12/11/2023 - ඉරිදා ලංකාදීප
මිලින්ද මොරගොඩ අනුරාධපුර පූජා නගරයේදී මහ නාහිමියෝ මුණ ගැසෙති
 
මිලින්ද මොරගොඩ  අනුරාධපුර පූජා නගරයේදී මහ නාහිමියෝ මුණ ගැසෙති

ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් සේවය කර නැවත කොළඹට පැමිණ සිටින මිලින්ද මොරගොඩ මහතා අනුරාධපුර පූජා නගරයට ගොස් ජය ශ්‍රී මහා බෝසමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

නුවර කළාවියේ මහා නායක අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් මුණ ගැසුණු මොරගොඩ මහතා සිය රාජකාරි කටයුතුවල නිරත වූ කාලවකවානුවේ ඉටු කළ කාර්ය භාරය මෙහි දී පැහැදිලි කළේය.

ආර්ථික හා සමාජ කරුණු අලලා සකස් කළ මොරගොඩ මහතා ලියන ලද ලිපි එකතුවක් සහි කෘති මෙහි දී නායක හිමිපාණන් වෙත පිරිනැමිණි. රජරට විශ්ව විද්‍යාලයේ කුලපති සහ රුවන්වැලි මහා සෑ විහාරාධිකාරි මහා නායක ඊතලවැටුණ වැව ඤාණතිලක හිමියන් ද මුණ ගැසී ආශිර් වාද ලබාගත් අතර පසුව වාරියපොල ශ්‍රී සුමංගල මහ පරිවෙණාධිපති ආචාර්ය තුඹුල්ලේ සිලක්ඛන්ද නිමි පාණන් ද මුණ ගැසුණි. "උරුමයක උල්පත්" පදනමේ මහ ලේකම් ආර්. ඒ .ඩී සිරිසේන සහ සම්පත් රඔුක්කනගේ මහන්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.