» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/06/2025 - ඉරිදා ලංකාදීප
පන්සල හා රාජ්‍යය අතර තිබිය යුතු අවබෝධය

2020 ගණන්වල දී ඇමරිකානුවෝ බහුතරයක් ‘‘හැපී හොලිඬේ’’ යනුවෙන් සුබාශිංෂනය කළහ. නත්තලට සුබපතන නිරාගමික ආකාරයක් වශයෙනි. හොද නිවාඩු කාලයක් යැයි ප‍්‍රකාශ කිරීම යහපත් සමාජ පරිවර්තනයකට මූලාරම්භයක් සේ නිර්වචනය කෙරිණ. සමාජ සමානාත්මතාව එහි දී අපේක්ෂා කරන්නට ඇත. එහෙත් ආගමික අනන්‍යතාව කෙරෙහි විශ්වාසයෙන් සිටි කණ්ඩායම එය ප‍්‍රතික්ෂේප කළේය. ක‍්‍රමයෙන් ‘‘මෙරේ ක‍්‍රිස්මස්’’ නැවතත් ව්‍යවහාර වූ අතර වර්තමානයේ දී පැරණි නත්තල් සුබ පැතුම ජන සමාජයේ තහවුරු වී තිබේ.

අධිරාජ්‍යවාදී පාලනය පරාජය කර තුර්කිය අලූතින් ගොඩනගන ලද ෆීල්ඞ් මාර්ෂල් මුස්තාපා කෙමාල් ඇටටාක් ලිබරල් රටක් ස`දහා ප‍්‍රතිසංස්කරණ ගණනාවක් කළේය. ආර්ථික, සමාජ හා සංස්කෘතික පැති සම්පූර්ණ වෙනසකට හැරවීය. එය කොතෙක් ද යත් එතෙක් භාෂාවේ භාවිතා කරන ලද අකුරු වෙනස්කර අලූත් අකුරු ක‍්‍රමයක් පවා රටට හ`දුන්වා දුන්නේය. 1925 සිට 1936 දක්වා කාලය තුළ මතවාද වෙනස් කළ හැකි පරිදි දහස් ගණනක් පාසල් අලූතින් ඇරඹීය. ජාතික ඇ`දුම වෙනස් කරන ලද අතර භාවිත නීති පද්ධති සංශෝධනය කළේය. මෙම පරිවර්තනවලට නායකත්වය දුන් කෙමාල් ඇටටාක්ගෙන් පසු බලයට පත් එර්ඩොවාන් සමග 2000 සිට අද දක්වා කාලය තුළ නැවතත් පැරණි අත්තිවාරම කරා ආපසු යමින් සිටී. අගමැතිධුරයේ සහ අනතුරුව ජනාධිපතිධුරයට පත් වූ එර්ඩොවාන් සමග තුර්කි සමාජය පැරණි ඉස්ලාම් අනන්‍යතා නැවත ස්ථාපිත කරගෙන ඇත.

අලූත් යුගයක් කරා යන ගමනේ දී බිංදුවෙන් පටන් ගැනීම සුදුසු බව ඇතැම් සමාජ ක‍්‍රම විශ්වාස කරන්නට ඉඩ තිබේ. මෙවැනි අවස්ථා ගණනාවක් ලෝක ඉතිහාසයේ ඇත. මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවන ලද පසු සිදු වූ සංස්කෘතික විප්ලවයෙන් උගත් පාඩම ද එයට සමානය. වියට්නාමයේ හා කාම්බෝජයේ දී ද එවැනි තත්ත්ව හමු වී ඇත. ප‍්‍රතිසංස්කරණ පරාජය කරන අතර ප‍්‍රතිවිප්ලවයකට පසු පැරණි උරුමය සහිත පැවැත්ම ස්ථාවර කරගෙන තිබේ.

බලයට පත්ව ඇති අලූත් ආණ්ඩුව පැරණි ගතානුගතික ලක්ෂණ ඉවත් කිරීමට සූදානම් වේ. අලූත් අදහස් ඇතුළු කරන අතර සම්ප‍්‍රදායික ලක්ෂණ බැහැර කිරීමට උත්සාහ කරන බව පෙනේ. ලෝකයේ අනෙක් රටවල ප‍්‍රයත්න අවසානයේ දී සිදු වූ සිද්ධි ඒවායේ අත්දැකීම් උපයෝගීකරගත යුතුව ඇත. භාෂාව, ආගම සහ සංස්කෘතිය පදනම් කරගත් ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවය බැහැර කළ නොහැකිය. වරින්වර නැගෙන අදහස් තාවකාලික වෙනස්කම් ඇතිකරන නමුත් අවසානයේ දී උරුමය යටපත් කරන්නට නොහැකි විය හැකිය. අතීතයෙන් පවා සාක්ෂි තිබේ.

ශ‍්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථාවේ වගන්ති අනුව බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන අතර අනෙකුත් ආගම්වල අයිතීන් ආරක්ෂා කරදෙන බව දක්වයි. බුද්ධ සාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම බව එහි කර තිබේ. මෙම පසුබිම අනුව තීරණ ගැනීමට වගකිවයුතු අංශවලට සිදුවේ. දේශපාලන වේදිකාවේ දී කෙරෙන උද්වේගකර අදහස් සමග එක`ගවන නමුත් සම්ප‍්‍රදායික පැවැත්මෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙන්නට මෙරට ජන ප‍්‍රජාව සූදානම් නැත. ජාතික, සංස්කෘතික උරුමය බුද්ධ දර්ශනයට අනුව සකස් වී ඇති බව පිලිගනී. සිරි දළදා වන්දනාව, වෙසක් උත්සවය, ඉදිරියේ දී පැවැත්වෙන පොසොන් පොහොය මෙරට වැසියන්ගේ අ්‍යන්තරය අනාවරණය කරයි. සම්ප‍්‍රදායට ගරු කරන ආකාරය දක්වයි.

බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වූ නායක ස්වාමීන්වහන්සේලා වෙත රජයේ සපයා තිබුණ ඇතැම් පහසුකම් අඩු කරන්නට තීන්දුවක් ආණ්ඩුව තිරණය කර ඇති බව ප‍්‍රකාශ වී තිබේ. සංඝයා වහන්සේලාගෙන් පැන නැගුණ අදහස මෙහි දි ජනතාව සලකා බලමින් සිටින බව අදහස් වලින් පෙනේ. සමාජ ක‍්‍රමය තුළ පරිවර්තනයක් ඇති කිරීමක දී යම් යම් තද තීන්දු ගැනීම සාධාරණ නමුත් ආගමික, භාෂා හෝ සංස්කෘතික ලක්ෂණවලට අත තැබීම සංකීර්ණතා ඇති කරන බව මතකතබා ගත යුතුව ඇත.

ශ‍්‍රී ලංකාව හා සමාන හෝ එයට ඉහළ තලයකින් රාජ්‍ය හා බුද්ධාගම අතර සබ`දතා පවතින රටවල් ගණනාවකි. තායිලන්තය ඒ අතර විශේෂිතය. චීනය, කාම්බෝජියාව, මියන්මාරය හෝ භූතානය වැනි රටවල් ද භික්ෂුන්වහන්සේලා සහ රාජ්‍ය අතර සබ`දතා ගොඩනගාගෙන තිබේ. ලිබරල් හෝ සමාජවාදී හෝ ප‍්‍රතිපත්ති අනුව සමානාත්මතාවය හෝ වෙනත් ආකල්ප ප‍්‍රවේශ වන නමුත් පදනම බි`ද දැමීමට අයිතියක් නැත. ඇමරිකාව තුළ විශාල වෙනස්කම් සිදුවේ. එහෙත් දෙවියන් විශ්වාස කරන බව එරට ඩොලර් නෝට්ටුවේ තවමත් ස්ථිරවම මුද්‍රණය කෙරේ. ආගමික පසුබිම මගින් රාජ්‍යට කරන බලපෑම එයින් දක්වයි. බි‍්‍රතාන්‍යයේ කිරුළ සමග රජතුමා ඇංග්ලිකන් පල්ලියේ ප‍්‍රධානියා බවට පත්වේ. සවුදි අරාබිය යනු ශුද්ධ වූ පල්ලි දෙකක භූමිය වශයෙන් අර්ථ දක්වයි. රජු නායත්වයට පත්වන පසු මැකා සහ මදීනා යන දේවස්ථාන දෙකක ප‍්‍රධානියා බවට පත්වේ. ඉන්දියාවේ නායකයන් හින්දු ආගම සතු අභ්‍යන්තරය අනුව බලය ලබාගනී. ජපානය සම්ප‍්‍රදායට ගරු කරන රටකි. පන්සල, පල්ලිය හෝ දේවස්ථානයේ නායකත්වය සමග පාලකයන්ට බලය ලැබේ. මෑතක දී ඉන්දුනීසියාවේ මුදල් නෝට්ටුවක් නිකුත් කළ අර එහි ගණ දෙවි ?පයක් ඇතුලත්ය. ඉන්දුනීසියාව ප‍්‍රධාන ඉස්ලාම් ආගමික රටකි. පැරණි උරුමය තිබිය යුතු බව එරට නායකයෝ පිළිතුරු වශයෙන් පෙන්වා දී තිබේ. උරුමය විසින් සමාජය ගොඩනගන හා සමාජ ක‍්‍රමය ආරක්ෂා කරන බවය.

මෙම පසුබිම අනුව ශ‍්‍රී ලංකාව බුද්ධාගම හා රාජ්‍යත්වය සමග ආරක්ෂා කරගත යුතු සම්බන්ධය හ`දුනාගත හැකිය. බුදු දහම අනෙක් ආගම් ප‍්‍රතික්ෂේප කළ අන්තවාදී එකක් නොවේ. බුද්ධාගම ආරක්ෂා කරන සහ පෝෂණය කරන අතර අනෙක් ආගම්වලට ඉඩ දෙන එම අනන්‍යතාව මෙරට තිබුණි. රාජ්‍යත්වයේ සංකේතය දන්ත ධාතුන් වහන්සේ ගේ හිමිකාරීත්වය විය. දළදාව අයිති පුද්ගලයාට බලය ලැබෙන අකර රාජධානි බිහිවන විට දළදා වහන්සේ ද ආරක්ෂා කරගෙන තිබේ. අධිරාජ්‍යවාදී පාලකයෝ ලංකාව යටතකරගත් අතර මෙම ලක්ෂණ අධ්‍යයනය කළ ඔවුහු දන්ත ධාතූන් වහන්සේ ගේ අයිතිය පාලකයාගෙන් බැහැර කර රජමහා විහාරයට හා අධිරාජ්‍යවාදීන් හ`දුන්වා දුන් දියවඩන නිලමේ තනතුරකට පැවැරීය. මෙම වෙන්කිරීම තුළින් ගම්‍යවන අර්බුදය අදටත් අවබෝධ කරගත නොහැකි වී තිබේ. නිදහස සහ ස්වාධීනත්වය වශයෙන් පැරණි අධිරාජ්‍යවාදී ආකෘතිය ආරක්ෂා කරගනිමින් සිටින බව මතක් කළ යුතුය.

රාජ්‍ය හා මහා විහාරය අතර අවබෝධය ගොඩනැගීමත්, භාෂාව, ආගම හා සංස්කෘතික ලක්ෂණ අනුව පාලනය ගැනත් අලූතින් හිතනන ක‍්‍රමවේදයක් අවශ්‍යය. පන්සලට හෝ නායක හිමිාණන් වහන්සේලාට අනුග‍්‍රහය ලැබිය යුතු නම් එයට ඉඩ දිය යුතුය. බුද්ධාගම ආරක්ෂා කරන, විහාරස්ථානයට පහසුව සපයන ප‍්‍රමාණය ගැන සාකච්ඡුා කොට තීරණය කළ හැකිවේ.

පසුගිය දශක ගණනාව තුළ බලයට පත් වූ ආණ්ඩු සහ නායකත්ව මෙරට අනන්‍යතාවය සොයාගෙන ඒ අනුව ජනතාව සංවිධානය කරන ආකෘතිය හ`දුනාගත්තේ නැත. බුද්ධාගම ආරක්ෂා කරන අතර එහි ගුණාංග පැතිරවීම කෙරෙහි අනියත බියක් ඇති කරගෙන සිටි බව පැහැදිලිය. නායකයන්ට, වැඩිහිටියන්ට, ගරු කරන අතර සමාජ විනය හැදෙන්නේ ආගම අනුවය. බුද්ධ දර්ශනය අනුව වැරදිකරන්නට බය හා ලජ්ජාව ඇති සමාජයක් නිර්මාණය කෙරේ. එයින් ඈත් වූ පසු අධිකරණය හා ද`ඩුවම බය සමාජයකින් වංචා ¥ෂණ තුරන් කිරීමට උත්සාහ කිරීම ගැටළුවකි. ජනසමාජය තුළ සැලකිය යුතු පිරිහීමක් තිබේ. ගැටුම් සහිත අතර උද්වේගයෙන් ක‍්‍රියාකරන අවස්ථා බහුලය. භාෂාවෙන්, ආගම හෝ සංස්කෘතික ලක්ෂණවලින් බැහැර වූ පසු සමාජ වටිනාකම් ගිලිහෙන බව දැක්වීම අවශ්‍යය. එහි දී ඇතිවන අභාග්‍ය සම්පන්න මොහොත අද අප ඉදිරියේ ඇත.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් දක්වන්නේ නම් කෘතවේදී වෙමි.

මිලින්ද මොරගොඩ

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.