22/09/2023 - මව්බිම
නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති සබදතා වැඩි කෙරේ
 
නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති සබදතා වැඩි කෙරේ

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වගකීම තවදුරටත් පුළුල් කරමින් ලෝකයේ රටවල් සියයක තානාපති හා මහ කොමසාරිස් කාර් යාල සමඟ රාජකාරි ආවරණය කරන්නට සිදුවී ඇත. ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ස්ථාපිත කර නැති දූත මණ්ඩල ප්‍රධානීහු නවදිල්ලියේ සිට නිල කටයුතු මෙහෙය වන අතර නවදිල්ලි මහ කොමසාරිස් කාර් යාලය හා විදේශ අමාත්‍යංශය සම්බන්ධකරණය තුළින් අවස්ථා ලබා ගැනීමට සිදුවී තිබේ.

ශ්‍රී ලාංකිකයන්ට අධ්‍යාපන හා සංචාරක අවශ්‍යතා සඳහා විසා ලබා ගැනීමේදී සහ වළෙඳ සහ ආයෝජන අවස්ථාවලදී නවදිවියේ පිහිටි මෙම දූත මණ්ඩල සඟ කටයුතු කරන්නට සිදුවීම් මෙහිදී විශේෂ තත්ත්වයකි.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල කටයුතු කරන්නට අපේක්ෂිත වැඩ් තානාපතිනි දිල්ලා ලුසියෙන්නේ මහත්මිය ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හමු වී වැඩි රාජ්‍යයේ අපේක්ෂාව පැහැදිලි කළේය. වැඩි සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමේ ගිවිසුම් තව නොබෝ දිනකින් අස්සන් තැබීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී. විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වූ පසු, නවදිල්ලියේ වැඩි තානාපතිවරයා ශ්‍රී ලංකාවට සමගාමීව රාජකාරී කරනු ලබන අතර, නවදිල්ලියේ සිට කොළඹට සමගාමීව රාජකාරී කරන 100 වැනි රාජ්‍යතාතාන්ත්‍රික දුත මණ්ඩලය බවට පත්වනු ඇත.

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.