තරුණ ශ්‍රමය හා එහි සංකීර්ණ ප්රවණතා සම්බන්ධයෙන් ලෝකයේ රටවල් අතර සමානතා තිබේ. සමාන සිද්ධි හා ඒවායේ බලපෑම් හ`දුනාගෙන විස`දුම් නිර්මාණය කළ යුතුය. අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ගැලපෙන රුකියා සොයාගැනීමේ අපහසුතා සෑම රටකම ඇත. දියුණු නොදියුණු වෙනසක් නැත. බලාපොරොත්තු පරිදි රුකියා නොලැබෙන පසු ඉතා සංකීර්ණ සිද්ධි ඇති කරන්නට හේතුවේ. ආදායමක් ලබාගත හැකි වෘත්තිය අවස්ථා යුක්ති සහගත ලෙස සකස් විය යුතුවේ. අරගල, විප්ලව හා ත්‍රස්තවාදී ක්‍රියාවලින් කෙළවර වූ සමාජයක් වශයෙන් අත්දැකීම් සහිත රටක් වශයෙන් තරුණන්ට බලපාන වෘත්තීය අවස්ථා සම්බන්ධ කරුණු ගොනුවන ආකාරය සොයාබැලීම වැදගත්ය.
කර්මාන්ත යුගයෙන් සේවා යුගයට ඇතුළුවන පසු රැකියා වෙළ`ද පොල ස්වභාවය වෙනස් විය. එකිනෙකට වෙනස් රැකියා ස`දහා ඇති ඉල්ලූම වෙනස් වී තිබේ. පර්යේෂණ වාර්තා අනුව ඇතැම් රුකියා අනාගතයට වලංගු නැත. ලිපිකරු, ගිණුම් හා පොත් තැබීම්, ග්‍රැපික් ඩිසයින්, නීති අංශයේ මැදිහත්කරුවන් සහ සංචාරක අංශයේ ඇතැම් අංශ ඒ අතර බහුලය. මෙම ක්ෂේත්රවල අනාගතයේ දී ඇබෑර්තු නැත. පොසිල ඉන්ධන වාහන අලූත්වැඩියා සහ වාහන නඩත්තු ස්ථානවල රුකියා ඉල්ලූම ද පහත වැටෙනු ඇත. තොරතුරු තාක්ෂණ යුගයට ඇතුළුවන පසුබිම තුළ පරිගණක ආශි‍්‍රත සේවා අවශ්‍යතා ඇති වේ.
අලූතින් ඇති කෙරෙන පරිසරය තුළ කෘතිම බුද්ධිය පාලනය කරන කර්මාන්ත හා ව්‍යාපාර යුගයකට ඇතුළුවේ. එම යුගය අතිශය වෙනස්ය. කෘතිම බුද්ධිය පැතිරීම සමග ඇමරිකාවේ සෑම ශ්‍රේණියකම කාර්යාල සේවා වෘත්තිකයන් බ`දවාගැනීම් හරි අඩකින් අඩුවියහැකි බව ගණන් බලා තිබේ. අවුරුදු පහක කාලය ඇතුලත එරට විරුකියාව සියයට දහය හෝ විස්සක ප්‍රතිශතයකින් ඉහළ නැගේ. ලෝක ආර්ථිකය වේගයෙන් වර්ධනය වනු ඇති අතර කාර්යක්ෂමතාව ඉහළ යනු ඇත. සංවර්ධනය වන රටවල අය වැය පාලනය කළ හැකි වේ. කෙසේ වෙතත් යන්ත්‍ර හා තාක්ෂණික මෙවලම් හේතු කොටගෙන අලූතින් ඇති කරන රුකියා ප්‍රමාණය අඩුවේ. කාලානුරූපව රැකියා වෙළ`ද පොල අධ්‍යයනය කිරීම ද, ගැලපෙන පරිදි ශ්‍රමිකයන් බිහිකිරීම ස`දහා අධ්‍යාපන ක්රමයේ වෙනස්කම් අවශ්‍යය. කල් තබා හ`දුනානොගැනීමෙන් සමාජ සංකීර්ණතා තවත් වටයකින් බරපතල පැත්තකට හැරෙන්නට ඉඩ තිබේ. පාලකයන් ඉලක්ක කරන සංවර්ධනය වෙනුවට ගැටළු පැන නැගෙනු ඇත.
අනෙක් අතට වර්තමාන ප්රවණතා දක්වන පරිදි උසස් අධ්‍යාපන පිරිවැය ඉහළ යමින් තිබේ. ඇමරිකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපන වියදම දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ පවා මුලික අධ්‍යාපනය නිදහස් නමුත් විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන සියළුම දෙනාට ප්‍රවේශ අවස්ථා ලැබෙන්නේ නැත. පුද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනවල වියදම අධිකය. උපාධිය ලැබීමෙන් පසුව පවා තවත් වටයකින් වෘත්තීය සුදුසුකම් අවශ්‍ය කෙරේ. පුහුණුව සහ අත්දැකීම් ස`දහා වෙනම තෝරාගැනීමක් ඇත. අතිරේක අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අසමත්වන අවස්ථාවල දී නොගැලපෙන පුද්ගලයෙකු බවට පත්වේ. අලූත් වාර්තා අනුව මෙරට තරුණන් අතරින් අවුරුදු 15-24 අතර වයස් කණ්ඩායමේ විරුකියා ප්‍රතිශතය ඉතා ඉහළය. සාමාන්‍යයෙන් සිදුවන පරිදි මෙම කණ්ඩායම වෙනත් රටකට ගොස් අවස්ථා සොයාගැනීමේ අරමුණකින් පසුවේ.
තාක්ෂණය ඇතුළුවන අතර අධ්‍යාපනය වියදම ඉහළ යන පසු ලෝකයේ අනෙක් තැනක සිදුවෙන්නේ කුමක්ද? ඇමරිකාවේ අලූත් ප්‍රවණතාව උදාහරණයක් සේ සලකා බැලිය හැකිය. වසර හතරක උපාධිය ස`දහා කාලය හා ධනය සලකා බලන තරුණ පිරිස් වෘත්තීය පුහුණුව ස`දහා නැඹුරු වෙමින් සිටී. මෙම වෘත්තීය පුහුණුව නිවාසවල සාමාන්‍ය මෙවලම් නඩත්තුව සම්බන්ධයෙන් බව දැක්වේ. විදුලිය හෝ යාන්ත්‍රික උපකරණ අලූත්වැඩියා කරන මෙවලම් කට්ටලයක් සමග සූදානමින් සිටින මෙම කණ්ඩායම කැ`දවීමක් ලැබුණ වහා යන්ත්‍රෝපකරණ හා මෙවලම් අලූත්වැඩියා කරන සූදානමක පසු වේ. මෙම විශේෂිත පිරිස (ඔදදකඉැකඑ ඨැබැර්එසදබ* යන අලූත් ශ්‍රම පරම්පරාවක් වශයෙන් හ`දුනාගෙන ඇත. මෙම නඩත්තු කටයුතු කෘතීම බුද්ධිය සහිත යන්ත්‍රවලට කළ නොහැක. යන්ත්‍ර විසින් නඩත්තු අව්‍යශතා හ`දුනාගන්නා අතර අලූතින්ම උපකරණගැනීම කෘතිම බුද්ධිය උපදෙස් සපයන බව පෙනේ. සාමාන්‍ය වැසියන්ට එය ගැලපෙන්නේ නැත. විකල්පය වශයෙන් නඩත්තු උපකරණ, යතුරු හා මෙවලම් කටට්ලයක් සහිතව සිටින තරුණ පිරිස් වඩු, මේසන්, විදුලිය, වෙල්ඩිං හා ජලනල වැනි අංශවල සේවා සපයන අයවලූන් ස`දහා අලූත් අවස්ථාවක් නිර්මාණය වන බව දැක්වේ.
අධ්‍යාපන වියදම ඉහළ ගොස් ඇති පසුබිම තුළ ඇති කරන ගැටළු තරුණ දක්ෂතා හ`දුනාගෙන අත්‍යවශ්‍ය වෙනත් පැතිවලට යොමු කරන ආකාරය අධ්‍යයනය කිරීම සුදුසුය. තරුණන්ගේ හැකියාව ස`දහා අවස්ථා ඇති කළ යුතුය. කෘතීම බුද්ධියට ඉඩ දෙන අතර එහි දී ඇති කෙරෙන හිඩැස පිරවීම ස`දහා නඩත්තු කටයුතුවල නිරත ව සිටින ශ්‍රම බලකායක් අවශ්‍ය කෙරේ. ඔවුන්ගේ නිරතවීම්වලින් උපයන ආදායමෙන් තවදුරටත් ඉගෙන ගන්නට උත්සාහ කරන පිරිසක් ද සිටින බව අමතක කළ යුතු නැත. මෙහි දී විධිමත් අධ්‍යාපන ක්‍රමවලට එපිටින් අවස්ථා ඇති කරන්නට ඇතැම් රටවල් තීරණ ගෙන ඇත.
වේගයෙන් වෙනස්වන ආකෘති සලකා බලන පසු මෙරට විශ්ව විද්යාලවලපවා තවමත් පවතින සම්ප්‍රදායික, සමීක්ෂණ, පර්යේෂණ හා ඉදිරිපත්කිරීම් කොපමණ දුරට සාමාන්‍ය ජීවිතයේ දී වැදගත් ද යන්න සොයාබැලීම සුදුසුය. පංති කාමරයේ ඉගැන්වීම හා සමානව ප්‍රායෝගික කාර්ය පුහුණු කළ යුතුවේ. උසස් අධ්‍යාපනය ලබන ඇතැම් පාඨමාලා ස`දහා න්‍යායික පුහුණුව අතරවාරයේ ආයතනවලට අනුබද්ධව ඉගෙනගන්නා දේ ප්‍රායෝගිකව අත්හදා බලන්නට ද අවස්ථාවක් ඇත. එම අංශ තවත් විධිමත් කළ යුතු අතර ආදායම උපයන වෘත්තිය අවස්ථාවලට නැඹුරුවිය හැකි පරිදි සැලසුම් කළ යුතුවේ. වෙනස්වන තාක්ෂණය සමග වරින්වර පුහුණුව ලබාගත හැකි පසුබිමක් ඇති කිරීම ද වැදගත්ය.
ඇමරිකාවේ බිහිවෙන (ඔදදකඉැකඑ ඨැබැර්එසදබ* හා සමාන ඉල්ලූමක් වෙනුවෙන් තරුණ පිරිස සූදානම් කළ යුතුවේ. ප්‍රාදේශීය වශයෙන් ඒවා සංවිධානය කළ හැකිය. ලෝකයේ විවිධ ආකෘතිවල සංවර්ධනය සමග ඇති කරන අලූත් තත්ත්ව සලකා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය කෙරේ. මෙවලම් බෑගයක් සහිතව සූදානමින් සිටින තරුණ ශ්‍රමික පිරිසක් අපට ද ගැලපේ. ශ්‍රී ලංකාවේ එදිනෙදා අවශ්‍යතා ස`දහා හො`ද ඉල්ලූමක් තිබේ. දුරකතන ඇමතුමකින් කතාකර සුළු ඉදිකිරීම් හෝ නඩත්තු සේවාවල නිරත විය හැකි පිරිසක් රටට සූදානම් කරගත හැකිය. ප්‍රමිති සකස් කළ යුතුවේ. විශ්වාසය ඉතාම වැදගත්ය. දැනටමත් තරුණ කොටස් නිවෙස්වලට පැමිණ විදුලිය හා යාන්ත්‍රික මෙවලම් අලූත්වැඩියා කරන බව සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරමින් සිටී. සම්ප්‍රදායික රුකියා වෙළ`ද පොල පරිවර්තනයක පවතින අතර එය කාලීන අවශ්‍යතාවයකි. පසුගිය වසර ගණනාව තුළ පුද්ගල ආර්ථිකය දියුණු වී තිබේ. සෑම නිවසකම විදුලිය උපකරණ කිහිපයක් තිබෙන අතර ඒවයේ නඩත්තු පිරිවැය පහසු නැත. හදිසි අවස්ථාවක සුළු කටයුත්තකට හෝ පුද්ගලයෙකු සොයාගැනීම අපහසුය. උපකරණ අලූත්වැඩියා කරන ස්ථාන දක්වා ප්‍රවාහනය තවත් වියදමකි. මේවා සලකා බලා අලූත් ක්‍රමවේද හ`දුනාගැනීම වැඩදායකය.
අනෙක් අතට ඉදිකිරීම් හෝ නඩත්තු කටයුතු ස`දහා අවශ්‍ය මෙවලම් කටට්ලයක් සහිතව වෘත්තිය සේවා සපයන්නට සූදානම් තරුණ පිරිසට වෘත්තීයවේදීත්වය වැදගත්ය. ලෝකයේ නොයෙක් රටවල සෑම වෘත්තියකටම පාහේ පිලිගැනීමක් තිබේ. උස් පහත් බේධ නැත. ශ්‍රී ලංකාවේ තවමත් සුදු කරපටි රුකියාවලට වෙනස් පිලිගැනීමක් ඇත. ඉහළම පිලිගැනීමක් ඇති රුකියා ස`දහා සැලකිය යුතු තර`ගයක් තිබේ. මෙම තර`ගයට ඇතුළුවිය නොහැකි දක්ෂ තරුණ පිරිසක් ත්රීවිලර් හයර් කරන, කුලී භාණ්ඩ ප්‍රවාහනය වැනි තාවකාලික සේ ස`දහා යොමු වී ඇත. එය ආර්ථික පරිවර්තනයක් ස`දහා ඉක්මන් තීරණ නොගැනීම හේතුවෙන් සමාජයේ ඇති වන අසාධාරණ තත්ත්ව සම්බන්ධ පැතිකඩකි.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් දක්වන්නේ නම් කෘතවේදී වෙමි.
මිලින්ද මොරගොඩ
|