» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/06/2025 - ඉරිදා ලංකාදීප
යුක්තිය රජයන ලෝකයකට කැටුව යන්න

නීතිය හා විධිවිධාන ගැන විවිධ අර්ථකථන තිබිය හැකිය. නීති ක‍්‍රියාත්මක කිරීමේ දී සංකීර්ණතා ඇතිවීමට ඉඩ තිබේ. මෙම පසුබිම තුළ යුක්තිය හා සාධාරණත්වය ඉතාම වැදගත්ය. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය තුළ ප‍්‍රධාන කුළුණු තුනකි. සිවිල් සමාජය හා මාධ්‍ය ද එයට සම්බන්ධ වේ. මේවායේ සම්පිණ්ඩනයකින් පසු යුක්තිය කෙරෙහි බලාපොරොත්තු ඇති කෙරේ. ඇතැම් අංශ අඩ පණ වූ පසු සමබරතාව බි`දවැටේ. සමාජ නොසන්සුන්තා ඇතිවේ. අයුක්තිය හෝ අසාධාරණය ප‍්‍රතික්ෂේප කරන ජන සමාජය නැවත සන්සුන් භාවයක් ඉල්ලා සිටිති. බි`ද වැටුණ පද්ධති කෙරෙහි නැවත විශ්වාසය ඇති කරන පියවර උදෙසා විවිධ රටවල අනුගමනය කරන ක‍්‍රම ගණනාවකි.

ජනජීවිතය ගොඩනගන අතර සාධාරණ අවස්ථා ඇති කිරීම, රටක් පාලන කිරීමේ දී වැදගත්ය. ක‍්‍රියාකරන ආකාරය අනුව නායකයන් කෙරෙහි විශ්වාසය ඇති වේ. ජනතා කැමැත්ත සහ ජනතාව එක`ග කරගෙන ඉදිරි පියවර ස`දහා අවතීර්ණ වියයුතුය. මැතිවරණ ක‍්‍රමය මගින් ව්‍යවස්ථාදායකය හා විධායකය ගැන ජනතා තීන්දුව ලබාගත හැකි අතර අධිකරණය ගැන විශ්වාසය ඇති කිරීම තුළින් යුක්තිය හා සාධාරණත්වය තහවුරුවේ.. අගතියට පත්වූවන්ට සාධාරණයක් ඇති කර යුක්තිය ඉශ්ඨකරන බවට තබන විශ්වාසය පමණක් නොව එහි දි දෙන තීන්දු අධිකරණය කෙරෙහි ගෞරවය ද ඇති කිරීමට ද සමත්විය යුතුය. පාලන ක‍්‍රමයේ ඇතැම් බි`දවැටීම් පවා අධිකරණය මගින් සමබර කරගත හැකි බවට විශ්වාසයක් තිබේ. කෙසේ වෙතත් මෑත කාලය තුළ අධිකරණය සහ එහි තීන්දු ගැන විවේචන පැන නැගිණ. මෙරට පමණක් නොව ලෝකයේ සිද්ධි ගණනාවකි. අධිකරණ කටයුතුවල සම්ප‍්‍රදායික ස්වභාවය ඇතැම් පාර්ශවවල නොසතුටට හේතු වී තිබුණි.

අධිකරණය හා එහි තීන්දු වඩාත් යුක්තිගරුක ආකාරයකට හසුරුවන ක‍්‍රමවේද අලූතින් සකස්වෙමින් තිබේ. මධ්‍යම ඇමරිකානු රටක් වන මෙක්සිකෝව රාමුවෙන් එපිට අත්හදා බැලීමකට ඇතුළු විය. විනිශ්චයකාරවරු තොරාගැනීම ඡුන්දයක් පවත්වන ලදී. එයට අවශ්‍ය නීති සංශෝධනය කෙරිණ. සෑම තලයකම විනිසුරුවරු ඡුන්දයෙන් තෝරාගන්නා ලෝකයේ පළමු රට බවට ස`දහන් වේ. මෙයින් මතු කරන ලද යහපත පමණක් නොව නරක පැති ගැන ද සාකච්ඡුා වෙමින් තිබේ. ඇතැම් මතධාරීන්ට අනුව අධිකරණයට ඡුන්ද පැවැත්වීම කිසිසේත් සුදුසු නැත. එහෙත් මෙක්සිකෝව නිර්භීත අදහස ක‍්‍රියාවට නංවා තිබේ. ඡුන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කළ එරට ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බවුන් මහත්මිය එය ලෝකයේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරණයක් වශයෙන් හ`දුන්වන්නට උත්සාහ කළාය. කෙසේ වෙතත් විනිසුරුවරු 2,700 පමණ තෝරාගැනීමේ ඡුන්ද විමසීම ස`දහා සමස්ථ ඡුන්ද දායකයන්ගෙන් සියයට දහතුනක් පමණක් සිය ඡුන්දය භාවිතා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. ලෝකයේ පළමු වරට විනිසුරුවරු පත්කරගැනීම ස`දහා පවත්වන ලද ඡුන්දයේ දී මහේස්ත‍්‍රාත්වරුන්ගේ සිට ශේෂ්ඨාධිකරණ විනිසුරුවරු දක්වා තෝරාගැනීම විශේෂත්වයකි. එහි දී ප‍්‍රාදේශීය, ජාතික, අභියාචනාධිකරණ හා ශේෂ්ඨාධිකරණ විනිසුරුවරු මහජනතාවගේ කැමැත්තෙන් පත් කිරීම අනුව නියම මහජන අධිකරණයක් තෝරාගෙන ඇති බව ප‍්‍රකාශ වී තිබේ.

මිලියන 130 ක ජනගහනයක් ජීවත්වන මෙක්සිකෝව 1829 දී ස්පාඤ්ඤයෙන් නිදහස ලබා තිබේ. ලෝකයේ ආර්ථික අතින් විශාල රටවල් ලැයිස්තුවේ පහලොස්වැනි ස්ථානයේ දැනට පසුවන අතර විවෘත ආර්ථික ක‍්‍රමයට ඇතුලත්ව සිටී. කෙසේ වෙතත් ආර්ථික වර්ධනය ස`දහා අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති ගැන විවේචන තිබේ. දුප්පත් ජන කොටස් අතෘප්තියෙන් පසුවේ. දේශපාලනය කැළඹිලි සහිත අතර ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් දක්වන පරිදි මෙක්සිකෝව ¥ෂිත තත්ත්වයන්ගෙන් ගහනය. අන්ත ¥ෂිත රටවල් 180 ක ලැයිස්තුවේ 140 වැනි ස්ථානයයෙහි පසුවන අතර දේශපාලනය, ආර්ථිකය හා සමස්ථ ආයතන හා සමානව අධිකරණ පද්ධතිය ද ¥ෂිත බව කියැවේ. ජනාධිපතිනි ක්ලෝඩියා අධිකරණ ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණයක් අරමුණු කරගෙන විනිසුරුවරු තෝරාගැනීමට ඡුන්දයක් පවත්වන ලද නමුත් නුදුරු කාලයේ දී එය ද ¥ෂණයට ගොදුරුවිය හැකි බවට මත ප‍්‍රකාශ වී තිබේ. මෙක්සිකෝ විනිසුරු මැතිවරණයේ දී අපේක්ෂකයන්ට පක්ෂව හා විපක්ෂව ප‍්‍රචාරක කටයුතු තිබුණ අතර ඇතැම් බරපතල චෝදනා සහිත පුද්ගලයන් වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නිතිඥවරු විනිසුරු අපේක්ෂකයන් වූ පසු ඇති විය හැකි අනතුර ගැන විශාල උද්ඝෝෂණ ද තිබුණි.

ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ඉතාම නරක තැනකට පත් වූ පසු සංකීර්ණතා ඇතිවේ. සමාජය අන්තවාදය වෙත තල්ලූ විය හැකිය. ක‍්‍රමය ස`දහා ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. ජනතාවට ගැලපෙන පරිදි වුවමනා කෙරේ. මහජනතාව කැමැති දේශපාලනඥයන් ඡුන්දයෙන් පත්කරගැනීම හා සමානව විනිසුරුවරුන් තෝරාගන්නා ඡුන්දයකින් යුක්තිය ඉශ්ඨ කළ හැකි අතර ක‍්‍රමය වඩාත් යහපත් වනු ඇතැයි ඇතැම් පිරිස් ගොඩනගන තර්කයකි.

අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන අතර යුක්තිය පසි`දලීමේ ක‍්‍රියාවලිය ස`දහා මහජනතාවට යමක් කළ හැකි බව තීරණය කරන රටවල් සීමිත ප‍්‍රමාණයක් තිබේ. ප‍්‍රාන්ත මට්ටමින් විනිශ්චයකාරවරුන් තෝරාගැනීම ස`දහා ඡුන්ද පවත්වන රටවල් අතරින් ඇමරිකාවට ප‍්‍රධාන තැනක් ලැබේ. දේශපාලන අනුගාමික හා එසේ නොවන අය එහි ඡුන්ද ස`දහා ඉදිරිපත්වේ. ප‍්‍රාදේශීය පොලිස් ප‍්‍රධානීන් ද ඡුන්දයෙන් පත්කරගැනේ. ඇතැම් ප‍්‍රාන්තවල විනිසුරුවරයා තව දුරටත් තනතුරෙහි යුතු ද යන්න තීරණය කිරීම ස`දහා ද ඡුන්දයක් පැවැත්වේ. ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පත්කිරීම එරට ජනාධිපතිවරයාට බලය පැවැරෙන අතර සෙනෙට් අනුමැතිය අවශ්‍යය. ජනාධිපතිවරයාගේ නිල කාලය තුළ පත්කිරීම් කළ හැකි සීමාවක් තිබේ. එය අධිකරණයේ සමබරතාවය ආරක්ෂා කරයි. බොලිවියාව 2011 සිට ශේෂ්ඨාධිකරණ විනිසුරවරු තෝරාගැනීමේ දී ඡුන්ද පවත්වයි. උතුරු මරියානා ¥පත් ද ඔවුන්ගේ ශේෂ්ඨාධිකරණ විනිසුරුවරු නිල කාලය තව දුරටත් දීර්ඝ කරගැනීම ස`දහා ජන මතය විමසන රටකි. ජපානයේ ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ කාලසීමාව වසර දහයකට පසු දීර්ඝ කිරීමේ දී මහජන මතය විමසා බැලේ.

බි‍්‍රතාන්‍ය හ`දුන්වාදුන් අධිකරණ හා නීති පද්ධතියක් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වේ. ඇතැම් වෙනස් ලක්ෂණ හ`දුන්වා දී ඇති නමුත් මුලික රාමුව වෙනස් කොට නැත. ක‍්‍රමවේදය හා නීතිඥවරුන්ගේ තර්ක අවසානයේ දී දෙන තීන්දුව ගැන විවිධ අර්ථකතන තිබේ. බි‍්‍රතාන්‍ය පවා ඔවුන්ගේ ක‍්‍රම වෙනස්කර අලූත් අංශ හ`දුන්වා දී ඇත. පොලිස් හා අපරාධ කොමිසමක් තිබේ. ශ‍්‍රී ලංකාවේ පැරණි ව්‍යුහය තිබේ. ගෞරවය ඉක්මවා ගිය අධිකරණය කෙරෙහි ඇති බිය විශේෂිත පැත්තකි. අධිකරණයේ පෙනීසිටිම ස`දහා නීතිඥ සහාය අවශ්‍ය අතර එය ඉතා අධික වියදම් සහිත කටයුත්තකි. අවශ්‍ය පිරිස් ස`දහා නීති ආධාර ක‍්‍රියාවලියක් තිබේ. එහෙත් ඒවා පුලූල් සහ ජනතාව අතර පැතිරී නැත. නීති කෘත්‍යයක් අවසානයේ දී තීන්දුව ස`දහා ගතවන කාලය ප‍්‍රශ්නයකි. පරම්පරා ගණනක් ගතවන නඩු විභාග ඇත. දීර්ඝ නඩු විභාග අවසානයේ දී අගතියට පත් පාර්ශව බලවත් වෙහෙසට පත්වන බව පෙනේ. අපරාධ නඩුවල දී ජුරි සභාවක් සම්බන්ධවන නමුත් එය සම්පූර්ණයෙන්ම අන්තර්ගතය හා සම්බන්ධ නැත. මහජනතාව හා අධිකරණය අතර ක‍්‍රියාවලිය අතර කාර්ය සරල කරන්නට සාධකයක් වී නැත. අධිකරණ ක‍්‍රියාවලිය ඉක්මන් කරන යෝජනා තිබෙන අතර සමාජ සාධාරණත්වය ඉදිරියේ ඒවා ඉතා සංකීර්ණය. විත්ති පාර්ශවයට ද ඉදිරිපත් කළ හැකි කරුණු ඇති අතර ඒවා සම්පිණ්ඩනය කර ඉතා සාධාරණ තීන්දුවක් ස`දහා කාලය අවශ්‍ය කෙරේ.

මහජනතාවට අවශ්‍ය නීති රීති හා අධිකරණ ක‍්‍රමවේද පුලූල්ව සාකච්ඡුා කළ යුතුය. ඇතැම් සිද්ධිවල දී අධිකරණය වෙනුවට සමාජය ද`ඩුවම් කරන අවස්ථා තිබේ. හදිසි අනතුරු, සොරකම් හෝ ඇතැම් වංචා සම්බන්ධයෙන් සමාජ කොටස් ක‍්‍රියාත්මකවන සිද්ධි පසුගිය කාලයේ අනාවරණය විය. අධිකරණය ඉතා සූක්ෂමව කරුණු සොයාබලන අතර යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනීසිටීම අවශ්‍යය. පද්ධතියේ වෙනස්කම් ඇති කිරීමට අවශ්‍ය ද යන්න වගකිවයුතු අංශ තීරණය කළ යුතුය. එම පරිවර්තනය ස`දහා අවශ්‍යකරන අත්දැකීම් ලෝකයේ නොයෙක් තැන්වලින් ලබාගත හැකිය. වෙනත් රටක අත්‍යවශ්‍යයෙන්ම සිදුකරන සංශෝධන ශ‍්‍රී ලංකාවට ගැලපෙන්නේ නැත. සංස්කෘතිය හා සමාජයේ ප‍්‍රවණතා කෙරෙහි සංවේදී විය යුතුවේ. ශ‍්‍රී ලංකාවේ අධිකරණ ක‍්‍රමය තුළට මැතිවරණ ඇතුළු කළහොත් තවත් ව්‍යාකූලතා ඇතිවිය හැකි අවදානමක් තිබේ. කෙසේ වෙතත් ඉක්මන් තීන්දු දෙන අතර ක‍්‍රමය ගැන විශ්වාසය ඉතාම වැදගත්ය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් දක්වන්නේ නම් කෘතවේදී වෙමි.

මිලින්ද මොරගොඩ

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.