17/09/2023 - දේශය
අදානි සහ හින්දුජා සභාපතිවරු මහකොමසාරිස් මිලින්ද මොරගොඩ හමුවෙති
 
අදානි සහ හින්දුජා සභාපතිවරු මහකොමසාරිස් මිලින්ද මොරගොඩ හමුවෙති

මේ සැප්තැම්බර් මාසය අග සිය දෙවසරක නිල සේවා කාලය අවසන් කරන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පසුගියදා ඉන්දියාවේ පුමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන් දෙදෙනකු මුණගැසුණු අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා ආර් ථික වර්ධනය අරමුණු කරගත් ආයෝජනවලට ඉදිරිපත් වීම ගැන මෙහිදී කෘතඥතාව පළ කෙරිණ.

අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා මහ කොමසාරිස් මොරගොඩ මහතා වෙනුවෙන් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පසුගිය සති අන්තයේ ඔහුගේ නිවෙසේදී සංවිධානය කළ අතර හින්දුජා සමූහයේ යුරෝපා සභාපති ප්‍රකාශ් හින්දුජා මහතා ද මහ කොමසාරිස්වරයාට සමුගැනීමේ දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි.

1988 දී ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද අදානී ව්‍යාපාර සමූහය ඉන්දියාවේ විශාලතම් ව්‍යවසාය අතරින් එකක් වන අතර එහි ව්‍යාපාර වලට වරාය කළමනාකරණය, විදුලිබල උත්පාදනය සහ සම්ප්‍රේරෂණය පුනර් ජනනීය බලශක්තිය, පතල් කැණීම, ගුවන් තොටුපළ මෙහෙයුම්, ස්වාභාවික වායු, ආහාර සැකසීම සහ යටිතල පහසුකම් යනාදිය ඇතුළත් වේ. හින්දුජා සමූහයට අයත් ව්‍යාපාර අතර මෝටර් රථ, ඛනිජ තෙල් සහ විශේෂිත රසායනික ද්‍රව්‍ය, බැංකු සහ මූල්‍ය, බලශක්තිය ඇතුළු අංශ එකොළහක පවතින ඉහළම ඉන්දියානු අන්තර්ජාතික සමූහ ව්‍යාපාරයකි. මෙම සමාගම් ශ්‍රී ලංකාව තුළ සැලකීය යුතු ලෙස ආයෝජනය කර ඇති අතර ඉදිරියේදී තවත් ව්‍යාප්ත කිරීමට යෝජිත බව ප්‍රකාශ වී තිබේ.

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.