» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/01/2013 - ඉරිදා ලංකාදීප
සමාජ දියුණුව වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනන්‍යතාවයක් - මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාවේ නිදහස් නිවහල් රටක් වශයෙන් රාජ්‍ය පාලනය පැවතිය හැකි ආකාරය සම්බන්ධයෙන් මෙයින් දශක හයකට කලින් රට තුළ සංවාදයක් පවතින්නට ඇති බව නිසැකය. එදා මෙරට ජීවත් වූ පොදු ජනතාව තම දරුවන්ගේ අනාගතය ගැන සිහින දකින්නට ඇත. එයින් යම් පිරිසක් අද පවතින තත්ත්වය ගැන දක්වන ආකල්පය සතුටුදායක එකක් ද? මෙරට පාලනය කළ එම වකවානුවේ නායකයන් රට දියුණු කරන්නට කල්පනා කරන්න ඇත්තේ කොහොමද? ආපසු හැරී බැලීම වැදගත්ය. මන්ද අද රට ගැන මහජනතාව තුළ ඇත්තේ මිශ‍්‍ර ආකල්පයකි. සර්ව ජන ඡුන්ද බලය ලැබීම සමග විජාතික බලවේග වලින් රට මුදවාගෙන ජනතාවට සැනසිල්ල උදා කරදෙන රටක් ගොඩනගන අන්දම ගැන මෙරට නායකයන් තුළ බලැපොරොත්තු තිබෙන්නට ඇතුවා සැක නැත. එකී බලාපොරොත්තු එම ආකාරයෙන්ම ඉටුව තිබේදැයි විමසා බැලීම අද අපට ඇති වගකීමකි.

සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ අත්දැකීම් බිහිවූයේ ග‍්‍රීසියේ ඇතැන්ස් නගරයේ. නගරයට එකතුවූ මහජනතාව තමන්ගේ නගරය පාලනය කරගත යුතු අකාරය ගැන තීන්දු තීරණ ගත්හ. ජනගහනය වැඩි වී ප‍්‍රශ්න පැන නගින විට නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ සංකල්ප පැන නැංගේය. ලේකයේ නොයෙක් රටවල් අද පවත්වාගෙන යන්නේ මෙම නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයයි. පාලනයට කෙලින්ම සම්බන්ධ විය නොහැකි ජනතාව තමන් කැමති අපේක්ෂකයෙකුට තමන් වෙනුවෙන් රටේ පාලනය සම්බන්ධව තීරණ ගැනීමට නිහ්චිත කාලයකට බලය පවරයි. ඡුන්ද බලය ඇති මහජනතාව ගේ කැමැත්තෙන් බලයට පත්වන නියෝජිතයෝ යුක්ති ගරුකව තම වගකීම ඉටු කරනු ඇතැයි ලෝක සම්මතයි. පාලනය වෙනුවෙන් ව්‍යවස්ථා රාමුවක් තිබේ. ව්‍යවස්ථාවට අනුව රටට ගැලපෙන තීන්දු තීරණ එයට එකතු කළ හැකිය. බි‍්‍රතාන්‍ය ව්‍යවස්ථාවක් නැති රටකි. එහි පාලනය පවත්වාගෙන යන්නේ සම්ප‍්‍රදායට අනුකූලවය. ඉන්දියාව, ඇමරිකාව සහ යුරෝපීය රටවල් ඇතුළු ලෝකයේ විවිධ රටවල්තමන්ට ගැලපෙන ව්‍යවස්ථා මාලාවක් සම්මතකරගෙන සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධානම ලක්ෂණය එක පුද්ගලයෙකුට හෝ එක කණ්ඩායමකට සම්පූර්ණ බලය හිමි නොවීමයි. රටක බලය ඇත්තේ එරට ජීවත්වන මහජනතාවටය. සම්පූර්ණ බලය එක පුද්ගලයෙකුට පැවරීම ජන සම්මතවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ආරක්ෂා කිරීම ස`දහා විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන එකිනෙකට බැ`දී නැති ස්වාධීන ආයතන තුනකි. එම ආයතනතුන මෙහෙයවෙන ආකාරය අනුව මහජනතාවට වඩා සාධාරණ ක‍්‍රමයක් සකස් වෙතැයි දැනට සැලකේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාලන රාමුවක් වන අතර එය ඉතාම උසස් ආකාරය තවමත් සොයා යමින් පවතී. කිසිම රටක එම උසස්ම ක‍්‍රමය පවතී යයි කිසිවෙක- විශ්වාස කරන්නේ නැත. එක් එක් රටවල් තමන්ට ගැලපෙන පරිදි තම සංස්කෘතික අනන්‍යතා ආරක්ෂා කර ගන්නට හැකිවන අකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන රාමුව සකස් කරගෙන තිබේ. එය පැහැදිලි කර ගත හැකි වන්නේ එකම ක‍්‍රමය ඉන්දියාව, ඇමරිකාව හෝ ප‍්‍රංශයේ ක‍්‍රියාත්මක වන අකාරය ගැඔුරෙන් විමසීමෙන් පමණකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාලනයට ගැලපෙන එකකි. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ සංවර්ධනය සම්බන්ධයෙන් විවිධ අදහස් මතවාද පැන නැගී තිබේ. ඒවා විවාදාත්මකය. සංවර්ධන යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කරන ආකාරය ගැන විවේචන ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතිනක5ම අතුරින් ප‍්‍රායෝගික පාලනයක් නමුත් එය ක‍්‍රියාවට නැගීමේ දී නියෝජිතයන් අතර ඇතිවන පරස්පරතා සංවර්ධනය අඩාල කරන බවට මතයක් නැගෙමින් තිබේ.

ආසියානු කලාපය තුළ බලවත් භූමිකාවක් නිරූපනය කළ ලී ක්වාන් යූ මහතා එය නිර්වචනය කළ ආකාරය කදිමය. කාර්මික දියුණුව සිදුවූ වකවානුවේ බි‍්‍රතාන්‍යයේ වැසියන් සියලූම දෙනාට ඡුන්ද බලය තිබුණා නම් එරට අද පවතින සංවර්ධනය පවතින්නට නොහැකි බව හෙතෙම කියා සිටියේය. මාවෝ සේතුං මහජන චීනයේ නායකයා වශයෙන් ඡුන්දයකට ඉදිරිපත්වූයේ නම් ඔහු මැතිවරණයෙන් පරාජයට පත්වනු පමණක් නොව ඇප මුදල පවා අහිමි වනු ඇතැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය. ආසියාවේ කැපී පෙනෙන රටක් වශයෙන් සිංගප්පූරුවේ ආර්ථිකයතුළ විශාල පරිවර්තනයක් ඇති කරන්නට සමත්වූ නායකයකුගේ තක්සේරුව එයයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකින් රටක ගුණාත්මක වර්ධනයක් ඇති කළ හැකිය. නමුත් සංවර්ධන තීරණ හමුවේ ඉක්මනින් ක‍්‍රියා කරන්නට ගත හැකි පියවර සම්බන්ධයෙන් විවේචනයක් තිබේ. මහජනතාව මෙම කරුණු සියුම් ව ගවේශනය කිරීම වැදගත්ම කාරණයයි. ශ‍්‍රී ලංකාවේ පවා බලයට පත්වන ආණ්ඩු අතර ප‍්‍රතිපත්ති එකිනෙකට වෙනස්ය. එවන් පරිසරයක් රට තුළ බිහිකරන අවස්ථා සම්බන්ධයෙන් පරස්පර තත්ත්ව ඇතිවිය හැකිය. එවැනි දේ සිදුව තිබේ. පැවති ආණ්ඩුවක් අනුගමනය කළ ආර්ථික ප‍්‍රතිපත්ති සහ විදේශ සම්බන්ධතා යළි සලකා බලා වෙනස්කම් ඇති කරන්නට මෙරට පැවති සියලූම ආණ්ඩු හැමවිටම ක‍්‍රියා කර ඇත. අවසානයේ දී මෙයින් අත්පත්කර දී ඇති යුගය කෙබ`දු ද යන්න මැනවින් අවබෝධ කරගැනීම පරිනත සමාජයක වගකීමකි.

නිදහස ලබන වකවානුවේ බි‍්‍රතාන්‍ය තුළ අලූත් වාමාංශික අදහස් පැන නැගුණා. එයට පසුබිම කාර්මික විප්ලවය සමයේ කම්කරු නැගිටීමයි. එරට විශ්ව විද්‍යාල වලත් වාමාංශික මතවාද ගැඹූරින් පැවති අතර එම රටවල ඉගෙනුම ලැබූ මෙරට නායකයන්ගෙන් කොටසකට එම අදහස් ඇතුළුවිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නැගෙනහිර එහෙම නැත්නම් ආසියාවේ උරුමය ආයෙත් මතුවෙන්න රට තුළ ඉඩක් ලැබුණේ නැත. නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සාඩම්බරයෙන් කතා කරන නමුත් බටහිර සමාජයෙන් පනවන ලද ආම්පන්න වලින් මිදුනු නිදහසක් ශ‍්‍රී ලංකාවේ පෙනෙන්න නැත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථීකය යන අදහස් පැන නැගුණේ ලෝකයේ බටහිරෙ කලාපයෙනි. ඇමරිකාව නැත්නම් බි‍්‍රතාන්‍ය තමුන්ට අවනත රටවලට මේ ක‍්‍රමය ඉදිරිපත් කළේය. අද ලෝකයේ පවතින ක‍්‍රම අතුරින් දියුණූ වන සමාජයට ගැලපෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථිකය බව සලකේ. යුක්තිය, සාධාරණත්වය හා මානව නිදහසට එහි ගරු කිරීමක් තිබේ. විවෘත ආර්ථීකයේ පවතින තරගකාරීත්වය වඩා සමීප අපේ ජීවිතයටය. මානව පරිනාමයටය. තරගකාරීත්වය හෙයින් සුදුසු දේ ඉතිරි වී නොගැලපෙන දේ ඉවත් වෙනවා මෙන් සාධාරණ සමාජයක තරගකාරීව අනුව විවෘත ආර්ථීකය ක‍්‍රියාත්මක වෙයි. එවිට සමාජයට දියුණූ වෙන්න අවස්ථාව ලැබෙනවා යැයි අප කල්පනා කරයි. නමුත් ඉක්මනින් වෙනසක් ඇති කර සමාජය පවතින තැනින් නිදහස් කර ඉහළට ඔසවන්නට නම් විශාල නියකත්වයක් අවශ්‍යය. එය කළ හැකිවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ දැයි ප‍්‍රශ්න කරන්නට සිදුවෙයි. ලී ක්වානු යූ මහතා ගොඩ නගන තර්කය අනුව ලෝකයේ දියුණුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව එම රටවල තිබුණා නම් බි‍්‍රතාන්‍ය හෝ චීනයේ ඉරණම කුමක් විය හැකිද?

අභියෝග එල්ල වන්නේ අලූතින් හිතන අලූත් විධීයට හැසිරෙන ඉක්මනින් තීන්දු ගන්නා නායකයන් අතට. අනාගතය දකිමින් තමුන්ගේ ඉලක්කය වෙත සමාජය තල්ලූ කරන අසමසම පුද්ගලයන් වෙත. ලෝකය වෙනස් කර ඇත්තේ එවැනි නායකයන්ය. ලෝකයේ වෙනත් තැනෙක කවුරුවත් හදන රාමුවකට තමන් සිර නොවී තමන්ගේ රට හා සමාජය වෙනුවෙන් අනන්‍යතාවයක් ඇති දර්ශනයක් ගොඩනගන්නට හැකියාව උදා කරගත් නායකයන් දෙස ජගත් ප‍්‍රජාව අවධානයෙන් නිරීක්ෂණය කරන බව දැක ගත හැකි තත්ත්වයයි. යතාර්ථවාදීව ලෙස අවධානය යොමු කළොත් සමාජයට සාධාරණ අවස්ථා සපයන සහ අලූත් ධනය බිහි කරන එකම ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ විවෘත ආර්ථීකයයි. නමුත් මේ ක‍්‍රමය රටකට ඇතුල්විය යුත්තේ ඒ ඒ රටට ගැලපෙන අන්දමටය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ විවෘත ආර්ථිකයේ මනා සම්මිශ‍්‍රණයකින්ය. ඉහළම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ සහිතව වේගයෙන් දියුණු වන ලෝකය තුළ සංවර්ධන තීරණ ගැන විවාද කරමින් සිටින සමාජයක අනාගතය අ`දුරුය. සංවර්ධන තීන්දු හමුවේ මහජනතාව ගේ මත නොසලකා අධිපතිව කි‍්‍රයා කරන පාලන ක‍්‍රමයකින් ද රටකට පලක් නැත. අභියෝග හමුවේ ලෝකයේ නොයෙකුත් රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට හැරෙන විට විවෘත ආර්ථිකය අනුව හැසිරෙන විට රටවල් තුළ අනන්‍යතාවය හා උරුමය ගැන ප‍්‍රශ්න ඇතිව තිබේ. ශ‍්‍රී ලංකාව ද ඒ වෙනුවෙන් අවුරුදු තිහක වන්දියක් ගෙවා ඇත. සිවිල් ගැටුම් හා ත‍්‍රස්තවාදය හමුවේ විනාශ වූ ජීවිත හා සම්පත් ප‍්‍රමාණය අති විශාලය.

නමුත් මේ හරය අවබෝධ කරගෙන ගොඩනැගෙන විකල්පය කුමක්විය හැකිද? එක රටකට ගැලපෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය තව රටකට නොගැලපෙන්න නිසැකය. ඒ වගේම සමාජයක් එකමුතු වී ගන්න විසඳුමට වඩා දියුණූ හා සාධාරණ විසඳුමක් යම් ප‍්‍රශ්නයකට දෙන්න ඇතැම්විට එක නායකයෙකුට හැකි වනු ඇත. එම විසඳුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට නොගැලපෙන නිසා සමාජය පීඩා විඳින්න අවශ්‍යද? සංවර්ධනය හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමා මායිම් කොතැනක ද?

මෙම සියල් සංවාද හමුවේ පවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දවෙනස් වෙමින් තිබේ. එය ගමන්කරමින් සිටින්නේ ඇතැන්ස් නුවර තිබුණ සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසටය. නූතනයෙ ්දියුණුවන තොරතුරු තාක්ෂණය එයට මග පාදයි. තවත් අවුරුදු කිහිපයකින් මහජන නියෝජිතයෙකුට තමන් පාර්ලිමේන්තුවේ දී ක‍්‍රියා කළ යුතු අකාරය ගැන විද්‍යුත් පරිගණක ජාලා ඔස්සේ නිතිපතා තොරතුරු හුවමාරු කරගත හැකිය. දේශපාලන පක්ෂය වෙනුවෙන් පත්කර පාර්ලිමේන්තුවට යන නමුත් ඔහු මහජන නියෝජිතයෙකි. පාර්ලිමේන්තු විවාදයක් අවසානයේ දී ඡුන්දය දිය යුතු කවර තින්දුවකටදැයි විමසන මත විචාරණයකින් පසු ඔහු හැසිරෙන ආකාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අලූත් නැමුරුවක් වනු නිසැකය.

පවතින ක‍්‍රමය කුමක් වුවත් අවස්ථානුකූලව තමන්ගේ සංවර්දන මග වේගවත්ව සකස් කර ගත් රටවල් අද අප හමුවේ තිබේ. ඩුබායි රට, අද මැදපෙරදිග කලාපයේ වානිජ කේන්ද්‍රය බවට පත්ව තිබේ. සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ මිශ‍්‍ර කරමින් මුහුණ දී ඇත්තේ එම සාර්ථකත්වයටය. ආරක්ෂාව හා රටේ විනය ඇති පාලන ක‍්‍රමයක් ඔවුන් ගොඩ නගාගත් අතර. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇතැම් පැති ගැන උනන්දුවුණේ පසුව. නීතිය තදින් කි‍්‍රයාත්මක වී නායකයාගේ දර්ශනය අනුව ගමන් කිරීම නිසා ඒ රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තවත් පැත්තකට අද ලෝකයේ බැබලෙන රටවල් බවට පත්ව තිබේ.

ශ‍්‍රී ලංකාවේ තත්ත්වය මේ අදහස් සමග සාකච්ඡුා කිරීම වැදගත්. රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ විවෘත ආර්ථීකය බලහත්කාරයෙන් ඇතුල් කළ හැකිද? එවිට රටේ අනන්‍යතාවයට හෝ පැවති සංස්කෘතිය යටපත් වන්නේ කොහොමද? බාහිර ගුණාංග සියල්ල සහිතව අවුරුදු හැටක් දේශය ගමන් කළේ කවර දිසාවකටද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හෝ ගෝලීයකරණයේ ලක්ෂණ ලංකාවට අත්පත් කර දුන් අවස්ථා මොනවාද? දැන් අපි ආපසු හැරී ප‍්‍රශ්න කළ යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.