28/01/2024 - ඉරිදා ලංකාදීප
උරුමයක උල්පත පදනම ත්‍රෛනිකායික සංඝ උපදේශක සභාවක් පත් කරයි
 
උරුමයක උල්පත පදනම ත්‍රෛනිකායික සංඝ උපදේශක සභාවක් පත් කරයි

උරුමයක උල්පත පදනම් ත්‍රෙනිසායික හාහිමිපාණන් වහන්සේලා නියෝජනය කරන උපදේශක සභාවක් පත්කොට තිබේ. ජාතික අනන්‍යතාව, ආගමික සහ සංස්කෘතික කටයුතු සම්බන්ධ ක්‍රියාකාරී විද්වත් පිණ්ඩපයක් වශයෙක් කටයුතු කරන මෙම පදනම සමාජ විනය ඇතිකරන හා විවිධත්වය ශක්තියක් බවට පත් කරන වැඩසටහන් ලාභ අපේක්ෂාවකින් තොරව ක්‍රියාත්මක කරමින් සිටී.

උපදේශක සභාව පසුගියදා සිය පළමු සාකච්ඡා සභාවාරය පැලියගොඩදී සංවිධානය කර තිබුණ අතර ආචාර්ය නියංගොඩ විජිතසිරි. සියම් මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාමි. අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අනුහායක, ගන්තුනේ අස්සජි, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ චූලගන්ධි පාර්ශ්වයේ මහානායක, මහාචාර්ය කොටපිටියේ රාහුගේ, ශ්‍රී කලකණ සාමශ්‍රී මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර, සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය, කෝන්ගස්තන්නේ ආනන්ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක තන්ජන්ගේ ධර්මමරසි අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ යන ස්වාමින්වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

දෛනිකායික මහා සංඝයා වහන්සේලා ගේ අදහස් අනුව දැනට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික සහ සමාජ ගැටලු සම්බන්ධව මධ්‍යස්ථව කරුණු සලකා බලන සැදැසීමක් ඇති කිරීමේ වැදගත්කම උරුමයක උල්පත පදහම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා මෙහි දී අවධාරණය කළ අතර ආගමිත වශයෙන් මතු වී ඇති නොයෙක් අනවශ්‍ය මතවාද සම්බන්ධයෙන් පුළුල් සාකච්ජාවක් ආරම්භ කිරීමේ අවශතාවයද පෙන්වා දී තිබේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ විද්‍යා හා තාක්ෂණ, සංචාරක සහ පසුව අධිකරණ යන අසාත්‍ය ධුර හොබවන කාලයේදී සංඝ උපදේශක සභාව පත්කර කටයුතු කරන ලද මිලින්ද මොරගොඩ මහතා අනතුරුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඉතිðසිට ඉන්දියානු මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු සරන කාලයේදී ද, සංඝ උපදේශක සභාව පත්කොට කටයුතු කර තිබුණි. මෙම කාලය තුළ විහාරස්ථාන දුරකතන නාමාවලි, බෞද්ධ ග්‍රන්ථ පළකරන ලද අතර සිද්ධස්ථාන සහ බොදුනු සංචාරකයන් සඳහා පහසුකම් සපයන වැඩ සටහන්ද උරුමයක උපත පදනම මගින් ක්‍රියාත්මක කර ඇත.