29/10/2023 - දේශය
මිලින්ද මොරගොඩ ලියූ “අශෝක වදන” මුල් පිටපත මල්වතු- අස්ගිරි නාහිමිවරුන්ට
 
මිලින්ද මොරගොඩ ලියූ “අශෝක වදන” මුල් පිටපත මල්වතු- අස්ගිරි නාහිමිවරුන්ට

මිලින්ද මොරගොඩ මහතා විසින් ඉරිදා ලංකාදීප පුවත්පතට සතිපතා ලියන ලද අශෝක වදන තීරු ලිපිය කෘතියක් වශයෙන් පළ කරන ලද අතර එහි මුල් පිටපත මල්වතු අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහානායක හිමිවරුන් වෙත මහනුවර දී පිළිගැන්වීය.

ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් මිලින්ද මොරගොඩ මහතා කටයුතු කළ කාලවකවානුවේ පළ කළ ලිපිවලින් තෝරාගත් කාලීන කොටස් මෙහි ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලංකාවේ සමාජ සන්දර්භය තුළ සාකච්ඡාවට ලක් විය යුතු දේශපාලන, ආර් ථීක සහ සමාජ විද්‍යාත්මක අංගවල ඉන්දියානු අත්දැකීම් ශ්‍රී ලාංකිකයන්ට ඉදිරිපත් කිරීම මෙහි අරමුණ විය.

තිබ්බොටුවාවේ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ, වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මකුලෑවේ විමල රාමඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ආශෝක වදන ග්‍රන්ථයෙහි පිටපත් පිළිගන්වන ලදී.

උරුමයක උල්පත මහ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන සහ සම්පත් රමුක්කනගේ මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. මෙම ලිපිපෙළ දෙමළ පරිවර්තනයක් වශයෙන් ද ඉරිදා තිනකරන් පුවත්පතේ පළ වූ අතර එහි මෙම තෝරාගත් ලිපිවල දෙමළ පිටපත ළඟදීම ප්‍රකාශයට පත් කරන්නට නියමිතය.

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.