මිලින්ද මොරගොඩ, ප‍්‍රකට ලෝක නායකයන් සමග මුහුණට මුහුණලා පවත්වන සංවාදශීලී රූපවාහිනී වැඩසටහන් මාලාව ‘‘ඉන් බ්ලැක් ඇන්ඞ් වයිට්’’ නැවත විකාශය කෙරේ. 2019 ජුනි 30 වන දින සිට රාත‍්‍රී 8.30 ට චැනල් වන් නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන මෙය සිංහල හා දෙමල උපශීර්ෂ සහිතව සිරස ටී.වී. හා ශක්ති ටී.වී. මගින් විකාශය කරනු ඇත.

දෙවන අදියරේ පලමු වැඩසටහන සදහා ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු හිටපු සහකාර ලේකම් රොබට්ඕ. බ්ලෙක් මහතා සහ දෙවැනි වැඩසටහන සදහා කොළඹ සේවය කළ ඉන්දියාවේ හිටපු තානාපති සහ ඉන්දියානු රාජ්‍ය ආරක්ෂක උපදේශක ශිවෂංකර් මෙනන් මහතා සහභාගී වීය.

මිලින්ද මොරගොඩ විසින් මෙහෙයවනු ලැබූ ප්‍රථම රපවාහිනී වැඩ සටහන වූ ඉන් බ්ලැක් ඇන්ඞ් වයිට් 1994 - 2005 කාලයේ දී එවකට සිටි ප‍්‍රකට අන්තර් ජාතික චරිත සමග කරන සංවාදයක් වශයෙන් විකාශය විය. පසුව චැනල් නිවුස් ඒෂියා සමාගම මගින් එම සාකච්ඡා මැදපෙරදිග හා ආසියාවේ රටවල් දහයක ප‍්‍රතිවිකාශය කරන ලද අතර එසේ විකාශයවු මෙරට පළමු හා එකම වැඩ සටහන බවට පත් වීම මෙහි විශේෂත්වයකි. චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් සම්මුඛ සාකච්ඡා පටිගතකිරීම ප්‍රථමයෙන් රූපවාහිනී ක්ෂේත්‍රයට හදුන්වාදෙනු ලැබුයේද මෙම වැඩ සටහන් මාලාවයි.

 
» දෙවන අදියර (2019 සිට මේ දක්වා)
 
» පලමු අදියර (1999-2004)
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.