» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/09/2020 - දේශය
සංචරණ ආදායම අඩුවන අභියෝගය හා අලූත් අවස්ථා

කොවිඞ් වසංගත තත්ත්වය සමග සංචාරක ව්‍යාපාරයේ සෑහෙන පසුබෑමක් වාර්තා වී තිබේ. ලෝකයේ නොයෙක් ස්ථාන වලින් විකල්ප අත්හදා බලන බව අනාවරණය වෙයි. බි‍්‍රතාන්‍ය කෞතුකාගාරය තාක්ෂණික යෙදවුමක් හදුන්වා දී තිබේ. නිවසකට කොටු වී සිටින සංචරණයට ලැදියාවක් දක්වන්නන්ට අන්තර්ජාලය ඔස්සේ එහි කෞතුක භාණ්ඩ සියැසින්ම දැකබලාගන්නට හැකිය. බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ගැලරි හැටක් ඇති අතර එකිනෙක යුග හා කලාප වලට අයත් වටිනා පුරාවස්තු හා ලේඛන රැස්කර තිබේ. මේවායේ සමහර අංශ වලට මුදල් අය කිරීමක් නොකරන අතර තවත් පැති වලට ගමන් කිරීමේ දී ඇතුළුවීමේ ගාස්තුවක් ගෙවන්නට සිදුවෙයි. අන්තර් ජාලයෙන්කරන නිරීක්ෂණය සැබෑ අත්දැකීමකට සමානය. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ලෝකයේ විවිධ රටවල එකනෙකට වෙනස් කෞතුකාගාර හා ගැලරි දෙදහස් පන්සියයකට වඩා දැන් අතුන්තර් ජාලයෙන් නරඹන්නට හැකියාව තිබේ. ලෝකයේ තැනින් තැන ඇවිද යන සම්පූර්ණ නිදහස අහිමි සමාජ මෙවැනි අවස්ථා වලින් සතුටට පත්වන බව දැක්විය යුතුය.

සෞඛ්‍ය සංචරණය තවත් අංශයකි. නිවසට වී සිටින ජනී ජනයාට තමන්ගේ සෞඛ්‍ය ප‍්‍රශ්න හෝ ආබාධ සම්බන්ධයෙන් ප‍්‍රතිකාර වෙනුවෙන් රටින් රට යන්නට අවස්ථාව තිබේ. ඉතාම ධනවත් පුද්ගලයෝ ගුවන් යානා ක-ලියට ගෙන කෙලින්ම රෝහල් කරා පැමිණෙණ අතර ඉන්දියාව හා සිංගප්පූරුව එකී ව්‍යාපාරයට තරමක් නැඹුරු වී ඇති බව අනාවරණය වෙයි. මෙම වසරේ ප‍්‍රතිකාර පතා කරන සංචරණයෙන් උපයන විනිමය ‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන නමය ඉක්මවනු ඇති අතර එයය එක පැත්තකින් අඩාල වන ආදායම තරමකින් හෝ සමබර කරගන්නට ඇති අවස්ථාවකි. අභියෝගයක් පැන නගින විට එය අවස්ථාවක් කරගන්නට ආයතනික හා රාජ්‍ය මට්ටමින් පියවර ගන්නා බවට කදිම සාක්ෂියකි.

ලෝක සංචාරක සංවිධානයේ අලූත් වාර්තා දක්වන පරිදි ලොව පුරා සිදුවූ සංචරණය වසර විස්සකින් ආපස්සට ගමන් කර තිබේ. වේගයෙන් වර්ධනය වෙමින්තිබුණ ව්‍යුහය වසර විස්සක් ආපස්සට ගොස් ඇත. තාක්ෂණය හා විද්‍යාව දියුණු නැති එම කාලයේ සමහර රටවල් අතර ගමන් කිරිම සදහා නොයෙක් බාධා තිබුණි. ඇතැම් රටවල පැතිර තිබුණ දුප්පත්කම සහ ගැටුම් සංචරණ අවස්ථා යම් ප‍්‍රමාණයකට සීමා කළේය. ලෝකය දියුණු වන විය සංචාරක ව්‍යාපාරය වේගයෙන් වර්ධනය වූ අතර චීන සංචාරකයන් ගේ වර්ධනය ඒ අතරින් කැපී පෙණුනි. ඉතා ධනවත් චීන වැසියෝ සමූහ වශයෙන් විවේදක හා විනෝදය තකා රටින් රට ගමන් කරමින් සිටියහ. එහෙත් කොවිඞ් -19 වසංගත තත්ත්වය අභිමුවෙහි සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නේය. සෞඛ්‍ය විධිවිධාන අනුව සමාජ දුරස්ථභාවය පැනැවීය. වසංගතය රටින් රට පැතිරීම වලකනු සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය තද නීති හදුන්වා දුන්නේය. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි සංචාරක කටයුතු ආශ‍්‍රිතව සේවයෙහි නිරත මිලියන 120 ක පමණ පිරිසකට වෘත්තීය අවදානමක් උද්ගත විය. සංචාරකයන් ගේ පැමිණිම අඩුවන විට හෝටල් හා අවන්හල්වල සේවය කළ පිරිසට රැකියාව අහිමිය. ගනියාව ආරක්ෂා කරගත හැකි වන නමුත් ආදායම පහතට වැටී තිබේ. ගුවන් සේවා සමාගම් අසරණ වී සිටී. මග පෙන්වන්නන් ගේ සිට සංචාරකයන් ඉලක්ක කරගෙන ආහාර පාන සැපයුම්කරන ලද පිරිසට පවා ගැටළුය.ආහාර පාන නිස්පාදනයෙහි නිරතව සිටි අංශ වලට ද බලපෑමක් එල්ල වී තිබේ. සංචාරක ක්ෂේත‍්‍රයේ පිරිවැටුම ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.4 තෙක් ඉහළ නැග තිබුණ අතර සමහරවිට මෙම වසරේ එය ඇමරිකානු ඩොලර් බිලියන 310 කට පමණ සීමා විය හැකි බව පැවසේ. එය බරපතල පරිහානියකි. සංචාරක කර්මාන්තයෙන් යැපුන රටවල් පීඩනයට පත් කර තිබේ. දකුණු ආසියානු කලාපය එයින් ප‍්‍රධානය. නේපාලය යළිත් තම රටට එන සේ ප‍්‍රචාරයක් දියත් කර ඇත. මාලදිවයින තවත් රටකි. එහි අවන්හල්, නිවාඩු නිකේතන හා තරුහෝටල් පාලූ ස්වභාවයක් ගෙන තිබේ. විනිමය ඉපැයූ තුන් වැනි විශාලතම අවස්ථාව අන්තිම අඩුම තැනකට වැටී ඇත.

සංචාරක ව්‍යාපාරය ආශිත වෘර්තීන් හි නිරතව සිටි ලෝකය පුරා මිලියන සංඛ්‍යාත පිරිසකට ප‍්‍රශ්න රැසකි. ජීවත්වීම සදහා පවාආධාර කරන්නට සිදුවී ඇති බව වාර්තා වෙයි. එය පහසු නැත. වසරේ මුල් කාර්තුවේ දී සංචාරණය සීමා වූ අතර අප්‍රේල් හා මැයි යන මාස වල සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබුණි. සියළු රටවල් බාධා ඉවත්කර සංචරණයට දොරටු විවෘත කරන දිනයක් ගැන තවමත් සදහනක් නැත. සංචරණ අවස්ථා සම්බන්ධ බාධා ඉවත් කිරීමෙන් පසු පවා ආකල්ප වෙනස් වී විශ්වාසය තහවුරුවීමට තවත් කාලයක් ගත විය හැකිය.

ලෝකයේ තත්ත්වයට වඩා ශ‍්‍රී ලංකාවේ ස්වභාවය තවත් වෙනස්ය. ඉස්ලාම් අන්තවාදී සංවිධානයක මරාගෙන මැරෙන ප‍්‍රහාර රට ගැන නරක ප‍්‍රතිරූපයක් ඇති කළේය. එතැන් සිට මෙරට සංචාරක අංශය රජයේ සහන වැඩ පිලිවෙල සහිතව පවත්වාගෙන ගිය බව ද දක්වන්නට අවශ්‍යය. සංචාරක හෝටල් සදහා ණය, ආධාර සපයන ලද අතර එහි නිතර පිරිසට පවා විශේෂ පහසුකම් ප‍්‍රදානය කරන පියවර ගෙන තිබුණි. රාජ්‍ය ආදායම ඉතාම යහපත් තැනක නැති අවස්ථාවක නිකුත් කළ හැකි සහන සම්බන්ධධ සීමා තිබේ. වසංගත තත්ත්වය හා ලෝක ආර්ථික තත්ත්වය දුර්වල අවස්ථාවක සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යය. පවතින රාමුවට ගැලපෙන ලෙස වෙනස්කම් සිදුකර පුනරුදයක් කරා අවතීර්ණ විය යුතුය. ලෝකයේ අනෙක් තැනක කරන අලූත් අත්හදා බැලීම් වලට යොමු විය යුතුය. බෞද්ධ රටක් වශයෙන් මෙරට ඇති ආගමික දර්ශන ජාත්‍යන්තරයට පෙන්වා දිය හැකිය. බි‍්‍රතාන්‍ය කෞතුකාගාරය නිර්මාණය කරන ලද අන්දමට වෙහෙර විහාරවල තත්ත්වය, භාවනා වැඩසටහන් සහ සක්මන් ක‍්‍රම සජීවි අත්දැකීම් වශයෙන් ජාත්‍යන්තරයට බෙදා දිය හැකිය. සෞඛ්‍ය සහ සත්කාරකක සේවා වෙනුවෙන් විශේෂ හෝටල් සහ රෝහල් නිර්මාණය කරන්නට බැරි කමක් නැත. ව්‍යවසායකයන් හා රජයේ ප‍්‍රතිපත්ති මෙවැනි පැති සදහා යොමු විය යුතුය.