26/11/2023 - දේශය
මිලින්ද මොරගොඩ මාතර අන්තර් ක්‍රියාකාරී සැසියක
 
මිලින්ද මොරගොඩ මාතර අන්තර් ක්‍රියාකාරී සැසියක

මාතර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් සහභාගී වූ විද්වත් මතධාරි පිරිසක් මුණගැසුණු මිලින්ද මොරගොඩ මහතා එහිදී ඔවුන් සමඟ කාලීන සමාජ ගැටලු සම්බන්ධ අන්තර් ක්‍රියාකාරී අදහස් හුවමාරුවකට සහභාගී විය. විවිධ දේශපාලන පසුබිම් වලින් සහ අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, නීතිඥ බැංකුකරුවන්, ඇතුළු වෘත්තිකයන් සහ බිම්මට්ටමේ ක්‍රියාකාරින් සමාජ නායකයන් සමඟ අද ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග සහ විසඳුම් සෙවීමේ විවිධ ප්‍රවේශයන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කිරීමෙන් පසු කොළඹට පැමිණි මොරගොඩ මහතා වෙනුවෙන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන පදනම් සහ එහි කැඳවුම්කරු පසඳ යාපා අබේවර්ධන මහතා පසුගියදා මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.

මේ අතර මිලින්ද මොරගොඩ මහතා මාතර මහා මන්තින්ද පිරිවෙණට ගොස් පරිවේණාධිපති තිස්ස මහාරාමයේ ඉන්ද්‍රානන්ද හිමි සහ තෙලිජ්ජවිල පරගොඩ පුරාණ විහාරයට ගොස් විහාරාධිපති පරදුව ජිනරතන හිමි බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.