්‍රම සකස් කර ඇත. ශ‍්‍රී ලංකාව ගුවන් අවකාශය විවෘත කර මගීන්ගේ පහසුව ඇති කරන ප‍්‍රතිපත්ති සකස් කළහොත් දැනට ඇති මෙහෙයුම් ධාරිතාව කිහිප ගුණයකින් වැඩි කර ගත හැකිවේ. සිංගප්පුරුවේ ගුවන් තොටුපොල මගී හැසිරවීම එයට හො`ද උදාහරණයකි.

මග හැරුණු මග ගැන කියැවීමක්

නිදහසට පසු කාලයේ කර්මාන්ත හා ව්‍යාපාර වලින් ඉදිරියට පැමිණ ජාත්‍යන්තරයට ඇතුළුවන අවස්ථාව තිබුණි. 1970 ගණන්වල ක්‍‍්‍රියාත්මක වූ රජයට පවරා ගැනීමේ සංකල්පය අවාසියක් විය. ශ‍්‍රී ඉවත්ව ගිය සමාගම් සිංගප්පූරුව තෝරාගත් අතර ලී ක්වාන් යූ මහතා ගේ ලියැවිලි අනුව ශ‍්‍රී ලංකාව අත්හරින ලද ආයෝජන සිංගප්පූරුවේ පැවැත්මට විශාල බලපෑමක් වූ බව දක්වා ඇත. අසූව දශකයේ මුල් භාගයේ ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ආර්ථික හා වෙළද සබදතා පුලූල්භාවයක් පැවැතිණ. බටහිර රටවල් හා ජපානය සම්බන්ධ වී තිබුණි. දකුණු ආසියාවේ නැගී එන රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව සමග ගනුදෙනු කරන්නට තෝරාගෙන සිටි නමුත් එහි අවකාශය හදුනාගෙන අසල්වැසි බලවත් රටවල උපාය අනුව තීක්ෂණව ක්‍‍්‍රියා කරන්නට ශ‍්‍රී ලංකාව අපොහොසත් විය. බටහිරට නැඹුරුවීම තමන්ට, තර්ජනයක් වනු ඇති බවට සැක කළ ඉන්දියාව ශ‍්‍රී ලංකාවට කළ අතවර ත‍්‍රස්තවාදය නැගෙන්නට හේතු වූ අතර, එහි ප‍්‍රතිලයක් වශවෙන් දශක තුනක වන්දියක් ගෙවන්නට රටට සිදුවිය. ජාත්‍යන්තර ප‍්‍රවණතා හදුනාගෙන උපායශීලීව ගමන සැලසුම් කළේ නම් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය.

ජපානයේ සහාය අහිමි වූ හේතුව ද අවාසනාවන්ත තත්ත්වයකි. ජපානය සංවර්ධනය වන අතර ඔවුන්ගේ ආයෝජන කලාපයට ව්‍යාප්ත කරන්නට සූදානමක් තිබුණි. 1983 ජුලි කලබල ඇරඹෙන වකවානුවේ ජපාන නියෝජිත කණ්ඩායම් ශ‍්‍රී ලංකාව සමග සාකච්ඡා කර එරට ආයෝජන විහිදුවන්නට කටයුතු කරමින් සිටි නමුත් කළබල සමග එම අදහස් අත්හරින ලද බව සදහන් කළ යුතුය. තායිලන්තය, මැලේසියාව වැනි රටවලට එම ආයෝජකයන් ඇතුළු වූ බව දැක්වේ. චීනයේ ආර්ථික වර්ධනය සමග අවස්ථාවක් ලබාගත හැකි වූ නමුත් යටිතල පහසුකම් සදහා ණය පමණක් නොව එය ඉක්මවා පුලූල් දැක්මක් අනුව තීරණ නොගැනීම අර්බුදයකට තල්ලූ කරන්නට හේතුවිය. චීනයේ ආර්ථික වර්ධනය හා ඉන්දියාවේ දැනට පවතින වේගවත් සංවර්ධනය ශ‍්‍රී ලංකාවට පාදාගත හැකි අවස්ථා අතර තිබේ. පවතින දුර්මත හා පටු ආකල්ප ඉක්මවන තීරණ ගැනීමට සමාජය සූදානම් විය යුතුය.

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා භින්න අදහස් ඇති පිරිස් ආර්ථිකය පුලූල් කරන හා ජාත්‍යන්තරය සමග බැදීම් ඇති කරගැනීම ගැන භීතියක පසුවේ. රට ආර්ථික වශයෙන් යටත් කරගන්නට ඉන්දියාව උත්සාහ කරන බව හුවා දක්වයි. ආත්ම ශක්තිය ඇති කරගෙන, අනන්‍ය සැලැස්මට අනුව කටයුතු කළහොත් යටත්වීමට හේතුවක් නැත. ගෝලීය අවස්ථාවලින් යැපෙන පිරිස අවස්ථා අහිමි සාමාන්‍ය ජනතාව ගේ ජීවන මටට්ම උසස් කරන්නට හේතු විය හැකි නිර්භීත පියවර වලක්වන අතර ඊළ`ග ඡන්දය ගැන පමණක් සිතන දේශපාලන කණ්ඩායම් ද, එම මතවාදවල එල්බ සිටීම අවාසනාවන්ත තත්ත්වයකි. ආර්ථික ප‍්‍රසාරණය හා ලොකුවට හිතන මානසිකත්වයක් රටට අවශ්‍යය. කාලීනව වැදගත්වන ප‍්‍රතිපත්ති ස`දහා ජනතාව සූදානම් කිරීම බුද්ධිමත් ජන කොටස්වල වගකීමකි.