21/01/2014 - ලංකාදීප
පාත්ෆයින්ඩර් පදනමට චීනයෙන් සම්මානයක්
 
 

පාත්ෆයින්ඩර් පදනම සිය හො`දම හවුල්කරුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු ලෙස නම් කරන මහජන චීන සමූහාණ්ඩුවේ කොළඹ තානාපති කාර්යාලය පාත්ෆයින්ඩර් සේවාව ඇගයීමකට ලක්කර සම්මානයක් පිරිනමයි. චීන නව වසර සැමරීම සහ ශ‍්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැති විශේෂ උත්සවයක දී මේ ස`දහා වූ සම්මානය චීන තානාපති වූ ජින්ගාවෝ උම න්‍ස්බටය්ද මහතා විසින් පාත්ෆයින්ඩර් නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතාට පිරිනමන ලද අවස්ථාව ඡුායාරූපයෙහි දැක්වෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන, විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුලූ දෙස් විදෙස් ආරාධිතයන් රුසක් මෙම අවස්ථාවට සහභාගී වුහ. ආර්ථික පර්යේෂණ සහ ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් ක‍්‍රියාකරන දේශීය විද්වත් ආයතනයක් වන පාත්ෆයින්ඩර් පදනම මෑත කාලය තුළ ශ‍්‍රී ලංකාව සහ චීනය අතර සබ`දතා වර්ධනය කරන්නට ඉටු කළ මෙහෙවර සලකා මෙම සම්මානය පිරිනමන්නට හේතු වූ බව චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.