14/12/2023 - දිනමිණ
ආගමික ස්ථානවල විදුලි බිල සූර්ය පැනල වලට හරවන තෙක් සහනයක් අවශ්‍යයි
 
ආගමික ස්ථානවල විදුලි බිල සූර්ය පැනල වලට හරවන තෙක් සහනයක් අවශ්‍යයි

ආගමික ස්ථානවල විදුලි බිල සූර්ය පැනලට වලට හරවන තෙක් සහනයක් අවශ්‍ය යැයි 'උරුමයක උල්පත් නිර් මාතෘ සහ ඉන්දියාවේ හිටපු ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

"සාමාන්‍ය ජනතාවට ගෘහස්ථ විදුලිය සඳහා අය කරන ගාස්තු දරා ගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා, පීඩාවට පත් ජනතාවගේ අධ්‍යාත්මික සැනසිල්ලට හේතුවන ආගමික ස්ථාන වල විදුලිය බිල ගෙවීම ද දායකයන්ට ප්‍රශ්නයක් වෙලා.

අතිශය තීරණාත්මක සංධිස්ථානයක පවතින ආර්ථිකය සම්බන්ධ ප්‍රතිසංස්කරණ වලදී ආගමික ස්ථාන සම්බන්ධයෙන් රජයට වගකීමක් ඇති බව අතක නොකළ යුතුයි. මෑත කාලයේ සංශෝධනය කරන ලද ගාස්තු අනුව පාරිභෝගිකයන්ට දැචිය නොහැකි මිලක් විදුලියට අය කරනවා, විදුලිය නිෂ්පාදන පිරිවැය අඩු කරන ප්‍රතිසංස්කරණ වහාම අවශ්‍යයි. විදුලිය බිල ගෙවා ගත නොහැකි ලක්ෂ ගණනක පිරිස අතර බෞද්ධ හා අනෙක් ආගමික සිද්ධස්ථාන තිබීම ද විශේෂ අව ධානයට ලක්විය යුතුයි. විහාරස්ථාන, කෝවිල් දේවස්ථාන සහ පල්ලියේ විදුලි බිල ඒවායේ දායකයන්ගේ සහභාගීත්වයෙන් පියැවෙනවා.

තමන්ගේ විදුලිය බිල ගෙවා ගත නොහැකි ජන කොටස ආගමික ස්ථාන වලට කරන දාය කත්වය සීමා කරනවා, එය සමාජයේ සාරධර්ම පිරිහීමට බලපාන සාධකයක්. ආගමික ස්ථාන වල විදුලිය සැපයුමට ඉන්දියානු ආධාර සහිතව සූර්ය තාප පද්ධති සපයන සැලැස්මත් රජය යෝජනා කර තිබෙනවා. එය ක්‍රියාවට නඳුන තෙක් විදුවී බිල්පත් සහනයක් ප්‍රකාශයට පත් කිරීම සුදුසුයි.